18 April 2020

ඇල්ල ගමන - 3 කොටස (අවසානය)

ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.

අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ වෙන්නේ.
කිතල් ඇල්ල කියන්නේ පොඩි ස්ටේශමක් නිසාද මන්දා එච්චර සෙනගක් දකින්න හම්බ උනේ නෑ.

17 April 2020

ඇල්ල ගමන - 2 කොටස

අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.
අපි  හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්‍රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.

16 April 2020

ඇල්ල ගමන

ගිය අවුරුද්දේ අපේ කන්තෝරුවේ කට්ටිය ගියපු චාරිකාවක් ගැනයි අද ලියන්න යන්නේ. ගිය අවුරුද්දේම මේ ලිපිය ලියලා දානවා කියලා හිතාගෙන හිටියට ලියන්න උනේ නෑ. ඒකටත් එක්ක හරියන්න කියලා මේ නොරෝධායන කාළය ඇතුලේම ලියලා දානවා.

අපේ කන්තෝරුවේ වාර්ශික චාරිකාව යන්න මටත් පොට්ට චෑන්ස් එකක් වැදුනා. "පොට්ට චෑන්ස්" එකක් ය කියලා කිව්වේ. යන්න පුලුවන් වේද ? බැරිවේ ද ? කියලා දෙගිඩියාවෙන් හිටපු කාළයක් ඒක.

බෝධිනාගල ආරණ්‍ය සෙනසුන

දවසක් අපේ කන්තෝරුවේ යාළුවෙක්ට බෝධිනාගල යන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඒත් ඒකාට තනියම යන්න කම්මැලියි කියපු නිසා මටත් මේ ගමන එන්න කතා කළා. මාත් ඉතින් එළියට අඩිය තියාගෙන උන්නු නිසා එකපයින්ම හා කියලා කිව්වා.

එදා සෙනසුරාදා දවසක් . ඒකා කියපු විදිහට ගැලනිගම අධිවේගි පිවිසුම් දොරටුව ගාවට ආවා. මාත් ඊට කලින්ම අළුබෝමුල්ලේ ඉදලා හොරණ බස් එකෙන් ගැලනිගමට අවිත් හිටියා. අපි දෙන්නා හොරණ රත්නපුරේ පාරේ ඉංගිරිය කිට්ටුවට ආවා. එතකොටම බෝධිනාගල ආරණ්ය සෙනසුන කියලා ගහපු බෝඩ් එක ගාවින් හැරෙව්වා.

එතැන ඉදලා පටු පාරකින් අපි බෝධිනාගල ආරණ්‍ය සෙනසුන කරා ආවා.

15 April 2020

කොරෝනා කාටූන්

මේ ටිකේම මුහුණු පොතේ කතාබහ ඇතිවෙලා තියෙන්නේ කෝරෝනා හා ඒ සම්බන්ධ නානාප්‍රකාර දේවල් ගැන. ඒ වගේම තමා කොරෝනා ගැන විවිධ කාටූන් ශිල්පීන් විව්ධාකාරයේ චිත්‍ර ඇදලා තියෙනවා. අද පෝස්ට් එකෙන් ගෙනෙන්නේ  විවිධ කාටූන් ශිල්පීන් ඇඳපු කාටූන් කිහිපයක්.

14 April 2020

නිකවැව නාගල රජමහා විහාර වන්දනාව

ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්දේ හා හා පුරා කියලා ලියන පළවෙනි බ්ලොග් ලිපිය තමයි මේ. මේක මම අපේ කන්තෝරුවේ කිහිපදෙනෙක් එක්ක හදිසියේ ගියපු වන්දනා චාරිකාවක්. මේ  චාරිකාව ගියේ 2018 අවුරුද්දේ දෙසැම්බර් 30 වෙනිදා.

මේ චාරිකාව යන්නට මූලිකම හේතුව උනේ ඒ දවස්වල මුහුණු පොතේ හුවමාරු වෙච්ච පින්තූර කිහිපයක් නිසා. ඒ පින්තූර සෙට් එකෙන් එක පින්තූරයක් පහලින් දාන්නම්.
මහාමේරූ පර්වතය වාගේ තියෙන සද්දන්ත ගිරි කුළක් මැද්දේ මුද්දක මැණිකක් ඔබ්බවලා වාගේ තියෙන විහාරයක් වැදපුදා ගන්න අකමැති වෙන්නේ කවුරුද ? මේ පින්තූර සෙට් එක දැක්ක දා ඉදලා අපි සෙට් එක මෙහේ එන්න කතා කර ගත්තා.

13 April 2020

නිරෝධායන සිංහල අළුත් අවුරුද්ද

කළින් අප විසින් සැමරූ සිංහල හින්දු අළුත් අවුරුදු වලට වඩා මෙවර අප සමරන්නට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම මුහුණුවරක් ගනී. එයට මූලිකම හේතුව වන්නේ මේ වන විට රටේ පවතින වාතාවරණයයි. අපේ රටේ අපේම සහෝදර සහෝදරියන් පිරිසක් මේ වන විට COVID-19 නම් වූ වෛරසයකට විරුද්ධව ලොකු සටනක යෙදෙන නිසා ය.

තව පෑ කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වනවිටත් රටේ කොරෝනා ආසාධිත රෝගීන් 217ක් බවට පත් වී හමාරය. එසේම වෙන වසරවල් හා සාපේක්ෂව බලනකල මේ වසරේ දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ රටේ හා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ය.

04 April 2020

පැටි පස් පරාණය

ඔන්න මම කාළයකට පස්සෙ මොනවහරි ලියලා දාන්න ආවා. පහුගිය මාස කිහිපයේම මම අපේ කන්තෝරුවේ එක ව්‍යාපෘතියකට හිර වෙලා හිටියා. හුස්මක් කටක් ගන්නවත් විවේකයක් තිබ්බේ නෑ. කොටින්ම සතියේ දින හතම වැඩ කළා. (අතිකාළ දීමනා එහෙම ගෙව්වා ඉතිං) උදේ 8 වෙද්දි වැඩට ගියහම ආයේ ගෙදර එන්නේ රෑ 10-11 වගේ වෙලාවට.

ඔහොම රා වෙලා ගෙදර ආපු ගමන් ඇඟපත සෝදගෙන තේකක් කාරිය හදාගෙන රේඩියෝ එකත් දාගෙන පුටුවකට වෙලා හාන්සි උනා. මම රේඩියෝ එක දැම්මොත් ගොඩක් වෙලාවට අහන්නේ ගුවන් විදුලි සේවය විතරයි. එකේ නිවේදක/නිවේදිකාවෝ භාශාව හසුරවන විදිහ නියමයි. තනි සිංහලෙන්ම නිවේදනය කරන්නේ.

පුද්ගලික නාලිකා වගේ සිංහල මැදට ඉංග්‍රීසි අමුණගෙන කතා කරන්නේ නෑ.

02 April 2020

මගේ දිය රොටි හැදිල්ල

මෙ කොරෝනා කේස් එක නිසා අපි දැන් සති තුනක් තිස්සේම ගෙදර ඉදන් වැඩ කරන්නේ. එක අතකට මේක ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒකට හේතු කිහිපයක්ම බලපානවා. එකක් තමා කාර්යාලීය පරිසරය ගෙදර නැතිකම. අනිත් එක තමා පොඩි එක්කෙනාත් එක්ක වැඩ කරගෙන යන්න අමාරු වීම.

මේ දේවල් අස්සේ කොහොමින් කොහොමහරි වැඩ ටික කරගෙන යනවා.

දවසක් හැන්දෑවරුවක මම මූණුපොතේ තිබ්බ එක පෝස්ට් එකක් දැක්කා. මේක කී රොටි හදන හැටි ගැන කෙනෙක් දාපු පෝස්ට් එකක්. ඉතින් මටත් ආස හිතුනා කී රොටි හදන්න. අපේ උන්දැලාගේ පැත්තේ මේවට කියන්නේ දිය රොටි කියළා ලූ.

හරි මොන නම කිව්වත් කමන් නෑ හදලා බලන්න මට හෙන ආසාවක් ආවා. මේ වැඩේ කරන්න අපේ උන්දැට දුන්නේ නෑ. මමම තමයි ගේමට බැස්සේ.