20 January 2013

ආච්චිව මරන්ඩද යකෝ යන්නේ...

මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.

මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ පෙන්නුවා ? මොකෑ කට්ටියට අමතක වෙන්නේ නෙහ්. :)

ඔන්න ඔය දවස්වල මං දන්න කියන පවුලක අයියෙකුයි මල්ලියෙකුයි හිටියා.උන් දෙන්නා කටත් බලියන් ඒ දවස්වල ඔය කතාව බැළුවා. මේ දෙන්නෑ ආච්චි අම්මා ඒ දවස්වල ලෙඩ ගානේ හිටියේ. යන්ඩ එන්ඩ බෑ.හැමදේම උන්දැට අතට පයට කරලා දෙන්ඩෝන.

දවසක් මුන් දෙන්නා රොබින් හූඩ් බලනකොට ආච්චි මොකද්ද මන්දා එහෙකට කතා කරනවා. කතා කරනවා කිව්වට බෙරිහන් දෙනවා. ඒ දවසේ මුන්ගේ අම්මත් කොහෙද මන්දා ගිහින්.  ආච්චි ලතෝනි තිබ්බත් මුන් දෙන්නා ටීවි එක ඉස්සරහින් නැගිටින්න ලෑස්ති නෑ.

 "මල්ලි පොඩ්ඩක් බලහන්කෝ ආච්චි කෑගහනවා !" අයියා කිව්වා.

"ඇයි උබ මටම කියන්නේ. උබ ගිහින් බලහන්කෝ." එහෙම කිව්වේ මලයා.

"ඇයි.ඒ උබේ ආච්චි නෙමේද ?"

"මගේ ආච්චි විතරක් යෑ. උබෙත් ආච්චි නේ." මලය යන පාටක් නෑ.

"උබ ගියේ නැත්තං මං අම්මා ආපුවාම කියනවා උබ ආච්චිව බැළුවේ නෑ කියලා. හරි ද ?"

"හරි හරි ඇඩ් එකක් ගියහම යන්නං යකෝ." කතාවට වශී වෙලා හිටපු මලයා කිව්වා.

ඉතින් ඊට පස්සේ කතාවේ මැදක් හරියට යනකොට කිව්වත් වගේම ඇඩ් පෝලිමක් යන්න පටන් ගත්තා.එතකොට  මලයත් පුටුවෙන් නැගිටලා ආච්චි ගාවට ගියා. මූ ආච්චි ගවට ගිහින් ටික වෙලාවකට පස්සේ ආයෙම ටීවි බලන්ඩ ආවා.ආච්චිට නින්ද ගිහින්ද කොහෙද කිසිම සද්දයක් නෑ.දැන් නන් ඉතින් කරදරයක් නැතුව රොබින් හූඩ් බලතෑකි කියලා හිතලා දෙන්නම ආයේ ටීවි බලන්ඩ ගත්තා.

 "මලේ, ආච්චි මොහොකටද බං කතා කලේ ?" අර අයියා කාරයා මලයගෙන් ඇහුවා.

"කවුද බං දන්නේ. ආච්චි හැමදේටම කෑගහන එකනේ වැඩේ." මලයා උත්තර දුන්නා.

"ඉතින් උබ ගියාට පස්සේ ආච්චිට නින්ද ගියාද ? කිසි සද්දයක් නෑ නේ යකෝ !" ආයෙම අයියා ඇහුවා.

"ආච්චි නිදාගත්තේ නෑ බං"

"එහෙනං සද්දයක්වත් නැත්තේ ?"

"හෙහෙහෙහෙ.... ආච්චි කොහේ කෑ ගහන්ඩ ද මං උන්දෑ කටේ කොලගුලියක් හිරකරලනේ ආවේ !" මලයා හිනා වෙවීම කිව්වා.

"හුටා ! තෝ ආච්චිව මරන්ඩද යකෝ යන්නේ ! අම්මා ආවොත් විසුමක් වෙන්නෑ. !" කියලා කියපු අයියා කාරයා ආච්චි ගාවට ගිහින් උන්දෑ කටේ හිර වෙලා තිබ්බ කොළගුලිය එලියට ඇදලා දැම්මා.

අන්තිමේදි හවස් අතේ අර අයියගෙයි මලයගෙයි අම්මා ආවට පස්සේ ආච්චිව කොල හිර කරලා මරන්ඩ ගියපු කතාව ආච්චිම අම්මටත්තෙක්ක කියලා තිබුනා. ඒ නිසා ඒ කොල්ලෝ දෙන්නට නොසෑහෙන්න ගුටි කන්න උනා කියලා තමයි ඇසින් දුටු ආරංචි මාර්ග කියලා තිබ්බේ.

01 January 2013

සුබ නව වසරක් වේවා !



සියළුදෙනාට වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!