Showing posts with label අනං මනං. Show all posts
Showing posts with label අනං මනං. Show all posts

11 May 2025

වෙසක් කූඩු

 මේ ටිකේම අපේ පොඩි එක්කෙනා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පාර දෙපැත්තෙම වගේ වෙසක් කූඩු විකුණන කඩ දැකලා දැකලාම වෙසක් කූඩුවක් ගෙදර හදන්ඩ ඕන කියලා කෙඳිරි ගඟා ඉන්නවා. එක කූඩුවක් දෙකක් නම් බැරි යෑ... කූඩු 4ක් හදන්ඩ ඕන කියලා තමයි කියන්නේ. 😕

ඉස්සර මම පොඩි කාලේ නම් මල්ලිත් එක්ක එකතු වෙලා සෑහෙන කූඩු ගණනක් හදලා ඇලෙව්වට දැන් නම් කූඩුවක් දෙකක් අලවන්නත් කම්මැලියි වගේ. ඉතින් ගිය සිකුරාදා කඩේකට ගිහින් හදපු වෙසක් කූඩු දෙකක් ගෙනාවා. 👍

07 May 2025

පලාත් සභා ඡන්දේ

 ඔන්න එහෙනං පළාත් සභාවත් දිනා ගත්තා එහෙනම්. තව ඉතින් මහජනතාවගෙන් කියලා දෙන්න කිසිම මනාපයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ ඔය දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුකූලව වැඩ ටික පෙන්නගෙන මිනිස්සුන්ගේ මනාපය දිගටම පවත්වාගෙන යන්ඩයි.

එහෙම නැති උනොත් ආයේම සීයේට තුන වෙනකන් පහල බහින්නත් බැරි වෙන්නේ නෑ මයේ හිතේ.

06 May 2025

Alice in Borderland

 අද නිවාඩු දවසක්.... ඒ වෙන මොකක්වත් හන්දා නෙමේ. ඒ පලාත් සභා ඡන්දේ පැවැත්වෙන නිසා. ඉතින් වෙනදා වගේම උදෙම්ම ගිහින් ඡන්දේ දාලා ගෙදර ආවා. ඒ ඇවිල්ලා කම්මැලිකම යන්නත් එක්කම අන්තර්ජාලයේ ටිකක් කරක් ගහනකොට තමයි මේ ටීවි සීරිස් එක හම්බ උනේ.

මේක නම් සෑහෙන්න පරණ ටීවි සීරිස් එකක්. මේකේ එන කතා වස්තුව ටිකක් ස්කුයිඩ් ගේම් එකේ එන කතාවට සමානත්වයක් දරනවා. ඒ ටීවී සීරිස් එකේ නම තමයි මේ බ්ලොග් පෝස්ට් එකේ ටයිටලේට දාලා තියෙන්නේ.

01 May 2025

ප්‍රැට්‍රෝල් මැස් එක

 මළ ගෙවල් ගැන මම කලිනුත් මේ බ්ලොග් එකේම ලිපි කිහිපයක් ලියලා තියෙනවා. එක එක පළාත් වල අවමංගල්‍යය චාරිත්‍ර ගැන එහෙම මම ලිපියක් ලියලා තියෙනවා. මේ ලිපියත් අවමංගල්ල ගැනම ලියවෙන්න යන එකක්.

මළ ගෙවල් ගැනම ලියැවෙන්න හේතුව තමයි ඊයේ පෙරේදා අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙකුගේ තාත්තා හදීසියේම අන්ත්‍රා උනා. ඉතින් මමත් ගියා ඒ අවමඟුලට සහභාගි වෙන්න.

අවමඟුලක්, මගුල් ගෙයක් එහෙම කියන්නේ ඉතින් අහල පහල කට්ටිය එකතු වෙලා රටේ නැති වල් පල් කියවන්න හොඳ වේදිකාවක් තැනෙන අවස්ථාවක් නෙව. ඉතින් කට්ටිය එකේක දේ ගැන කතා කළා.

ඔය අතරේ ටිකක්  වයසක මාමා කෙනෙක් "දැං වගේ ලැයිට් තිබ්බට ඉස්සර නම් මළගේකට පැට්‍රෝල් මැස් එකක් නැතුවම බෑ. ප්‍රැට්‍රෝල් මැස් එකයි මළගෙයයි කියන්නේ ඉතිං අමුඩෙයි පුකයි වගේ. දෙන්නට දෙන්නා නැතිවම බෑ..." කියලා කිව්වා.

26 April 2025

ජොබ් ඉන්ටර්විවු

 මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.

දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම තොරතුරු තාක්ෂණය කියන අංශයෙන් රස්සාවක් හොයන එක හරිම අමාරු වෙලා තියෙන කාළයක් මේක. 

ඒකට ලොකුම හේතුව තමයි අළුත් අළුත් දේවල් ඇවිත් තාක්ෂණික අංශය සෑහෙන ඉක්මනින් යාවත්කාලීන වෙනවා. කොටින්ම කෘතිම බුද්ධියයි චැට් ජීපීටී වගේ ඒවා නිසා ඉන්ටර්විවු වලින් අහන ගොඩක් ප්‍රශ්න සෑහෙන අමාරුයි.

ඒ විතරක් නෙමේ.

21 April 2025

අදට වසර හයයි

 පාස්කු ප්‍රහාරය සිදුවෙලා අදට වසර 6ක් ගත වෙලා තියෙන්නේ.


මියගිය සියළුම කිතුනු බැතිමතුන්ට දෙවියන් තුල සදාතනික සැනසීම පතමු.

19 April 2025

ඉගැන්වීම් ආධාරක

 ඉස්සර එක වසරට ළමයෙක්  ඇතුලත් වෙච්ච දවසේ ඉඳලා පංති වලට එක එක ජාති ගේන්ඩයි කියනවා. එක දවසක මදටිය ඇට, ඔලිඳ ඇට එහෙම ගේන්ඩ කියනවා. තව දවසක පොල් කුඩු වලට ඩයි දමලා වේලලා ගේන්ඩ කියනවා. ඔය වගේ අටෝරාසියක් දේවල් ඉස්කෝලේට ගේන්ඩ කියනවා.

එතකොට ඉතින් දෙමව්පියෝ වයින් වෙලා වගේ එහේ මෙහේ දුවලා ඕවා අදාල දිනයට ලක ලෑස්ති කරලා දෙනවා.

18 April 2025

කාර්ටූන් පින්තූර

 පහුගිය දවස්වල පින්තූර කාර්ටූන් වලට හරවන රැල්ලක් ගියා නෙහ්. ඉතින් මමත් අපේ පොඩ්ඩාගේ පින්තූර කිහිපයක් කාර්ටූන් වලට හැරෙව්වා. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.

17 April 2025

ඕපන් පේපර්ස් වාහන

 වාහනයක් විකුණනකොට අපි පැවරුම් පෝරමයට (MTA6) අත්සන් කරලා දෙනවා. ඒ අත්සන් කරලා දෙනකොට දිනය ඇතුළු අනෙකුත්  විස්තර පුරවලා දෙන්න පුරුදු වෙලා නෑ. හරිම නම් අපිම ඒ විස්තරත් පුරවපු සම්පූර්ණ කරපු පෝරම් කොළ තමයි ගැනුම්කරුට දෙන්න ඕන.

ඒත් සමහරු අත්සන විතරක් දාලා අනෙකුත් විස්තර කිසිම දෙයක් පුරවන්නේ නැතිව වාහනේ විකුණනනවා. ඒකට කියන්නේ විවුර්ත ලියකියවිලි වලට එහෙම නැත්නම් ඕපන් පේපර්ස් වලට වාහනය විකුණනවයි කියලා.

එහෙම වාහනය විකිණුවාට පස්සේ ගැනුම්කරුට හා විකිණුම්කරුට මුහුණපාන්න වෙන සිදුවීම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

16 April 2025

වාහනයක් විකුණනවා නම්...

 අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.

ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් විකුණනවා නම් කරන්න ඕන දේවල් ගැනයි අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුට නම් වටීවි. පිටරටක ඉන්න කෙනෙක්ට නම් මේ ලිපියෙන් තඹ සතේකවත් වටිනාකමක් නැති වේවි.


මෙන්න මෙහෙමයි කරන්න ඕන.

30 March 2025

මල් සිංදු

කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම මිනිස්සු අතරේ තිබුණෙත් නැති තරම්ම වගේ.

මේ කාලේ තමයි ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායම පීක් එකේ හිටපු කාලේ.

25 March 2025

හතරයි හතරේ රූබික් කැටේ

කලින් වතාවක 3x3 රූබික් කැටය හදපු බ්ලොග් ලිපි ගණනාවක්ම මේ බ්ලොගයේ මම පළ කරලා තියෙනවා නෙව. ඒ දවස්වලම මම ඒ කැටය හදන්න පුරුදු වෙලා දැන් නම් හෝදටම අත හුරුයි. ඒ නිසා ඒ කැටය හදන එක ටිකක් විතර කම්මැලි වැඩක් වෙලයි තියෙන්නේ. ඔය අල්ල පනල්ලේ තමයි මට හිතුනේ හතරේ හතරේ කැටේ ගෙනැල්ලා පොඩ්ඩක් හක්කලං කරලා බලන්න ඕන ය කියලා හිතුනේ.


ඒ කැටෙත් මම ගෙනල්ලා දැන් මාස ගණනාවක් උනත් ඔන්න අද තමයි මම හරියාකාරවම හදාගන්න පුලුවන් උනේ. ඒකත් මේ යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කෑල්ලකට පින් සිද්ද වෙන්ඩ තමයි. 

31 January 2025

පානුයි පරිප්පුයි

පේරාදෙණියේ හොස්ටල් ජීවිතයේදී පාන් වලට හා පරිප්පුවට හිමි වූයේ අත්විතීය ස්ථානයකි. අද්විතීය යැයි මා සඳහන් කරන්නේ උදේ ආහාර වේලට පරිප්පු සමග පාන් නොවරදින දවසක් නැති තරම් වූ නිසා ය. එහෙමත් දවසක පරිප්පු හොද්ද වෙනුවට තක්කාලි හොද්දක් පරිප්පුවේ අද්විතීය තැන ගත්තද ඒ ඉතාමත් කලාතුරකිනි. ඒ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනකි. 


එදවස පාන් බාගයක් හා පරිප්පු හොදි පිගානක මිල රුපියල් තිහකටත් අඩු ය. 


05 January 2025

මග්ගොන

 මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීමට භාවිතා කරන ලද ග්‍රාම නාමයක් වූයේ මග්ගොන ය. 


ආයේ ගහ ගත්තොත් මග්ගොන ගිහින් දමනවා” යැයි බොහෝ දිනවල අපේ රණ්ඩු අවසන් කිරීමට භාවිත විය. 


මොකද්ද මේ මග්ගොන තියෙන්නේ?” යන පැනය අප විසින් නැගූ විට බොහෝ විට අපට ලැබෙන්නේ එකම ආකාරයේ පිලිතුරකි.


08 March 2024

මගේ ඩෙමියෝ එක

කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා.

දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල තියෙන්නේ වාහනයේ තියෙන වටිනාකමට නෙමෙයි. අවුරුදු 20ක් විතර පැදපු ඒවත් සෑහෙන්න මිලෙන් වැඩියි. 

මේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ලංකාවට වාහන ගෙන්වන්නේ නැති වීම. අනිත් හේතුව තමයි වාහන බයින් ඇන්ඩ් සෙලින් කරන කට්ටියගේ වාහන මාෆියාව.

මමත් මගේ පැන්ඩා ක්‍රොස් එක විකුණුවට පස්සේ ගන්න වාහනයක් හෙව්වා. හොඳ වාහනයක් හොයන එකත් ලේසි නෑ.

මුලින්ම අපි කළේ මාලබේ පැත්තේ පොඩි රවුමක් දාන එක. මාලබේ අහවල් කාර් නිවස කියලා හෙන ලොකුවට බිස්නස් එක කරගෙන ඉන්න තැනකට ගියා වාහනයක් බලන්න. ඒකේ අපි හෙව්ව වර්ග මොකුත්ම තිබ්බේ නෑ. අපි හෙව්වේ යාරිස්, වියෝස් හෝ 121 වගේ මොඩල්.

27 February 2024

විකුණනු ලැබේ

 මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.

පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ගොඩක් ලේසියි කියලා. ඉතින් ඒක තමයි පළවෙනිම හේතුව උනේ.

දෙවෙනි හේතුව මේකයි. පැන්ඩා කියන්නේ ඉතින් චයිනීස් වාහනයක්. ඒකේ සේරම පාර්ට්ස් ගේන්නේ චීනයෙන්. ඒ කරලා ලංකාවේ තමා ඇසෙම්බල් කරන්නේ. අමුවෙන් කියනවා නම් පැන්ඩා කාර් වල Build Quality එකයි ෆිට් ඇන්ඩ් ෆිනිශ් එකයි මදි. දොර හැන්ඩ්ල් එහෙම හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. මොකද ඒවා නිකන් කැඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවයි කියලා මට හිතෙන්නේ.

10 February 2024

පැන්ඩා ක්‍රොස් එක

 මීට අවුරුදු දෙකකට ඉහත මම රෝද හතරකට ගොඩ උනා. ඒ ගොඩක් හොඳ වාහනේකට නම් නෙමෙයි. ඒක පැන්ඩා ක්‍රොස් එකක්. චීනයේ හදලා ලංකාවේ මයික්‍රෝ සමාගමෙන් එකලස් කරපු වාහනයක්. මේකේ මැනුවල් සහා ඔටෝ වාහන දෙවර්ගයම ලංකාවේ දකින්න තියෙනවා.

ඒ දෙවර්ගයෙන්ම මගේ බජට් එකට සෙට් උනේ මැනුවල් එකක්. මම වාහනයක් ගන්න යනවයි කියලා කියපුවහම මගේ යාළුවෝ සෙට් එක මට එක එක සිලෙක්ශන් එවුවා. 

ඒ හැම දේකින්ම මම හොඳම ඔප්ශන් එක විදිහට දැක්කේ පැන්ඩා වාහනයකට යන එක හොඳයි කියන එක. ඇල්ටෝ ව්ලට වඩා හ්ඳ ඔප්ශන් ටිකක් එහෙම පැන්ඩා වාහනේ තියෙනවා. 

ගන්න පළවෙනිම වාහනේ හන්දා ළඟ අවුරුද්දක එකකට යන එක නුවණට හුරුයි කියලා තමා කට්ටිය වැඩිමනක්ම කිව්වේ. ඒක නම් ඇත්තා තමයි. මොකද මම පාවිච්චි කරපු අවුරුදු දෙකටම එංජින් ලෙඩ එහෙම ආවේ නෑ. රෙපයාර් ආවත් පොඩි පොඩි ඒවා තමයි සෙට් උනේ.

28 September 2023

හවස් වෙද්දිවත් පායයිනේ

අද නිවාඩු දිනයකි.
මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි.  පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් නොවිනි.

අද දින මා විසින් නිම කළ යුතු කාර්‍යයන් කිහිපයක් තිබුණත් ඒ සියල්ල කිරීමට මා තුල වූ උද්‍යෝගය අදුරු අහස විසින් උදුරාගෙන ඇති බව මට හැඟුණි. මා ගෙයි ඉදිරිපස දොර හැරගෙන එකක් පසුව එකක් වැටෙන වැහි බිඳු දිහා බලාපොරොත්තු සුන් වූ හැඟීමකින් බලා සිටියෙමි. මගේ උද්‍යෝගය සුන් වූවත් මුළු පරිසරයම ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. ගහකොළ පවා ප්‍රබෝධමත් වූ සෙයක් දිස් වේ. පහුගිය දිනවල එකා සීරුවට වැටුණ චණ්ඩ හිරු රැසින් කහ ගැහී වියැලී ගිය මිදුලේ තිබෙන තණ පලසත් අළු ගසා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් සේ ලා දළු දමමින් නැගී සිටින්නේ මින් පෙර අත්විඳි නියඟය ගැන කිසිදු වග විභාගයක් නැති සේ ය.

28 March 2023

හිච්චි උපාලිගේ මෙගා වංචාව

 කාලෙන් කාලෙට මොන මොනවා හරි සිද්ධි ඇවිල්ලා බුකිය ඇඉලෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල බුකිය හොඳටම ඇවිලිලා තියෙන්නේ විනී ප්‍රඩක්ශන්ස් ලාගේ පට්ට ස්කෑම් ප්‍රොමෝශන් වීඩියෝ එක නිසා. වීඩියෝ එකේ නම හිච්චි උපාලි !

ඉතින් මේ වීඩියෝ එක දැක්කට පස්සේ මටත් හිතුනා වීඩියෝ එක පිළිබඳ මගේ සත දෙක ගැන පෝස්ට් එකක් ලියලා දාන්න.

මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කෝ මොකද්ද මේ ස්කෑම් එකෙන් වෙන්නේ කියලා. එක්තරා රෙස්ටුරන්ට් එකක ශාඛාවන් යුරෝපා රටවල් වල ආරම්භ කරන්න යනවලූ. කලින් වීඩියෝ එකක නම් කිව්වේ ලැට්වියාවෙත් මේ රෙස්ටුරන්ට් එකක ශාඛාවක් දාලයි තියෙන්නේ කියලා. ඉතින් ඒකේ වැඩ කරන්න ඕන කරන ශ්‍රමිකයන්ව ලංකාවෙන් තෝරගෙන අදාල යුරෝපා රටවල් වලට නොමිලේම පිටත් කරනවයි කියලා තමා මේකීන් කියැවෙන්නේ. ඊට අවශ්‍ය වෙන වීසා ෆී එක, ටිකට් වී වගේ ඔය එකී මෙකී නොකී හැම ෆී එකක්ම අදාල රෙස්ටුරන්ට් එකෙන් දරනවයි කියලා තමයි වීඩියෝ එකෙන් කියැවුනේ. අයදුම් කරුවන්ට කරන්න තියෙන්නේ ෆොර්ම් එක ඩවුන්ලෝඩ් කරලා රුපියල් 1500ක මුදලක් රෙස්ටුරන්ට් එකේ ගිනුමට බැර කරලා ෆෝර්ම් ඒක එවන එක විතරයි. එතැනින් එහාට හැමදේම ඒගොල්ලෝ බලාගන්නවා කියලා තමයි ඔය ස්කෑම් එකෙන් කිව්වේ.

මුලින්ම කියන්න ඕන ඔය වීඩියෝ එකට සල්ලි ගෙවපු රෙස්ටුරන්ට් කාරයාගේ මාර්කටින් මැනේජර් හෝ මාර්කටින් ටීම් එකේ ප්ලෑන් එක පට්ටම පට්ට ! සුපිරි ඩයල් එකක් හොඳටම හිතලා ගහපු මාස්ටර් ප්ලෑන් එකක් තමයි මේ ප්‍රොමෝශන් එක.

ප්ලෑන් එක සුපිරියක් වෙන්නේ මෙහෙමයි. පළවෙනිම දේ තමයි ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න තෝරගත්තු කස්ටමර් බේස් එක ! විනීලා එක්ක ගොඩක්ම එකතු වෙලා ඉන්නේ ගම්වල ජීවත් වෙලා ඉන්න දුප්පත්, එහෙත් ගේමක් ගහලා ගොඩ එන්න දඟලන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. බොහෝ දුරට මේ අය ටිකක් ඉමෝශනල් සෙට් එකක්. කොටින්ම ඕනෑම ප්‍රශ්නයකට මොළයට කලින් හදවත ඉස්සරහට දාලා කටයුතු කරන සෙට් එකක්. ඒ නිසා ඒ අය අතරේ ස්කෑම් එක ස්ප්‍රෙඩ් කරන එක සෑහෙන්න ලෙහෙසියි.

දෙවෙනි කාරණාව තමයි මේ දවස්වල රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්කම මිනිස්සු උත්සහ කරමින් ඉන්නේ කොහොමහරි ගේමක් ගහලා රට ගිහින් එහේ ස්ථීරවම ජීවත් වෙන්න පුලුවන් විදිහේ ප්ලෑන් එකක් ගහන්න. ඒ නිසා මේ වගේ ස්කෑම් එකක් මේ කාලේ හැටියට ඉක්මනින්ම පැතිරෙන්න ලේසියි.

තුන්වෙනි කාරණාව තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම අඩු මුදලක්. අඩු මුදලක්, වැඩි පිරිසකගෙන් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොර ඒජන්සි, පිරමිඩ් කාරයෝ වගේ ලොකු මුදලක් එක සැරේම ඉල්ලන්නේ නෑ. අනික නැති උනත් නැති වෙන්නේ රුපියල් 1500ක් වගේ ගොඩක්ම පොඩි මුදලක් නිසා ගොඩක් දෙනා නඩු කියන්න යන්නෙත් නෑ. බොහෝ දුරට පොලිසි යන එකකුත් නැති වෙයි. ඒ නිසා වැඩේ චොර උනත් ඔහේ අත ඇරලා දාන සීන් එකක් තමයි තියෙන්නේ. 

24 March 2023

ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම්

 මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.



මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.

මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්‍රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් කේස් එකකින්ම දරුවට සෑහෙන හානියක් වෙච්ච සිද්ධි තිබුනේ. එක්කො කන් අඩි පැලෙන්න ගහලා එක්කෝ තුවලාව වෙන්නම ගහලා වගේ සිද්ධි තමයි අපට අහන්න දකින්න හම්බ උනේ. ඒවට ඉතින් මානව හිමිකම් කොමිසමට නොයා ඉන්නේ කොහොමද ?