01 June 2010

සිතක සංකල්පනා

අද ජුනි පළවෙනිදා !

ඒ වගේම අද මගේ උපන්දිනය !
මටත් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න. මොකද මම ට්‍රේනින් වෙන තැන හැමෝටම වාගේ බ්ලොග් තියෙන නිසා මාත් බ්ලොග් එකක් හදාගන්න ඕන. ඒ මට ට්‍රේනින් එකේදි හම්බ වෙන දේවල් සටහන් කරන්නයි මට හිතෙන දේවල් ලියලා තියන්නයි.

මම මේ බ්ලොග් එකට දාපු නම තමයි සිතක සංකල්පනා කියන එක !

ඒ නම මට දාන්න හිතුනේ මට හිතෙන දේවල් ලියන නිසා. ඔය සිතක සංකල්පනා කියන නම මට හිතුනේ අපේ දනා නිසා.දනා කියන්නේ මගේ රූමාට. ඒ වගේම මගේ හොඳ යාළුවෙක්. දනා ලියපු කවි වලට මම දාපු මාතෘකාව තම සිතක සංකල්පනා කියන එක.

එදා ඒ කවි වලට දාපු නම මේ බ්ලොග් අඩවියටත් දැම්මොත් හොඳයි කියලා හිතුන නිසා ඒකම පාවිච්චි කරනවා.

මම ගැන යමක් කිව්වොත් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්. ඒ වගේම පින්තූර කෑල්ලක් හදන්න පොතක් කියවන්න කතන්දර කියවන්න ගොඩක්ම කැමති සරලව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක් !

මගේ නම තමයි මධුරංග !

ඔයාලා දිගටම මගෙත් එක්ක මගේ සිතක සංකල්පනා බ්ලොග් අඩවියත් එක්ක රැඳී ඉදීවි කියලා හිතනවා.

සියළු දෙනාටම කන්ද උඩරට මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා සමිදු සරණයි !