29 October 2010

සබරගමුවේ පුද බිම් - සංඛපාල විහාරය


මේ දවස්වල මං ලියපු ලිපි වල තියෙන්නේ සංචාර ගැන නේ. මේකත් ඒ වගේ සංචාර ගැන ලියවුන ලිපියක්. මේ ලිපිය සබරගමුවේ තියෙන පූජනීය සිද්ධස්ථානයක් ගැන තමයි මං ලියන්න යන්නේ. මේ පූජනීය සිද්ධස්ථානය තමයි සංඛපාල රජමහ විහාරය.

මේ රජමහ විහාරය තියෙන්නේ කොළඹින් කිලෝමීටර් 132ක් ඈතින් පල්ලෙබැද්ද ත් කොළඹගේ ආර ත් අතර . මාර්ගය පිලිබදව හරියටම කියනවා නම් කොළඹ සිට ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පහු කරගෙන ගියාම තියෙන සංඛපාල කියන ගමෙයි.

ප්‍රධාන මහා මාර්ගයට ආසන්නයේ තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් මදක් ගොඩවැදිලා ගමන් වෙහෙස නිවාගෙන සිත දැහැමින් පුරවාගෙන යන්න පුලුවන් සිද්ධස්ථානයක් තමයි සංඛපාල විහාරය කියන්නේ.


මේ විහාරය ඉතිහාසය ගැන මදක් හොයලා බලනකොට දුටුගැමුණු රජ තුමාගේ කාලය දක්වා දිව යනවා. දුටු ගැමුනු රජතුමාගේ සේනාවේ හිටියා හක් ගෙඩිය , කන් බිහිරි කරවන සේ පිඹිය හැකි යෝධයෙක්. ඔහු නමින් ඵුස්සදේව. මේ පුස්සදේව යොධයා විජිතපුර සටනේ දී අහස ගුගුරුවා යන හඩින් සක් පිඹිම නිසා සතුරු සේනාව පලා ගොස් ගැමුනු රජුට ජය ලබා දීම වෙනුවෙන් ඒ හක්ගෙඩිය තැන්පත් කර මේ ලෙන් විහරය කරවූ බවයි ඉතිහාසය සාක්ශි දරන්නේ.

හක් ගෙඩියට පාලි භාෂාවෙන් කියන්නේ සංඛ කියලා . සකක් තැම්පත් කර කරවූ විහාරය යන අරුත ඇතිව සංඛපාල විහාරය ලෙස නම් කල බවයි ඉතිහාසයේ තියෙන්නේ. පුස්සදේව යෝධයා ගැමුනු රජුට ජය ලබා දුන් ඒ ජය සංඛය අදත් හක්ගෙඩි ගල නම් පර්වතය පතුලේ තැන්පත් කරවලා තියෙනවා.

පඩි සිය ගනනකින් යුක්ත වෙන පර්වතයකින් ද මේ විහාර භූමිය සමන්විත වෙනවා. ඒ නිසාම මේ විහාර භූමිය පරිසර ගවේශකයන්ට තෝතැන්නක් කියලා කියන්න පුලුවන්. ඔයගොල්ලොත් සබරගමුවේ සංචාරයට යනවා නම් මේ විහාරයටත් ගොඩ වැදිලා යන්න අමතක කරන්න එපා.

28 October 2010

දනා සහ සනා - පළමු කොටස

මං මේ බ්ලොග් එකෙන් කියන්න යන්නේ කතාවක් නම් නෙමෙයි. අපේ කැම්පස් එකේ මගේ මිතුරෙකුයි එයාලගේ ගෙවල් පැත්තේ ඉන්න එයාගේ යහළුවෙකුයි එකතුවෙලා කරපු විනෝදාත්මක වැඩසටහනක් ගැනයි. මේ වැඩසටහන් මාලාවක පළමු වැන්න කිව්වොත් මං නිවැරදියි. මේක මං නම් කලින්ම රසවිදල තියෙනවා. ඔයාලත් මේක බලන්න.

මේ වීඩියෝ ක්ලිප් එකේ දනා ලෙස රගපාන්නේ දමිත් ධනංජය වන අතර සංජය දිසානායක සනා ලෙස රගපෑමෙන් නිරත වෙනවා. රසවිදින්න කොමෙන්ට් කරන්න.


ඉදිරියේදී නිකුත් වන්නට නියමිත වීඩියෝ සියල්ල නිකුත් වූ සැනෙන් ඔබ වෙත ගෙන එන පොරොන්දුව පිට මේ බ්ලොග් එක මෙතකින් නිමා කරමි.

සියලු දෙනාට ජය වේවා !!!

උලපනේ මෝඩයාගේ පාලම ??

මන් විශ්ව විද්‍යාලේ ඉන්න දවස්වල ගියපු ගමනක් මේ බ්ලොග් සටහනේ දක්වන්න හිතුවා. මේ ගමන් නම් ගිහින් දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. සාමාන්යෙන් අපි විශ්ව විද්‍යාලේ ඉන්නකොට සෙනසුරාද ඉරිදා දවස් වල හොස්ටල් එකේ ඉන්නවට වඩා ඉන්නේ පිට තැන් වල. මොකද ඉතින් හැමදාමත් පාඩම් වැඩ කරන්නත් බැහැනේ. හිතටත් පොඩි විවේකයක් ඕනෙනේ.

ට්‍රිප් එකක් එහෙම ගිහින් ආවම මාර ෆ්‍රෙෂ් ගතියක් තියෙන්නේ. ආයෙත් හොදට වැඩ කරන්න පුලුවන් වෙනවා. එහෙම ගියපු චාරිකා සටහනක් තමයි ලියන්න කියලා හිතුවේ.

එදා අපි යන්න කියලා තීරනය කලේ කඩි ඇල්ල බලන්න. කඩි ඇල්ල ගැන මං වෙන බ්ලොග් එකක්දි කියන්නම්කෝ. මේ කියන්න යන්නේ අතරමගදි දැක්ක දෙයක් ගැන. ගම්පොල නාවලපිටිය පාරේ උලපනේ කියලා පොඩි ගමක් පහු වෙනවා. උලපනේ ටවුමෙන් ගලත , මාවෙල පාරේ යද්දි දකින්න හම්බවෙනවා අපූරූ පාලමක්.

මේ පාලමේ අපූරත්වය කියන්නේ සාමන්යෙන් පාලම්වල ආරුක්කුව තියෙන්නේ උඩ අතට නේ. නමුත් මේ පාලමේ තියෙන්නේ යටි අතට. ඒ නිසාමදෝ මන්දා සිංහලයන් අතරේ '' මෝඩයාගේ පාලම '' කියලා මේ පාලම ජනප්රිය වෙලා තියෙන්නේ.


මේ පාලම වැටිලා තියෙන්නේ මහවැලි ගඟ හරහායි. මේ පාලම තියෙන හරිය නම් දැන් කැලෑවෙන් වැහිලා. පාලම දැන් අබලන් තත්වයේ පවතින හන්දා පාවිච්චියට ගන්නෙ නෑ. ගම්පොල නුවරඑළි ප්‍රධාන පාරෙන් යද්දි නම් මේ පාලම පෙනෙන්නේ නෑ. නමුත් බදුල්ල දෙසට දුම්රියෙන් යන කෙනෙක්ට නම් මේ පාලම මවන්නේ අපූරූ සිත්තමක්.

ඉස්සර අපි මේ පාලම බලන්න ගියපු වෙලේ නම් පාලමේ ජායාරූප ගත්තා. නමුත් දැන් හොයා ගන්න නෑ. බොහොම අමාරුවෙන් අන්තර්ජාලය පීරලා එකෝම එක රූපයක් හොයා ගත්තා.

මේ ජායාරූපයේ ඉහලින්ම තියෙන්නේ රේල් පාර . පහලින් තියෙන්නේ අර මං කියපු මෝඩයාගේ පාලම.

ඔය මෝඩයාගේ පාලමට ටිකක් එහායින් තමයි ගලත,මාවෙල මහා මාර්ගය තියෙන්නේ. එතන මහවැලි ගඟ හරහා තියෙන පාලම අබලන් නිසා අලුත් පාලමක් හදනවා.ඒකත් ආරුක්කු පාලමක්. අපේ බැච් එකේ සිවිල් ඉන්ජිනේරු විද්‍යාව කරන කට්ටිය Field Visit එකක් ඔය පැත්තේ ගියානේ. එතකොට මන් ඔය මෝඩයාගෙ පාලමේ කතාව ඇහුවා. ඒ අය කිව්වේ ඔය ක්‍රමයට ආරුක්කු ගැහුවම බර දරන්න පුලුවන් කියලා එයාලගේ ආචාර්ය වරයෙක් කිවුවා කියලා.

27 October 2010

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරය කරනවනම්.....

හැමදාම කතා ලියන එකේ මට හිතුනා සංචාරක සටහන් ගැන බ්ලොග් එකක් ලියන්න. ඉස්සර මං අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගේ ලියලා ගෙදර ඉන්න ටිකේ කොහෙහරි ඇවිදින්න කියලා හිතුනා. ඇවිදින්න කිවුවේ රස්තියාදුවේ යන එක ගැන නෙමෙයි. කොහේ හරි ට්‍රිප් එකක් වගේ යන්න කියලා. ගෙදර ඉන්නත් කම්මැලියි.

මං සාමාන්‍ය පෙළ කරපු ඉස්කෝලේ හිටියා ඔය සංචාර වලට කියාපුම සර් කෙනෙක් ජනක මල්ලවාරච්චි කියලා. මමත් ගෙදර ඉන්න ටිකේ සර් ව හමු වෙලා යන්න හොද තැන් මොනවද කියලා ඇහුවා. සර් නම් තැන් ගොඩාක් කිව්වා. නමුත් යන්න තමයි අමාරු. මොකද දුර වැඩියි එක දවසින් ගිහින් එන්න අපහසුයි.


ඒ හින්දා මං සර්ට කිවුවා '' සර් ගම්පහ දිස්ත්‍රික්කයේ යන්න හොද තැන් තියෙනවද කියලා ?? ''
සර්රුත් ගත් කටටම කිව්වේ නැතෑ '' අපොයි යන්න තැන් ද නැත්තේ ? '' කියලා. මගේ ඉහේ මලක් පිපුනා වගේ ඒ කතාව අහලා. මං සර්ට කිවුවා එහෙනම් යන්න හොද තැන් ටිකකුයි යන හැටියි කියන්න කියලා. සර් ස්ථාන ලැයිස්තුවක්ම දුන්නා.

මෙන්න එහෙනම් ඒ ලැයිස්තුවෙන් කිහිපයක්.

(1) ගම්පහ අස්ගිරිය පන්සල - ගම්පහ නගරය ආසන්නවම තියෙන ලස්සන පන්සලක් තමයි අස්ගිරිය පන්සල කියන්නේ. අස්ගිරිය කියල නම හැදුනේ අශ්ව + ගිරිය අස්ගිරිය වීමෙන් කියලයි ජනප්‍රවාදයේ තියෙන්නේ. අස්ගිරිය පන්සලට යනවා නම් ගම්පහ - ජා ඇල බස් නැවතුම්පොලෙන් මිනුවන්ගොඩ (මාර්ග අංක 270 ) හෝ දිවුලපිටිය (මාර්ග අංක 211 ) බසයකට ගොඩ වී බුලත් කඩේ හංදියෙන් බහින්න. ඊට පස්සේ දකුණතට ඇති පාරේ ටික දුරක් ගියහම පස්නලට යන්න පුලුවන්

(2) මාලිගාතැන්න රජමහ විහාරය - මාලිගා තැන්න විහාරය ප්‍රසිද්ධ වන්නේ ආර සේනාසනයක් හැටියටයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මුල් ඓතිහාසික ගුහා විහාර 19 න් එකකි. නිසංසල වනගත පරිසරයක පිහිටා ඇති මෙ විහාරය සංචාරයකට නම් කියාපු තැනක්. ගමන් මාර්ගය කියනවා නම්, කොළඹ - නිට්ටඹුව (මාර්ග අංක 180) හෝ කොළඹ - ගම්පහ (මාර්ග අංක 200) බස් එකක ඇවිත් මිරිස්වත්ත හංදියෙන් බසින්න. ඉන්පසු මාර්ග අංක 205 ගම්පහ - කිරිඳිවැල බස් එකෙන් මාලිගාතැන්න හංදියෙන් බසින්න.

(3) අත්තනගල්ල රජමහ විහාරය - සිරිසගබෝ රජතුමා හිස දන් දුන් තැන ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.විහාරයට යනවානම් , නිට්ටඹුවෙන් මාර්ග අංක 182 හංවැල්ල බසයෙන් විහාරය අසලටම පැමිණිය හැක. පස්යලෙන් යන්න පුලුවන් විදිහකුත් තියෙනවා නමුත් බස් රථ එතරම් ම නැත.

(4)වාරණ රජමහ විහාරය - මෙයත් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ලෙන් විහරස්ථාන වලින් එකකි. ගමන් මාර්ගය කියනවා නම් , කොළඹ නුවර පාරේ තිහාරිය පැට්‍රොල් ෂෙඩ් එක ලගින් බහින්න. දකුණු පැත්තේ ඇති පාරේ ගමන් කරන්න. බස් ඇත. නමුත් එතරම් ම නැත.

(5) පිලිකුත්තුව රජමහ විහාරය - මෙයත් ලෙන් විහරයකි. ලංකාවේ ඇති ඓතිහාසික දැව පාලම් දෙකෙන් එකක් පිහිටි ස්ථානයකි. ගවේශනය කිරීමට සුදුසු වන සම්පතකට හිමිකම් දක්වන විහාර භූමියක් සතුවෙයි. බස් එකකින් යනවා නම් , කොළඹ නුවර පාරේ යක්කල හංදියෙන් ගම්පහ - කිරිඳිවැල ( මාර්ග අංක 231) බසයකින් ගොස් බටගොල්ල හංදියෙන් බැස දකුණට ඇති පාරේ යන්න. ටික දුරක් පයින් යෑමට සිදුවේ. නැත්නම් 205 කිරිඳිවැල පාරේ පිලිකුත්තුව හංදියෙන් වමට හැරී සැතපුම් තුන්කාලක් පමණ පයින් යන්න.





(6) උරුවෙල රජමහ විහාරය - මිරිස්වත්ත හංදියෙන් මාර්ග අංක 205 බසයෙන් යා හැකිය.

ඉහත සදහන් කර ඇත්තේ අදාල ඓතිහාසික ස්ථානවලට යාහැකි ගමන් මාර්ග පමනි. මෙම ස්ථාන වල ඓතිහාසිහ වැදගත්කම පසුවට ලියන්නම්. තවත් මෙවැනිම ස්ථානත් ගොඩක් තියෙනවා ඒවැත් පසුවට ලියන පොරොන්දුව දෙන්නම්.

සියලු දෙනාට ජය වේවා !!!

වටින කියන කෝඩ් කෑල්ලක් !!!!


සමහර වෙලාවට අපි Flash නිර්මාන කරනකොට Mouse එක Follow කරන Mouse එකත් එක්කම ගමන් කරන Text එකක් හදන්න ඕන කරන කෝඩ් කෑල්ලක් තමයි මන් අද කියන්න යන්නේ. ඔය වර්ගයේText , සමහර වෙබ් අඩවි වලත් තියෙනවනේ.

අන්න ඒ වගේ දෙයක් තමයි මන් කියන්න යන්නේ. වෙබ් අඩවි වලට ඔය විදිහේText දාන්නේ JavaScript කියන පරිගනක ක්‍රමලේඛ භාෂාවෙන්. මං දැන් කියන්න යන කෝඩ් කෑල්ල ActionScript වලින් ලියන කෝඩ් එකක්.

මෙන්න Code එක !!!

Text = "Type Your Text Here";

letters = Text.split("");

letterformat = new TextFormat();

letterformat.font = "Verdana";

letterformat.align = "center";

letterformat.size = "10";

spacing = 8;

speed = 3;

for (var LTR = 0; LTR

mc = _root.createEmptyMovieClip(LTR+"l", LTR);

mc.createTextField(letters[LTR]+"t", LTR, LTR*spacing, 10, 20, 20);

with (mc[letters[LTR]+"t"]) {

text = letters[LTR];

setTextFormat(letterformat);

selectable = false;

}

if (LTR) {

mc.prevClip = _root[(LTR-1)+"l"];

mc.onEnterFrame = function() {

this._x += (this.prevClip._x-this._x+5)/speed;

this._y += (this.prevClip._y-this._y)/speed;

};

} else {

mc.onEnterFrame = function() {

this._x += (_root._xmouse-this._x+10)/speed;

this._y += (_root._ymouse-this._y)/speed;

};

}

}


කරන්න තියෙන්නේ Type Your Text Here කියන එකට ඔබ කැමති Text එකක් දාන එකයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබේ Flash නිර්මානයේ ActionScript කෝඩ් ලියන තැන Paste කරන එක විතරයි .

26 October 2010

කට හින්දා නැසුනු දස්කොන්

අද චුට්ටක් විතර වැඩ අඩු දවසක්. ඒ හින්දා අදත් බ්ලොග් එකක් දාන්න හිතුවා. මට ඉන්න ගමන් පොඩි කතාවක් මතක් උනා. ඒ නිසා ඒක බ්ලොග් එකේ දාන්න කියලා හිතුවා. මේ කතාව මට කියලා දුන්නේ අපේ ෆැකල්ටියේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්.

ඒ මල්ලි ආපුම දවස්වල අපේ බැච් එකේ කොල්ලෝ දස්කොන් කිය කිය විහිලු කර කර ඉන්නවා. ඕනම දේකට හොට දාන සිංහලයන්ගේ පුරුද්ද තියෙන හින්දා මමත් ඒ මල්ලි ලගට කිට්ටු කරලා '' ඇයි මල්ලි , මල්ලිට දස්කොන් කියන්නේ ?? '' කියලා ඇහුවා.


ඊට පස්සේ ඒ මල්ලි කියනවා. '' අයියා , මම ආපු දවස්වල අර දස්කොන් ගේ කතා කියන හින්දයි සමහර අයියලා මට දස්කොන් කියලා කියන්නේ. '' කියලා ඒ මල්ලි කිවුවා. දස්කොන් කියලා කිවුවට මට නම් ටිකක් විතර කොයිල් (coil) උනා. මොකද මං දස්කොන් ගැන මීට කලින් අහලම තිබ්බේ නැහැ නේ.

මං ආයෙත් මල්ලි ගෙන් ඇහුවා . '' මල්ලී දස්කොන් කවුද කියන්නේ ?? '' කියලා.

''ආහ්... අයියා දන්නෙ නැද්ද දස්කොන් කියන්නේ කවුද කියලා ??
'' ඒ මල්ලි එක පාරම අහපි. මට ටිකක් ලැජ්ජාවේ බෑ. මොනා කරන්නද අහපු මෝඩ කමට මමත් නෑ කියල කිවුවා.

ඊට පස්සේ ඒ මල්ලි කතාව පටන් ගත්තා. '' අයියා, දස්කොන් කියන්නේ ඉස්සර හිටපු රජ කෙනෙක් ගේ ඇමති කෙනෙක් නේ. ඒ ඇමතිට රජ බිසව එහෙමත් නැත්නම් පේරමිලා බිසවත් එක්ක අනියම් සම්බන්ධයක් තිබුනලු. ඒක රජ තුමාට අහුවෙන්නේ නැතිව බොහොම පරිස්සමට කරගෙන ගියාලු. දවසක් අර රජතුමා , තමන්ගේ බිසවට තියෙන ආදරේ පෙන්වන්න බිසවගේ පිලිරුවක් කිරි ගරුඩෙන් තැනෙව්ව ලු. මේ පිලිරුව නිරුවත් එකක් ලු. "

ඔන්න ඔයාල එහෙම කියන්න එපා මං අසභ්ය කතා කියනවා කියලා. මේක මේ සිරි ලක්දිව සිදුවෙච්ච ඇත්තම කතාවක්. ලංකාවේ මේ දෙවල් සිදුවෙන්න හොදයි නම් ඇයි අපට කියන්න හොද නැත්තේ ??? ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා මං මේ කතාව කියනවා.

ඒ මල්ලි ආයෙත් කටහඩ අවදි කලා. '' ඉතින් මේ රජතුමා තමන්ගේ බිසවගේ පිලිරුව තනවලා ඒක බිසවට පෙන්වන්න කලින් තමන්ගේ හොදම විස්වාශවන්තම ඇමති වෙලා හිටපු දස්කොන් ට පෙන්නලා ඇහුවලු. දස්කොන් මේ පිලිමයේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද කියලා ???. දස්කොනුත් හොදටම බලලා. එක පාරම කියපි. රජතුමනි, බිසවගේ යටි බඩේ තියෙන උපන් ලපය මේ පිලිමයේ නැහැනේ කියලා. රජතුමා බැලුවලු මූ කොහොමද ඒක දන්නේ කියලා. රජතුමා හිතුවා මූ දෙවියත් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා. එහෙම හිතලා දස්කොන් ගේ හිස ගසා දැම්මලු. ''

'' ඔන්න ඕකයි අයියා දස්කොන් ගේ කතාව.දස්කොන් නැහුනේ කට හින්දා. '' කියලා ඒ මල්ලි කතාව නැවැත්තුවා. අපේ සමහරුන්ටත් තියෙන්නේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරි කමනේ.

ඊට පස්සේ ඒ මල්ලිට සමු දෙන ගමන් මං හොස්ටල් එකට ආවා.

පුර හඳයි පසලොස්වකයි.

මේක මං පුංචිම කාලේ අහපු කතාවක්. සමහරවිට ඔයාලත් අහලා ඇති. නමුත් අහපු නැති කොටසකුත් ඇති කියලා හිතලයි මං මේ කතාව ලියන්නේ.ලියනවා කියලා කිවුවට ලියන්නේ නෑ. ටයිප් කරන එකයි කරන්නේ.

ඔන්න දවසක් එක පන්සලක දායක මහත්තයෙක් පන්සලට කෙහෙල් ඇවරි දෙක තුනකුයි කිරි හට්ටි දෙකකුයි පූජා කලාලු. ඔන්න දැන් කට්ටියම සාදු සාදු කියන්න එහෙම හදන්න එපා හොදද ??? ඉතින් මේ පන්සලේ හිටපු මහ නායක හාමුදුරුවොත් මේ දානය සාංගික කරලා බාර ගත්තලු.


නමුත් මේ හාමුදුරුවන්ට හිතුනලු එහා ගමේ පන්සලටත් මේකෙන් කොටසක් යැවුවොත් හොදා කියලා. එහෙම හිතපු හාමුදුරුවෝ කෙහෙල් ගොඩි පහලොවක් තියෙන ඇවරියකුයි කිරිහට්ටියකුයි යවන්න තීරනය කලාලු. නමුත් මේ පන්සලේ ඇබිත්තයා ඒ තරම් විස්වාසවන්ත එකෙක් නෙමෙයි ලු. ඒ කියන්නේ ඇබිත්තයා මේ දානය මගදි වලඳයි කියලා හිතුවලු. එහෙම හිතපු හාමුදුරුවෝ පොඩි කොල කෑල්ලක ඇබිත්තයාට නොතේරෙන විදිහකට පනිවිඩයක් ලියලා යවන්න ඕනෙ කියලා හිතුවලු.

එහෙම හිතපු හාමුදුරුවෝ කොලේ ලියුවලු '' පුරහඳයි පසලොස්වකයි භාර ගන්න '' කියලා.

හාමුදුරුවෝ හිතපු පරිදි මගදි ඇබිත්තයා කෙහෙල් ගෙඩි හතකුයි හිරි හට්ටියෙන් භාගයකටයි වග කිව්වලු. නමුත් හාමුදුරුවන්ගේ කීම අහක දාන්න බෑ කියලා හිතපු ඇබිත්තයා ඉතුරු ටික ගිහින් භාර දුන්නලු. ඒ පන්සලේ හාමුදුරුවෝ කොලේ අනිත් පැත්තේ ලියලා යැ වුවලු '' අඩ හඳයි අටවකයි. භාර ගත්තා. බොහොම පින් '' කියලා

25 October 2010

අප්පච්චි .....

අර බලාපන් නංගියේ
ඈත දිලිසෙන තරුව
ඒ තමයි අපේ අප්පච්චි
අපිට අත වනනවා

ඇහුනද නංගියේ
අම්මගේ කෙදිරිලි හඩ
අප රකින්නන ඇයත්
මහත් දුක් විඳිනවා

වැරහැලි කඩමලු
ඇගලුවත් නංගියේ
දුකක් හෙම කිසි දිනක
නොසිතපන් ඇහුනාද ?

දුක් කරදර මැදින්
උගත මුත් සිප් සතර
ජය ගතොත් හෙට දිනක
නුඹටමයි එය ඔන්න

ඉතින් මගේ නංගියේ
ජිවිතේ ජය ගන්න
අප්පච්චි දුර ඉඳන්
ආදරෙන් හිනහේවී


ඒත් පොඩි නංගියේ
කොතන සිටියත් නුඹ
අමතක නොකරපන්
අපේ සුදු අම්මාව....




බර වැඩිම දොඩම් ගෙඩිය තෝරමුද ???


මේක මං Interview එකකට ගියපු වෙලාවක ඒකෙ හිටපු අය අහපු ප්රශ්නයක් .එයාලා මේක අහන්න පටන් ගත්තේ ප්රශ්න විසදීමේ හැකියාව සොයා බැලීම පරික්ෂා කිරීමක් හැටියටයි. බ්ලොග් එකේ දාන්නේ මොනවද කියලා කල්පනා කරගෙන යනකොට තමයි මට මේ කතාව මතක් උනේ.


මේකයි කතාව. දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

චුට්ටක් කල්පනා කලොත් වැඩේ අහුවෙයි. නැත්නම් මේ බ්ලොග් පෝස් ට් එකේ පහල බලන්නකෝ. මමත් ගත්තා කොලයකුයි පෑනකුයි. අරගෙන තරාදියක් ඇන්ඳා. දොඩම් ගෙඩි නවයකුත් ඇන්ඳා ඊට පස්සේ අහස පොලව ගැටලන්න කල්පනා කෙරුවත් වැඩේ හරි ගියේ නෑ.

විසදුම මේකයි. දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.

ගණිත ගැටලුවක් !!!! - 1වන කොටස

අද සෙනසුරාදා දවසක්. අද මට මගේ යාලුවෙක් සෙට් උනා යසස් කියලා . ඒකත් එක්ක කතාවක් දාගෙන ඉදිද්දි එයාමයි මේ කතාව කිව්වේ. ඉතින් මන් හිතුවා මේ කතාව ඔයලටත් කියන්න ඕනේ කියලා.

මේක කතාවක් එක්ක එන ගණිත ගැටලුවක්. අපේ මිතුරා කතාව පටන් ගත්තා. " ඔන්න එක මනුස්සයෙක් නවාතැන් ගන්න තැනක් හොය හොයා යනවා. ඔහොම යද්දි එක බෝඩිමක් හම්බ වෙනවා. නමුත් ඒ මනුස්සයා ලග බෝඩිමට දෙන්න සල්ලි නැහැලු. "



'' අර බෝඩිම හොයාගෙන ආපු මනුස්සයා ගාව සතයක්වත් නැහැ. නමුත් ඒ මනුස්සයා ගාව මුදු පහක් තියෙනවලු. හැබැයි ඒ මුදු පහම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නෙලු. හරියට දම් වැලක පුරුක් වගේ. ''
අපේ මිතුරත් පල්ලියේ වැලි පොලොවේ මුදු පහ තියෙන විදිහ ඇඳ ඇඳ විස්තර කරනවා.

මමත් ඉතින් හාවක් හූවක් නැතිව අහගෙන ඉන්නවා.
අපේ මිතුරා අයෙත් හඩ අවදි කලා. '' ඉතින් අර මනුස්සයා බෝඩිම අයිතිකාරයාට මෙහෙම යෝජනාවක් දැම්මලු. මට දවස් පහක් බෝඩිමේ ඉන්න ඕනේ මන් ලග සල්ලි නම් නෑ. මන් දවසකට එක මුද්ද ගානේ දවස් පහට මුදු පහ දෙන්නම් කියලා කිවුවලු. ''

ඔයාලා දන්නවනේ මුදු පහම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා.

" නමුත් බෝඩිම් කාරයාට මේ මනුස්සයාව ටිකක් විතර අවිශ්වාසයි ලූ. බෝඩිම් කාරයා කිවුවලු.හැබැයි මට දවස අන්තිමට එක මුද්ද ගානෙ ලැබෙන්න සලස්වන්න ඕනෙ කියල කිවුවලු. ''

ඔයාලා දන්නවනේ මුදු ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ටිකක් අමාරුයි නේ දවසට එක මුද්ද ගානේ දෙන්න. ඔක්කොම එක පාර දෙන්න නම් පුලුවන් නෙ.

'' නමුත් අර මනුස්සයා මෙහෙම දෙයක් කිව්වලු. මට එක මුද්දක් කපන්න දෙනවා නම් මට දවසකට එක මුද්ද ගානේ දෙන්න පුලුවන් කියලා කිවුවලු. බෝඩිම්කාරයත් බැලුවලු එක මුද්දයි කපන්නේ. ඒකෙන් විතරයි අගය අඩු වෙන්නේ කියලා. එහෙම හිතපු බෝඩිම්කාරයා වැඩෙට කැමති උනාලු. ''

ඊට පස්සේ අපේ මිතුරා මගේ පැත්තට හැරිලා අහනවා.ඒ මනුස්සයා කොහොමද එක මුද්දක් විතරක් කපලා බෝඩිම්කාරයාට දවසකට එක මුද්ද ගානේ දුන්නේ කියලා.

මන් ඉතින් පල්ලියේ පොලොවේ මුදු පහ ඇඳ ඇඳ බලනවා කොහොමද කරන්නේ කියලා. ඔයාලත් උත්සහ කරලා බලන්න.

හිතන්න බැරිනම් පහල කොමෙන්ට් එක බලන්න.

ගණිත ගැටලුවක් !!!! - 2වන කොටස

මේකත් මගේ යාළුවා කියපු ගනිත ගැටලුවක්. වැඩි කතා ඕනේ නෑ. මං කෙලින්ම ගැටලුවට එන්නම්කෝ. ඔන්න අපේ මිතුරා කතාව පටන් ගත්තා.

'' කතාව මේකයි. ඔන්න එක රජතුමෙක්ට ඕන උනා 10g බරෙන් යුක්ත රන් කාසි හදන්න. ඔන්න මේ රජතුමා තමන්ගේ රටේ හිටපු රන් කරුවෝ දස දෙනෙක් කැදවලා සමාන බරෙන් යුක්ත රත්තරන් කුට්ටි 10ක් දුන්නලු. "

ඊට පස්සේ මං ඇහුවා '' මචං එක රත්තරන් කුට්ටියක බර කීයද ??? '' කියලා.

අපේ මිතුරා අයෙත් කතා කලා. '' උබ හිතපන්කෝ එක කුට්ට්යක් 100gක් බරයි කියලා. ඒ උනාට රන් කුට්ටියේ බරෙන් වැඩක් නෑ. හරි ... 100g ගානේ ඔක්කොටම දුන්නම රත්තරන් කිලෝ එකක් රන් කරුවෝ අතරේ බෙදල දුන්න කියලා හිතපන්කෝ. එතකොට එක රන්කරුවෙක් රන් කාසි දහයක් හදන් එනවා කියලා හිතමුකෝ ''

එහෙම කියලා මගේ මිතුරා මට ගැටලුව ට සංඛ්යත්මක අගයයන් ලබා දුන්නා.

මගේ මිතුරා අයෙක් කතාව පටන් ගත්තා.

'' ඔන්න රන්කරුවෝ කියපු දිනයටම රන් කාසි දහය ගානෙ හදාගෙන ආවා කියහන්කෝ. නමුත් රජතුමාගේ බුද්ධි අංශයෙන් දැන ගන්න ලැබුනා එක රන් කරුවෙක් හොරෙක් කියලා. ඒකා ග්රෑම් නමයක (9g) බරින් යුතු රන් කාසි දහයක් හදාගෙන ආවලු. එතකොට ඒ රන්කරුවා ග්රෑම් දහයක්ම වංචා කරලනේ. නමුත් මේ රන්කාසි ඔක්කොම පෙනුමෙන් හැඩයෙන් සමානයි ලු. අතින් අල්ලලා බර තීරණය කරන්න බෑලු. ''

අපේ මිතුරා කතාව දිගටම කියාගෙන යනවා. ඒ අතරේ පල්ලියේ වැලි පොලවේ කෝටුවකින් බලි රූප ඇඳ ඇඳ ඉන්නවා.

අපේ මිතුරා ආයෙත් කතාව පටන් ගත්තා.

" හැබැයි මචං රජතුමාට අපූරු තරාදියක් තියෙනවා. ඒකේ යම්කිසි වස්තුවක බර මනින්න පුලුවන් එක පාරයි ලු. එක පාරක් බර මැන්නට පස්සේ තරාදිය කැඩෙනවලු. ''

'' යකෝ ඒක යකාගේ තරාදියක් නේ '' මට එක පාරටම කියවුනා.

'' මරු කියවන්නේ නැතුව කතාව අහපන්කෝ. '' අපේ මිතුරා ටිකක් නුරුස්සන ගතියෙන් කිවුවා.

'' හරි බං කියපන්කෝ .....'' මන් කිවුවා.

යාළුවා ආයෙත් නවත්තපු තැනින් කතාව පටන් ගත්තා. '' නමුත් රජතුමා එක පාරක් බර මැනලා කෙලින්ම හොරා හොයා ගත්තලු. කොහොමද රජතුමා හොරාව හොයා ගත්තෙ ???? ''


ඔයාලටත් පුලුවන් නම් උත්සහ කරල බලන්න. බැරි උනොත් පහල කොමෙන් ට් එක බලන්න. එකපාරම කොමෙන්ටුවට යන්නේ නැතිව චුට්ටක් උත්සහ කරලා බලන්න.

ගණිත ගැටලුවක් !!!! - 3වන කොටස


"මචං තව ගැටලුවක් තියෙනවා. මං ඒකත් කියන්නද ? " මටත් දැන් ගැටලු දෙකක් අහලා පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේකටවත් උත්තර දෙන්නම් කියලා '' එහෙනම් අහපන්කෝ . '' කියල කිවුවා. කලින් ගැටලු දෙකම සාර්ථක ලෙස අසාර්ථක උත්තර දුන්න නේ.

'' මචං මේකයි ගැටලුව. යටගිය දවස බරනැස් නුවර දැහැමින් සෙමින් කල් යැවූ රජෙක් වන. ..... "

" හෝව් ..... හෝව්.... කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන්කෝ. " මම හරස් කැපුවා.




'' හරි එහෙනම් මං තේරෙන සිංහලෙන් කියන්නම් '' කියලා අපේ මිතුරා ආයෙත් කථාව පටන් ගත්තා.

" එහෙනම් මං කතාව පටන් ගන්නම්කෝ. මේකයි බං සිද්ධිය. එක රජතුමෙක් හිටියා. ඒ මනුස්සයා ලග අශ්ව ගාලක් තියෙනවා. ඒ අශ්ව ගාලේකනු අටක් තියෙනවා. ඒ හැම කනුවකම අශ්වයෝ හතර දෙනෙක් ගැට ගහලා ඉන්නවලු. ''

අශ්ව ගාලේ කනු තියෙන හැටි අපෙ මිතුරා වැලි පොලවේ මට ඇදලා පෙන්නුවා. ඔය රූපේ තියෙන්නේකනු තියෙන විදිහයි.

" රජතුමා හැමදාම අශ්වයෝ ඉන්න ගණන ගනන් කරනවලු. හැබැයි රජතුමා ගනන් කරන විදිහ ටිකක් වෙනස්ලු. රජතුමා අශ්ව ගාලේ එක පැත්තකට ඇවිල්ලා ඒ පැත්තේ අශ්වයෝ දෙලහක් ඉන්නවද කියලා බලනවලු. ඒ වගේ හතර පැත්තෙම ඇවිද ඇවිද අශ්වයෝ දොලහා ගානේ ඉන්නවද බලනවලු. හැබැයි මේ රජතුමාගේ රාජ්ජයේ බුද්ධිමත් හොරෙක් ඉන්නවලු. "

අශ්ව ගාලෙ පැති හතරක් තියෙනවනේ. එක කනුවක අශ්වයෝ හතරක් ඉන්නවනේ. කනු අටකුත් තියෙනවනෙ. එතකොට අශ්වයෝ තිස් දෙකක් එතකොට අශ්වයෝ තිස් දෙකක් (8x4) ඉන්නවනේ. රජතුමා එක පැත්තකට ඇවිත් දොලහක් ඉන්නවද කියලා ගනිනවා. තව පැත්තකට ඇවිත් දොලහක් ඉන්නවද කියලා ගනිනවා. ඔය වගේ හතර පැත්තම දොලහා ගනනේ ඉන්නවා නම් ඒ කියන්නේ අශ්වයෝ අඩුවක් නැතිව ඉන්නවා කියලයි රජතුමා ගනන් ගන්නේ.

'' අර බුද්ධිමත් හොරා වෙන අශ්ව ගාලකින් අශ්වයෝ හතරදෙනෙක් හොරකම් කරගෙන එනවලු. ඇවිත් අශ්වයෝ හංගන්න තැනක් හොයනකොට රජතුමාගේ අශ්ව ගාලේ හැංගුවොත් කවුරුත් රජතුමාව සැක කරන්නේ නැති නිසා අවුලක් වෙන්නේ නෑ කියලා මේ හොරාට හිතුනලු. එහෙම හිතපු හොරා මේ විදිහට රජතුමාගේ අශ්ව ගාලේ අර අශ්වයෝ හතර දෙනාව ගැට ගැහුවලු. දැන් අශ්ව ගාලේ අශ්වයෝ හතලිහක් ඉන්නවනේ. රජතුමා සුපුරුදු පරිදි අශ්වයෝ ගනන් කලා ලු. ඒත් රජතුමාට තේරුනේ නෑ ලු අශ්වයෝ වැඩියි කියලා. ''

ඔහොම කතාව අවසන් කරපු මගෙ මිතුරා මගෙන් ප්රශ්න දෙකක් ඇහුවා.

(1) ඒ හොරා අශ්වයෝ ටික ගැට ගැහුවේ කොහොමද ???

(2) පහුවෙනිදා හොරා තමන් ගෙනාපු අශ්වයෝ හතර දෙනාව අර ගියාලු. ඊට පස්සේ හොරා අයෙත් රජ තුමාගේ අශ්ව ගාලට ඇවිත් මේකේ ඉන්න අශ්වයෝ වැඩියි කියලා. ඒකෙනුත් අශ්වයෝ හතරක් අරන් ඒකෙනුත් අශ්වයෝ හතරක් අරන් ගියාලු. දැන් රජතුමාගේ අශ්ව ගාලේ ඉන්නේ අශ්වයෝ යි . ඒත් රජතුමාට ඒ අඩුව පෙනුනේ නෑ ලු. කොහොමද හොරා ඒක කලේ ??

චුට්ටක් හිතුවොත් වැඩේ අමාරු නෑ . හිතලා බැරිම උනොත් පහල කොමෙන්ට් එක බලන්න. මේකෙත් කියන්න තියෙන්නේ එක පාර කොමෙන්ට් එක බලන්න එපා කියලයි.

කාගෙද මේ සල්ලි මල්ල ???

සාමන්යෙන් ලොතරැයි විකුනන මිනිස්සු ඕනම නගරයක පාහේ ඉන්නවනේ. මේකත් මේ ලොතරැයි විකුනන අය සම්බන්ධ බ්ලොග් සටහනක්. මන් මේ බ්ලොග් සටහන ලියන්නේ ඒ අයට හිනාවෙන්නවත් ඒ අයට අවනම්බුවක් කරන්න හිතාගෙන නම් නෙමෙයි.

ඇත්තට ඒ මිනිස්සු ලොකු ඇත්තට ඒ මිනිස්සු ලොකු වෙහෙසක් ගන්නවා තමන්ගේ ලොතරැයි ටික විකුනගන්න. එච්චර මහන්සි උනත් ඒ අයට එක ටිකට් එකකින් ලැබෙන්නේ රුපියලක් එහෙම නැත්නම් රුපියල් දෙකක් විතරයි. ඒ රුපියලක ලාභය ගන්න ඒ මිසිනිස්සු වෙන මහන්සිය නම් කියලා වැඩක් නෑ.

මේකයි කතාව. මමයි මල්ලියි දවසක් ගම්පොල ඉදලා හෙම්මතගම යන බස් එකක වාඩි වෙලා ඉන්නකොට ලොතරැයි විකුනන කෙනෙක් නැංගා බස් එකට. ඒ මනුස්සයා බස් එකට නැග්ග ගමන් '' කාගෙද මේ සල්ලි මල්ල ? '' කියලා කෑ ගැහුවේ නැතෑ.

මමයි මල්ලියි වාඩි වෙලා හිටපු සීට් එකෙන් නැගිටලා බැලුවා කවුද සල්ලි මල්ලක් දාලා ගිහින් තියෙන්නේ කියලා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා '' ගන්න අද වාසනාව. කෝටි දෙකක ජය මල්ලක් තියෙනවා. '' කියලා. බැලින් නම් මේ මනුස්සයා කියලා තියෙන්නේ ලොතරැයියේ ජය මල්ල ගැන. ඊට පස්සේ මමයි මල්ලියි මූනෙන් මූන බලාගෙන හිනා උනා.

ඔය වගේ ටිකට් විකුනන කෙනෙක් ඉන්නවා පිටකොටුව පැත්තේ. ඒ මනුස්සයා බස් එකට නැගලා ටිකට් එක දික් කරල කියනවා. '' ගන්නවනම් ගන්න. ඇදුනොත් මට නෙමෙයි. කෝටි 2ක ජය මල්ලක් තියෙනවා. ගියොත් විස්සයි. '' කියලා.

ඔය කොළඹ ඉදල කෑගල්ල පහු කරල යනකොට හරියටම කෑගල්ල හරියෙන් බස් එකට නගිනවා ලොතරැයි විකුනන මනුස්සයෙක්. ඒ මනුස්සයා කෑගහන්නේ '' ගන්න අද වාසනාව. කෝටි ක ජය මල්ලක් !!!! මාවනැල්ලේ උනම්බු ටිකට් !!!!! මාවනැල්ලේ උනම්බු ටිකට් !!!!! " කියලා.

මාත් බැලුවා කවුද මේ උනම්බු කියන්නේ කියලා. පස්සෙ තමයි මගේ ටිකිරි මොලේට මීටර් උනේ. උනම්බුව කියන්නේ මාවනැල්ල නගරයේ ටිකට් විකුනන මනුස්සයෙක්. උනම්බු ටිකට් වලට ගොඩක් දුරට දිනුම් ඇදෙන නිසාලු එහෙම කියන්නේ. සමහර දාට ඔය ටීවී එකෙත් පෙන්නන්නේ.

ඒ මනුස්සයගේ ටිකට් එකකට දිනුමක් තියෙනවා කියලා. ඕක අහලා අපේ මල්ලිත් ටිකට් එකක් ගත්තා. ඒත් එක අංකයක්වත් තිබ්බේ නෑ !!!!!

Proxy Server එක කියන්නේ මොකද්ද ???

අද නෙට්වර්ක් පාඩමෙන් කියල දෙන්නේ කොහොමද Proxy Server එකක් වැඩ කරන්නේ කියලා. ඔය සමහර සමාගම් වල විශ්ව විද්යාල වල එහෙම Proxy server එකක් දකින්න පුලුවන්. මුලින්ම බලමු මොකද්ද Server එකක් කියන්නේ කියලා.

Server එකක් කියන්නේ යම්කිසි පරිගනක ජාලයක මධ්යයගත පරිගනකයකට. Server එකකට මෙහෙමයි කියලා නිර්වචනයක් දෙන්න අමාරුයි. මං ඒකට උදාහරනයක් දෙන්නම්. අපි හිතමු අපි මොකක්හරි වෙබ් පිටුවක නමක් Web Browser එකේ Address බාර් එකේ ටයිප් කරල Enter බට්න් එක ක්ලික් කලා කියලා. ඊට පස්සේ අපේ Request එක දත්ත පැකැට්ටුවක් (Data Packet) විදිහට යනවානේ.


එහෙම යන දත්ත ටික යන්නේ අර ටයිප් කරපු Address එක අදාල කම්පියුටර් එකට. අන්න ඒකට තමයි Server එකක් කියලා කියන්නේ. හරි දැන් අපි Proxy Server එකට එමු. අන්න ඒ විදිහමයි එකත්. Proxy server ඒකත් අපි සම්බන්ධ පරිගනක ජාලයේ මධ්යගත පරිගනකයක්.

අපි හිතමු අපි මොකක් හරි Web Address එකක් ටයිප් කරලා Enter බට්න් එක ක්ලික් කරා කියලා. එතකොට අපේ Request එක මුලින්ම Proxy Server එක කියන කම්පියුටර් එකට යනවා. එකෙන් පරික්ෂා කරලා බලනවා අපි ඉල්ලපු Request එක වලංගු එකක් ද කියලා. Proxy Server එක මුලින්ම කරන්නේ ඉල්ලන ලද Request එක , Cache එකේ තියෙන එකක් ද කියලා බලන එකයි .එහෙම Cache එකේ තියෙන එකක් නම් කෙලින්ම Cache එකෙන් අරන් අපේ කම්පියුටර් එකට ලබා දෙනවා.

හරි අපි මෙහෙම හිතමු. Cache එකේ නැති Request එකක් Proxy Server එකට ආවා කියලා. ඊට පස්සේ Proxy Server එක පරික්ෂා කරනවා ලබා දිය නොහැකි Request අතරේ අපි ඉල්ලපු Request එක තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒ ඉල්ලීම අපට ලබා දිය නොහැක කියලා පනිවිඩයක් ලබා දෙනවා.

හරි අපි මෙහෙමත් හිතමු. Cache එකෙත් නැති Ban කරලත් නැති Request එකක් ආවා කියලා. එතකොට Proxy Server එක කරන්නේ අපි ඉල්ලපු Request එකට අදාල සර්වර් එකට ගිහින් ඊට අදාල දත්ත ටික අරගෙන අපිට ලබා දෙන එකයි. එහෙම අරගෙන එද්දි ඒ දත්ත ටිකෙන් කොපියක් තමන්ගේ Cache එකේ තියා ගන්නවා මතුවට ප්රයෝජනයට ගන්න කියලා.

ඔන්න ඕකයි Proxy Server එකෙන් කරන කාර්ය සරලව කියනවනම්. . නමුත් මේ Proxy Server එක බයිපාස් කරන්න පුලුවන් වෙබ් අඩවිත් තියෙනවා. අපේ විශ්ව විද්යාලෙත් තියෙනවා Cache.pdn.ac.lk කියලා Proxy Server එකක්

21 October 2010

ගොනුන් ගිය තොට ගොංගියතොට වී ද ???

අද ටිකක් කාර්ය බහුල දවසක්. වැඩ ගොඩක් තිබ්බා කරන්න. ඒ අස්සෙන් තමයි බ්ලොග් එකක් හරි දාන්න කියලා මේ පැත්තට ආවේ. අද ලියන්න කියලා දෙයකුත් නැහැ. අද පින්තූර කෑලී ගොඩක් හැදුවා මගේ බ්ලොග් එකට දාන්න කියලා.

සුපුරුදු පරිදි පිටකොටුවේ ඉදලා එන ගමන් යාලුවෙක් මුන ගැහුනා. මිනිහා අපේ ගමට එහා ගමේ. ඒ ගමේ නම ගොංගියතොට. ටිකක් විතර අමුතුයි නේ ?? මේකේ නම හදිච්ච හැටි අපේ ගමේ කට්ටිය කියන්නේ ඉස්සර එඩේරුන් ,ගොනුන් තණකොළ කවන්න එක්ක එන්නේ ඔය ගොංගියතොට එක්ක එන්නේ ඔය ගොංගියතොට කියන ගමට ලු.



කතාවෙත් චුට්ටක් ඇත්තක් තියෙන්න පුලුවන්. මොකො මං එහෙම කියන්නේ අපේ මොකො මං එහෙම කියන්නේ අපේ ගමේ නම එඩේරමුල්ල. එඩේරු කියන්නේ හරක් බලා ගන්න කට්ටියට නේ. ඉතින් මේ හරක් බලා ගන්න කට්ටිය, හරක් දක්කගෙන එහා ගමට එහෙමත් නැත්නම් ගොංගියතොටට ගියා වෙන්නත් පුලුවන්.

තව කතාවක් තියෙනවා. ගොංගියතොට කියන ගම හරහා තමයි එඩේරමුල්ල ස්ටේශන් එක (දුම්රිය ස්ථානය ) තියෙන්නේ. ඉස්සර දුම් රියෙන් නේ ඔය හරක් එලුවො වගේ සත්තු ඈත පලාත් වල ප්‍රවාහනය කරලා තියෙන්නේ. එහෙම සත්තු ගෙනියන කෝච්චියක් අසල තිබ්බ ඇලට පෙරලුනාලු. ගොනුන් ඇලට ගිය හින්දා ගොන් ගොනුන් ඇලට ගිය හින්දා ගොන් ගොනුන් ඇලට ගිය හින්දා ගොන් ගිය තොට උනාලු.

කොහොම උනත් ගමට නම හැදුනනේ. යාලුවත් බැහැලා ගියා. මං ඊට එහා හෝල්ට් එකෙන් බැහැලා ගෙදර යන්න කියලා ආවා.

හෙට ඉදන් අලුත් කතා දාන්නම්. දැන් Site එක හදලා ඉවරයි.

සියලු දෙනාටම ජය වේවා !!!!

රුචිරා ණනේ අහන්න. එකපාර මා මරන්න.

මේක මං පොඩිකාලෙ උන සිද්ධි යක් ඒ උනාට මේ කතාව මට අද ඊයේ උනා වගේ මතකයි. ඔය කාලයක් තිබ්බනේ මල් සිංදු වැස්සක් වගේ ආපු කාලයක්. ඒ වගේ තමයි ප්‍රසිද්ධ ස්ථාන ගැනත් සිංදු කියපු කාලයක් . එහෙම ගායකයෙකුගේ සිංදුවක් තිබ්බා නේ '' පොඩිකාලේ මරද වැල්ලේ... '' කියලා.

අපේ තාත්තා දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිත් තේ එකක් හදාගෙන (තේ එක හැදුවේ එයා නෙමෙයි හැදුවේ අම්මා ) පුටුවේ දිග ඇදුනා. මමත් කොහේ හරි ඉදන් රුචිරානනේ අහන්න එක පාර මා මරන්න කියලා කියාගෙන ආවා. (අර සිංදුවේ කෑල්ලක් )


අපේ තාත්තට ඕක ඇහිලා යස්සයා ආරුඩ උනා. '' යකෝ උබලව අපි හැදුවේ මරන්නද ? '' කියල අහලා මට හොදවයින් පාරක් දුන්නේ නැතෑ. සීන් එක මේකයි. අපේ තාත්තා දන්නේ නෑ ඒක සිංදුවක කෑල්ලක් කියලා

ඔයවගේ තව සිද්ධියක් මට මේකත් එක්ක මතක් වෙනවා. මේකත් ගීයක කොටසක් ගැන. දවසක් හැන්දෑවේ වැඩ ඇරිලා තාත්තා ගෙදර ඇවිත් සුපුරුදු පරිදී තේ එකත් අතේ තියාගෙන අම්මත් එක්ක බර කතාවක්. මොකද්ද මාතෘකාව? සිංදුවක් ගැන.

'' ඒ යි බලන්නකෝ අද කාලේ සිංදු කිසි කමකට නහැනේ. '' තාත්තා කියනවා.
''මොකද ඔයා එහෙම කියන්නේ ? '' කියලා අම්මත් ඇහුවා.
'' නෑ මේ මන් එද්දි සිංදුවක් ඇහුවා. ඒකෙ කියන්නේ ඉමිටේශන් මාල පොටේ පාත ගෑනූ නාන වෙලේ... '' කියලා.

කොහොමහරි මමත් ඔය සිද්ධිය අහගෙන හිටියේ. මට ඕක ඇහුන ගමන් බකස් ගාලා හිනා ගියා. සිංදුව මේකයි . ඉමිටේශන් මාල පොටේ පාත ගෑනු නාන වෙලේ නෙමෙයි. පාට ගෑවුනාම ගෙලේ.
වැඩේ කියන්නේ අපේ තත්තා කලබලේට අහගෙන තියෙන්නේ වැරදි විදිහට.

ඒක ලස්සන සිංදුවක්.

" ඉමිටේශන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ
සදක් වගේ පායා එන සිනහව මනරම්...
හදවත් සිප ගන්න සුවද සැබෑ රත්තරන්..... "

20 October 2010

ජාලකරණය හෙවත් නෙට්වර්කින්


සාමන්යයෙන් පරිගනක ක්ෂේත්රය ප්රධාන කොටස් 3කට බෙදා වෙන් කරන්න පුලුවන්. දෘඩකාංග (Hardware), මෘදුකාංග (Software) හා ජාලකරනය (Networking) කියලා. මේ කොටස් වලින් නෙට්වර්කින් මේ කොටස් වලින් නෙට්වර්කින් කියන්නේ ගොඩක් හොද ක්ෂේත්රයක්.
ලස්සන වචන සෙට් එකක් එහෙම අහන්න පුලුවන්.

සාමන්යෙන් මේ නෙට්වර්කින් පාඨමාලාවක් කරන්න විෂාල මුදලක් වැය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ විශය පථය මාර පුලුල්. ඒ නිසාම මමත් මගේ බ්ලොග් වලින් නෙට්වර්කින් වල තියෙන සමහර තැන් ඔයාලට කියල දෙන්න සූදානම් . මමත් ගොඩාක් දන්නේ නෑ. නමුත් දන්න ඒවයින් ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්නම්.

ගමක වරුණ

මේ කියන්න යන්නේ ගමක නමක් හැදිච්ච හැටි. ගමේ නම තමය් “තුම්පනේ ” . සාමන්යෙන් තුම්පනේ යනවා. තුම්පනේ ඉදලද එන්නේ කියලා අහන්නෙ ඒ තරම් හොද හේතුවකට නම් නෙමෙය්.

ඉතින් අද මන් කියන්නේ ඒ ගමේ නම හැදුන හැටි.


මේ ගමේ මිනිස්සු ඉස්සර ඉදන්. ඒ කියන්නේ රජ කාලෙ ඉදන් ජයටම කෙරුනු වෙලදාමක් තමය් පුවක් වෙලදාම. මේ මිනිස්සු ගමේ තියෙන ගස්වල පුවක් කඩාගෙන ඇවිත් ගමේ තියලම තවත් මොනාහරි දේකට හුවමාරු කරනවා. ඉස්සර තිබ්බේ භාන්ඩ කිරීමේ ක්රමයක් නේ.

මේ කට්ටිය පුවක් වෙලදාම් කලාට මොකෝ හරියට ගනින්න දන්නෙ නැතිලු. ඒ කිව්වේ එයලා ගනින්න දන්නේ පනහට විතරය් ලූ. දවසක් පුවක් ගන්න ආ මිනිහෙක්ට පුවක් ටික ගැනලා පනහේ ගොඩවල් ගහලා තිබ්බලු.

මේ මිනිහා අහුවලු පුවක් කොච්චර තියෙනවද කියලා. පුවක් වෙලෙන්දා කිව්වලු තුන් පනහක් (ඒ කියන්නේ එකසිය පනහක් කියන එකනේ. ) තියෙනවා කිව්වලු. එදා කියපු තුන් පනහා තුන්පනේ උනා කියලා තමය් ජනප්රවාදයේ තියෙන්නේ.