Showing posts with label ලිනක්ස්. Show all posts
Showing posts with label ලිනක්ස්. Show all posts

04 January 2012

ගූගල් සර්ච්

අන්තර්ජාලෙන් යමක් හොයනකොට සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කලාම ගොඩක්ම ලේසියෙන් අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.එහෙම අන්තර්ජාල සෙවුම් යන්තර අතරේ ගූගල් සෙවුම් යන්තරේ මාරම ජනප්‍රියයි.අනිත් එවුවා ගූගල් තරම් ජනප්‍රිය නෑ. ඒ හින්දමයි නෙට් එකෙන් මොනවාහරි හොයනවා වෙනුවට 'ගූගල් කරලා බලනවා' කියලා කියන්නේ. 

ඉස්සර නම් ගූගල් සෙවුම් යන්තරෙන් මොනවාහරි හොයනකොට අවශ්‍ය දේ ටයිප් කරලා එන්ටර් ක්ලික් කරන්න ඕනේ. නමුත් දැන් එහෙම ඕනේ නෑ අවශ්‍ය දේ ටයිප් කරගෙන යනකොටම සර්ච් රිසල්ට් ටික පහලින් වැටෙනවා. ලිනක්ස් වල ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එකක් රිමූව් (remove) කරන්න මාත් ගූගල් කලා. මට අවශ්‍ය දේ ටයිප් කරන්න හදනකොටම මට එහා පැත්තේ හිටපු එකාගේ කම්පියුටරේ අවුලක් කියලා මට පොඩ්ඩක් බලන්න කිව්වා. 

මාත් උගේ පැත්තට හැරිලා කතා කරන ගමන් ටයිප් කරන්න ගත්තා. (පලපුරුද්ද නිසා මොනාහරි ටයිප් කරන කොට කී බෝඩ් එක දිහා බලන්න ඕනේ නෑ.) ඒ වෙනකොට මම how to remove කියලා ටයිප් කලා විතරමයි. ඉතුරු ටික ටයිප් කරන්න කලින් මොකද්ද අවුල කියලා බලන්න මාත් පුටුව ඇදගෙන ඌ හිටපු මේසේට කිට්ටු උනා. "උබ ඕවත් සර්ච් කරනවද බං !" අපිත් එක්ක වැඩකරපු අයියා කෙනෙක් එහෙම කියාගෙන මට චාටර් හිනාවකුත් දාගෙන ගියා. මම ටාර් ගාලා මයේ මොනිටරේ දිහා බැලුවා. ගූගල් සර්ච් රිසල්ට් ටික දැක්කම මට පොලව පලාගෙන යන්න හිතුනා. 

එක පෙලට වීඩියෝ තොගයක් රිසල්ට් වල තිබ්බා. මට ආපු සර්ච් රිසල්ට් ටික බලන්න ඕනේ නම් ගූගල් සයිට් එකට ගිහින් how to remove කියලා ටයිප් කරන්න. එන්ටර් කරන්න ඕනේ නෑ. මාත් එන්ටර් ක්ලික් කලේ නෑ.

 

 -------------------------------------------------------------------- 

ප.ලි. - ඔය විදිහට how to use කියලා ටයිප් කලාමත් සිරා රිසල්ට් ටිකක් එනවා කියලා මට එහා පැත්තේ හිටපු එකා කිව්වා. ප.ප.ලි.- රටින් රටට සර්ච් රිසල්ට් වෙනස් වෙනවා කියපු නිසා මේ තියෙන්නේ මට ආපු රිසල්ට් ටික 


 

12 March 2011

ලිනක්ස් වලට සිංහල ඩික්ශනරියක් | Sinhala Dictionary for Linux

නෙට් කනෙක්ශන් එක අප්ඩේට් වෙන්න තව තියෙන්නේ දවසයි. මේ මාසෙට මගේ වී කෙයාර් ඕල් වේස් කනෙක්ශන් එකේ 300MB ඉතුරු වෙච්ච හින්දා මොනාහරි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා හිතුනා.

ඩවුන්ලෝඩ් කරන්න හිතුවට මොකෝ ඔය සොච්චමට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලැයි. 300MB ෆිල්ම් එකක් උනත් ඩවුන්ලෝඩ් කරන්න යද්දි දෙ තුන් පාරක් කනෙක්ශන් එක නැති උනාම ඒකෙනුත් වැඩක් නැහැනේ . මොකද පේරාදෙණියට ඔය ඕල් වේස් කට්ටියගේ 3G සිග්නල් ගොඩක් අඩුයි .

ඒ නිසා මගේ කම්පියුටර් එකේ ලිනක්ස් වලට ලාටෙක් (LaTeX) වත් දාන්න ඕනෙ කියලා හිතුනා. ලාටෙක් කියන්නේ ඔය ඩොකියුමන්ට් (Word, Powerpoint, වගේ ඒවා. )එහෙම හදන්න ගන්න ප්‍රෝග්‍රෑම් එකක් හැබැයි ඔෆිස් වල තරම් ලේසි නෑ.තනිකරම කෝඩ් එකෙන් තමයි ඔය සේරම ඩොකියුමන්ට් එකම හදන්නේ.කෝඩ් එක ලියලා කම්පයිල් (Compile) කලාම හැදෙන්නේ අපට ඕන කරන pdf එක. මේකේ වාසිය තමයි පිටු ඕනම ගානක ඩොකියුමන්ට් හදන්න පුලුවන්. වර්ඩ් වල පිටු සියයක් පනිද්දි මාර ලෙඩ දෙන්නේ. ඒ අතින් මේ ක්‍රමය නියමයි.

ආහ් තව පොඩ්ඩෙන් කියන්න ආපු කාරනාවත් අමතක වෙනවා. ලාටෙක් ඉන්ස්ටෝල් කලාට පස්සේ මට හිතුනා ලිනක්ස් වලට හදපු සිංහල ඩික්ශනරි (Dictionary) එහෙම නැද්ද කියලා හොයන්න. එහෙම හොයාගෙන යද්දි මට පට්ට ඩික්ශනරි එකක් ලැබුනා. සමහරවිට ඔයාලා මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති. දන්නේ නැති අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි නේ. මේකෙන් වචනයක් හොයන්න මාරම ලේසියි කරන්න තියෙන්නේ වචනේ උඩ ඩබල් ක්ලික් කරන්න විතරයි.

මෙහෙමයි ඉන්ස්ටෝල් කර ගන්නේ....

පියවර 01
ලිනක්ස් ටර්මිනල් එකේ පහත කමාන්ඩ් එක ටයිප් කරලා Enter කරන්න.
apt-get install stardict

පියවර 02
මෙකෙන් වෙන්නේ ඩික්ශනරිය ඉන්ස්ටෝල් වෙන එක විතරයි. සිංහල දාන්නේ මෙහෙමයි.සිංහල ඩික්ශනරි ෆයිල් ටික මෙතනින් අරගන්න.ඩවුන්ලෝඩ් වෙන ටාර් (.tar) ෆයිල් එක පහත කමාන්ඩ් එකෙන් එක්ස්ට්‍රෑක් (extract) කර ගන්න.
tar -xzvf sinhala-stardict-120908.tar.gz

පියවර 03
ඊට පස්සේ එක්ස්ට්‍රෑක් ගර ගත්ත ෆයිල් ටික /usr/share/stardict/dic ඔය පාත් එකේ dic ෆෝල්ඩරයට කොපි කරන්න.

පියවර 04
දැන් Accessories සබ්මෙනු එකේන් ඩික්ශනරිය ඕපන් කර ගන්න පුලුවන්.

ඔය වගේ වින්ඩෝස් වලටත් ඩික්ශනරි තියෙනවද කියලා බැලුවා. ඒත් වැඩේ හරි ගියේ නෑ.මධුර ඩික්ශනරිය තියෙන නිසා අවුලක් නැහැනේ.

තව ලිනක්ස් වලට ඕන කරන සොෆ්ට්වෙයාර් ටිකකුත් දැම්මා. මේ ඔක්කෝම ඩවුන්ලෝඩ් කරලා එද්දි මගේ ඩොන්ගල් එකේ ෆ්‍රී ඩේටා ඉවරත් වෙලා Access Usage යන්නේ .හිනා වෙන්න එපා.මේ පෝස්ට් එක දාන්නෙත් යාලුවෙක් ගේ ඩොන්ගල් එකෙන්.

ප.ලි.- ලාටෙක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නම් මේ පහත කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කොරලා එන්ටර් කරන එකයි ඇත්තේ. 100MB විතර ඩවුන් ලෝඩ් වෙනවා.
sudo apt-get install texlive