මේ ටිකේම අපේ පොඩි එක්කෙනා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පාර දෙපැත්තෙම වගේ වෙසක් කූඩු විකුණන කඩ දැකලා දැකලාම වෙසක් කූඩුවක් ගෙදර හදන්ඩ ඕන කියලා කෙඳිරි ගඟා ඉන්නවා. එක කූඩුවක් දෙකක් නම් බැරි යෑ... කූඩු 4ක් හදන්ඩ ඕන කියලා තමයි කියන්නේ. 😕
ඉස්සර මම පොඩි කාලේ නම් මල්ලිත් එක්ක එකතු වෙලා සෑහෙන කූඩු ගණනක් හදලා ඇලෙව්වට දැන් නම් කූඩුවක් දෙකක් අලවන්නත් කම්මැලියි වගේ. ඉතින් ගිය සිකුරාදා කඩේකට ගිහින් හදපු වෙසක් කූඩු දෙකක් ගෙනාවා. 👍
ඉස්සර වගේ නෙමේ... දැන් ප්ලාස්ටික් වලින් ෆ්‍රේම් එක හදපු කූඩුත් තියෙනවා. ගෙදර ගෙනල්ලා ෆික්ස් කරන්න විතරයි ඉතියෙන්නේ. ඊට පස්සේ අලවගෙන යන්න පුලුවන්. කූඩුවේ කොටු ටිකයි ත්‍රිකෝණ ටිකයි හරිම දිග පළලට තියෙන නිසා අලවන්න හරිම ලෙහෙසියි. 😁
ඉතින් ඒ කූඩු දෙක ගෙනල්ලා සව් කොළත් අලවලා තියාගෙන ඉන්නවා. වෙසක් දවසේ උදෙම්ම ඒ ටික එල්ලන්ඩ කියලා. වෙසක් කූඩු අලවන වැඩේට නම් පුංචා හරි ආසාවෙන් හිටියා.
හෙට වෙසක් දවසේ කූඩු දෙක එල්ලලා බල්බ් වැලක් එහෙම දාලා මැටි පහන් ටිකක් පත්තු කරන්ඩ කියලා තමයි හිතන් ඉන්නේ. ඒ ටික කලහම මදෑ නෙහ්.
කට්ටිය එකකුවෙලා පාප්ප ගාගෙන, බටපතුරුවලට අත කපාගෙන කූඩු හදපු කාලේ තමයි මතක්වෙන්නේ.
ReplyDelete