Showing posts with label අනං මනං. Show all posts
Showing posts with label අනං මනං. Show all posts

24 April 2026

දුම්රිය අනතුරකට මුහුණ පෑමට සිදු උනෙමි

 වෙනදා වගේම මම පුතාව ඉස්කෝලේට ඇරලවන්න ආවා. උදේ නිකන් වහින්න වගේ අහසේ කළු වලාකුළු තිබ්බ නිසා මම බයිසිකළය පනදුරෙන් දාලා බස් එකේම කළුතරට ආවා. උදෙන්ම හම්බ වෙච්ච මාතර බස් එක නිසා 6:30 වගේ වෙනකොට කළුතරට ඒ ගන්ඩ පුළුවන් උනා.

පුතාව ඉස්කෝලෙන් තියලා මම ආයෙම පානදුරේට එන්ඩ කළුතර ටවුම දිහාවට පයින් ආවා. කළුතර ස්ටේශන් එකට ඇවිත් ටිකට් ගන්නකොටම කළුතරින් පටන් ගන්න කෝච්චිය එන බව දැනුම් දුන්නා. මම ඒ කෝච්චියට නගින්ඩ පළමුවෙනි වේදිකාවට වෙලා ඉන්නකොට තමයි දෙවෙනි දැනුම්දීමක් ලැබුනේ. ඒ බෙලිඅත්තේ ඉදලා එන සාගරිකා කෝච්චිය දෙවෙනි වේදිකාවට එනවයි කියන එක. ඉතින් ස්ලෝ එහෙක යනවට වඩා එක්ස්ප්‍රස් එහෙක ඉක්මනට යන්ඩ පුලුවන් නිසා මාත් දෙවෙනි වේදිකාවට මාරු වෙලා සාගරිකා කෝච්චියට ගොඩ උනා.

උදේ ඔෆිස් ටයිම් එක නිසා ටිකක් සෙනග වැඩියෙන් හිටියා. මාත් බැහැගන්ඩ ලෙහෙසි නිසාම කෝච්චියේ ඇතුලට හිරවෙලා යන්නේ නැතිව දොර කිට්ටුවෙන්ම වගේ උන්නා.

ටික වෙලාවකින් කෝච්චිය කළුතරින් පිටත් උනා.මාත් ඔහේ මනෝපාරක් ගහගෙන හිටියේ. කෝච්චියත් සෑහෙන වේගයෙන් යනවා. හරියටම වාද්දූව ස්ටේශන් එක පහු උනා විතරයි. එක සැරේටම කෝච්චිය උඩ පැන්නා වගේ උනා. අර බස් එකක් ස්පීඩ් බම්ප් එකකින් හයියෙන් ගියහම උඩ යන්නේ.... ආන්න ඒ වගේ කෝච්චිය උඩ ගියා. ඊට පස්සේ මොකවත් හිතන්ඩ වේලාවක් උනේ නෑ. නොහිතන තරම් වේගයකින් කෝච්චිය දෙපැත්තට පැද්දෙන්ඩ ගත්තා.

01 March 2026

අපේ රටේ ගව සම්පත

 අද ඉරිදා දවසේ පුතාවත් වාහනේ දාගෙන දහම් පාසලට ඇරලවන්න පාරට ආවා.  යන ගමන් පුතාට කිය කියා ආවේ පෙට්‍රල් ටිකක් ගහගෙනම යමුද කියලා. පුතාත් ඔලුව වනලා හා කිව්වා. 

කොහොමහරි කතාවෙන් කතාවේ ටවුන් එක කිට්ටුවටත් ආවා. මෙන්න බොලේ ආයෙම පෙට්‍රල් පෝලිමක්.... !

13 February 2026

The Gorge (2025)

 2026 අවුරුද්ද උදාවෙලා මාසයකට වැඩි කාළයක් ගෙවිලා ගිහිනුත් එක්ක. ඒත් බ්ලොග් එකට තවම හරිහැටි එක පෝස්ටෙකක්වත් දාගන්න උනේ නෑ. අද ඒකටත්තෙක්ක හරියන්ඩ කියලා පොඩි දෙයක් ඔන්නොහේ කොටලා දානවා.

දැනට දින කිහිපෙකට උඩදි ලස්සන හොලිවුඩ් චිත්‍රපටියක් බලන්ඩ හම්බ උනා. ඒ චිත්‍රපටියේ නම තමයි The Gorge කියලා කියන්නේ. මේ චිත්‍රපටියේ එන කතාව පොඩිපහේ ආදර කතාවක් උනත් සාමාන්‍ය ආදර කතාවක් වගේ දෙයක් නෙමේ. නිකන් අමුතු කොන්සෙප්ට් එකක් හන්දා අහම්බෙන් හම්බවෙන දෙන්නෙක් අතරේ සිදුවෙන ආදර කතාවක්.

මම කතාව ගැන වැඩි යමක් නන් කියන්ඩ යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසයට බාධා වෙන්ඩ ඉඩ තියෙයි. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු වෙන්නේ නෑයි කියලා හිතෙන තරමේ රසවත් කතාවක්.

02 December 2025

Pray for Sri Lanka

 


26 October 2025

කළුතරට පෙනෙන සමනොළ ගිර

 එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.

එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.

මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.

මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.

11 October 2025

කෝපි

 අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්සක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය.සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය.

වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු පිරී යයි. ඒ වෙන සුවඳක් නොවේ... උණු උණුවේම කබලේ බදින කෝපි ඇට වලින් එන සුවඳකි. කොච්චරවත් කෝපි ඇට වියලා බෝතල් කර තිබුණට ඒවා බැද කුඩු කිරීමට ගෙදර මිනිස්සුන්ට මතක නැත.

06 October 2025

දස වසරක් !

 මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය.

මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය.

පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි.

05 October 2025

ජේම්ස් මොරියාටි

 රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... !

ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නම් ඔහු පාතාලයෙ සෑහෙන්න නමක් දිනාගෙන ඉන්න කුප්‍රකට අපරාධකරුවෙක්.

12 September 2025

සමුගැනීම, අවසානය නොවේ

ඔරලෝසුවේ පාන්දර දෙකේ කණිසම වැදුනි.

එහෙත් නින්ද ඈ අසලට නාවාය වෙනදාට නම් මේ වෙලාව වන විට සුව නින්දක නිදන ඈ, අද නින්දත් නොනින්දත් අතර මැද ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් සිටියාය.


බැරිම තැන ඈ ඇඳෙන් නැගිට වතුර ඩිකැන්ටරයෙන් වතුර වීදුරුවක් නවාගෙන එක හුස්මට පානය කළාය. වතුර වීදුරුව පානය කළ ඈ, කාමරයේ පසෙක වූ ඇඳුම් බෑගය දෙස මද වේලාවක් බලා සිට නැවතත්  ඇඳට ගොඩ වූයේ කෙසේ නිදන්නෙමි යන බලාපොරොත්තුව ඇතුව ය. ඉන් තවත් පැයකට පමණ පසු ඈ නින්දට වැටුනාය.


එහෙත් ඇගේ නින්ද ඉතාමත් කෙටි එකක් විය. ඒ උදේ හතරට පමණ ඈව අවදි කරනු පිණිස සිය මව විසින් දොරට තට්ටු කිරීම නිසාය.


මව විසින් අවදි කිරීමත් සමඟ ඈ හනි හනිකට නාන කාමරයට දිව ගියාය. නාන කාමරයේ වතුර මලෙහි සීතල දිය නා ගත් පසු නාන කාමරයෙන් එලියට පැමිණ මේසේ මත වූ කිරි තේ එක අතට ගෙන උගුරක් බීවාය. ඉන්පසු ඈ කලින්දා ස්තිරික්ත කළ ඇඳුම් ඇඟලා ගත්තාය. කොණ්ඩය ද පීරා ගත් පසු ඈ මඳ වේලාවක් තමාගේම රුව කණ්ණාඩිය තුළින් බලා සිටියාය.

11 May 2025

වෙසක් කූඩු

 මේ ටිකේම අපේ පොඩි එක්කෙනා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පාර දෙපැත්තෙම වගේ වෙසක් කූඩු විකුණන කඩ දැකලා දැකලාම වෙසක් කූඩුවක් ගෙදර හදන්ඩ ඕන කියලා කෙඳිරි ගඟා ඉන්නවා. එක කූඩුවක් දෙකක් නම් බැරි යෑ... කූඩු 4ක් හදන්ඩ ඕන කියලා තමයි කියන්නේ. 😕

ඉස්සර මම පොඩි කාලේ නම් මල්ලිත් එක්ක එකතු වෙලා සෑහෙන කූඩු ගණනක් හදලා ඇලෙව්වට දැන් නම් කූඩුවක් දෙකක් අලවන්නත් කම්මැලියි වගේ. ඉතින් ගිය සිකුරාදා කඩේකට ගිහින් හදපු වෙසක් කූඩු දෙකක් ගෙනාවා. 👍

07 May 2025

පලාත් සභා ඡන්දේ

 ඔන්න එහෙනං පළාත් සභාවත් දිනා ගත්තා එහෙනම්. තව ඉතින් මහජනතාවගෙන් කියලා දෙන්න කිසිම මනාපයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ ඔය දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුකූලව වැඩ ටික පෙන්නගෙන මිනිස්සුන්ගේ මනාපය දිගටම පවත්වාගෙන යන්ඩයි.

එහෙම නැති උනොත් ආයේම සීයේට තුන වෙනකන් පහල බහින්නත් බැරි වෙන්නේ නෑ මයේ හිතේ.

06 May 2025

Alice in Borderland

 අද නිවාඩු දවසක්.... ඒ වෙන මොකක්වත් හන්දා නෙමේ. ඒ පලාත් සභා ඡන්දේ පැවැත්වෙන නිසා. ඉතින් වෙනදා වගේම උදෙම්ම ගිහින් ඡන්දේ දාලා ගෙදර ආවා. ඒ ඇවිල්ලා කම්මැලිකම යන්නත් එක්කම අන්තර්ජාලයේ ටිකක් කරක් ගහනකොට තමයි මේ ටීවි සීරිස් එක හම්බ උනේ.

මේක නම් සෑහෙන්න පරණ ටීවි සීරිස් එකක්. මේකේ එන කතා වස්තුව ටිකක් ස්කුයිඩ් ගේම් එකේ එන කතාවට සමානත්වයක් දරනවා. ඒ ටීවී සීරිස් එකේ නම තමයි මේ බ්ලොග් පෝස්ට් එකේ ටයිටලේට දාලා තියෙන්නේ.

01 May 2025

ප්‍රැට්‍රෝල් මැස් එක

 මළ ගෙවල් ගැන මම කලිනුත් මේ බ්ලොග් එකේම ලිපි කිහිපයක් ලියලා තියෙනවා. එක එක පළාත් වල අවමංගල්‍යය චාරිත්‍ර ගැන එහෙම මම ලිපියක් ලියලා තියෙනවා. මේ ලිපියත් අවමංගල්ල ගැනම ලියවෙන්න යන එකක්.

මළ ගෙවල් ගැනම ලියැවෙන්න හේතුව තමයි ඊයේ පෙරේදා අපේ ගෙවල් කිට්ටුව අයියා කෙනෙකුගේ තාත්තා හදීසියේම අන්ත්‍රා උනා. ඉතින් මමත් ගියා ඒ අවමඟුලට සහභාගි වෙන්න.

අවමඟුලක්, මගුල් ගෙයක් එහෙම කියන්නේ ඉතින් අහල පහල කට්ටිය එකතු වෙලා රටේ නැති වල් පල් කියවන්න හොඳ වේදිකාවක් තැනෙන අවස්ථාවක් නෙව. ඉතින් කට්ටිය එකේක දේ ගැන කතා කළා.

ඔය අතරේ ටිකක්  වයසක මාමා කෙනෙක් "දැං වගේ ලැයිට් තිබ්බට ඉස්සර නම් මළගේකට පැට්‍රෝල් මැස් එකක් නැතුවම බෑ. ප්‍රැට්‍රෝල් මැස් එකයි මළගෙයයි කියන්නේ ඉතිං අමුඩෙයි පුකයි වගේ. දෙන්නට දෙන්නා නැතිවම බෑ..." කියලා කිව්වා.

26 April 2025

ජොබ් ඉන්ටර්විවු

 මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.

දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම තොරතුරු තාක්ෂණය කියන අංශයෙන් රස්සාවක් හොයන එක හරිම අමාරු වෙලා තියෙන කාළයක් මේක. 

ඒකට ලොකුම හේතුව තමයි අළුත් අළුත් දේවල් ඇවිත් තාක්ෂණික අංශය සෑහෙන ඉක්මනින් යාවත්කාලීන වෙනවා. කොටින්ම කෘතිම බුද්ධියයි චැට් ජීපීටී වගේ ඒවා නිසා ඉන්ටර්විවු වලින් අහන ගොඩක් ප්‍රශ්න සෑහෙන අමාරුයි.

ඒ විතරක් නෙමේ.

21 April 2025

අදට වසර හයයි

 පාස්කු ප්‍රහාරය සිදුවෙලා අදට වසර 6ක් ගත වෙලා තියෙන්නේ.


මියගිය සියළුම කිතුනු බැතිමතුන්ට දෙවියන් තුල සදාතනික සැනසීම පතමු.

19 April 2025

ඉගැන්වීම් ආධාරක

 ඉස්සර එක වසරට ළමයෙක්  ඇතුලත් වෙච්ච දවසේ ඉඳලා පංති වලට එක එක ජාති ගේන්ඩයි කියනවා. එක දවසක මදටිය ඇට, ඔලිඳ ඇට එහෙම ගේන්ඩ කියනවා. තව දවසක පොල් කුඩු වලට ඩයි දමලා වේලලා ගේන්ඩ කියනවා. ඔය වගේ අටෝරාසියක් දේවල් ඉස්කෝලේට ගේන්ඩ කියනවා.

එතකොට ඉතින් දෙමව්පියෝ වයින් වෙලා වගේ එහේ මෙහේ දුවලා ඕවා අදාල දිනයට ලක ලෑස්ති කරලා දෙනවා.

18 April 2025

කාර්ටූන් පින්තූර

 පහුගිය දවස්වල පින්තූර කාර්ටූන් වලට හරවන රැල්ලක් ගියා නෙහ්. ඉතින් මමත් අපේ පොඩ්ඩාගේ පින්තූර කිහිපයක් කාර්ටූන් වලට හැරෙව්වා. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.

17 April 2025

ඕපන් පේපර්ස් වාහන

 වාහනයක් විකුණනකොට අපි පැවරුම් පෝරමයට (MTA6) අත්සන් කරලා දෙනවා. ඒ අත්සන් කරලා දෙනකොට දිනය ඇතුළු අනෙකුත්  විස්තර පුරවලා දෙන්න පුරුදු වෙලා නෑ. හරිම නම් අපිම ඒ විස්තරත් පුරවපු සම්පූර්ණ කරපු පෝරම් කොළ තමයි ගැනුම්කරුට දෙන්න ඕන.

ඒත් සමහරු අත්සන විතරක් දාලා අනෙකුත් විස්තර කිසිම දෙයක් පුරවන්නේ නැතිව වාහනේ විකුණනනවා. ඒකට කියන්නේ විවුර්ත ලියකියවිලි වලට එහෙම නැත්නම් ඕපන් පේපර්ස් වලට වාහනය විකුණනවයි කියලා.

එහෙම වාහනය විකිණුවාට පස්සේ ගැනුම්කරුට හා විකිණුම්කරුට මුහුණපාන්න වෙන සිදුවීම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

16 April 2025

වාහනයක් විකුණනවා නම්...

 අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.

ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් විකුණනවා නම් කරන්න ඕන දේවල් ගැනයි අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුට නම් වටීවි. පිටරටක ඉන්න කෙනෙක්ට නම් මේ ලිපියෙන් තඹ සතේකවත් වටිනාකමක් නැති වේවි.


මෙන්න මෙහෙමයි කරන්න ඕන.

30 March 2025

මල් සිංදු

කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම මිනිස්සු අතරේ තිබුණෙත් නැති තරම්ම වගේ.

මේ කාලේ තමයි ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායම පීක් එකේ හිටපු කාලේ.