24 April 2026

දුම්රිය අනතුරකට මුහුණ පෑමට සිදු උනෙමි

 වෙනදා වගේම මම පුතාව ඉස්කෝලේට ඇරලවන්න ආවා. උදේ නිකන් වහින්න වගේ අහසේ කළු වලාකුළු තිබ්බ නිසා මම බයිසිකළය පනදුරෙන් දාලා බස් එකේම කළුතරට ආවා. උදෙන්ම හම්බ වෙච්ච මාතර බස් එක නිසා 6:30 වගේ වෙනකොට කළුතරට ඒ ගන්ඩ පුළුවන් උනා.

පුතාව ඉස්කෝලෙන් තියලා මම ආයෙම පානදුරේට එන්ඩ කළුතර ටවුම දිහාවට පයින් ආවා. කළුතර ස්ටේශන් එකට ඇවිත් ටිකට් ගන්නකොටම කළුතරින් පටන් ගන්න කෝච්චිය එන බව දැනුම් දුන්නා. මම ඒ කෝච්චියට නගින්ඩ පළමුවෙනි වේදිකාවට වෙලා ඉන්නකොට තමයි දෙවෙනි දැනුම්දීමක් ලැබුනේ. ඒ බෙලිඅත්තේ ඉදලා එන සාගරිකා කෝච්චිය දෙවෙනි වේදිකාවට එනවයි කියන එක. ඉතින් ස්ලෝ එහෙක යනවට වඩා එක්ස්ප්‍රස් එහෙක ඉක්මනට යන්ඩ පුලුවන් නිසා මාත් දෙවෙනි වේදිකාවට මාරු වෙලා සාගරිකා කෝච්චියට ගොඩ උනා.

උදේ ඔෆිස් ටයිම් එක නිසා ටිකක් සෙනග වැඩියෙන් හිටියා. මාත් බැහැගන්ඩ ලෙහෙසි නිසාම කෝච්චියේ ඇතුලට හිරවෙලා යන්නේ නැතිව දොර කිට්ටුවෙන්ම වගේ උන්නා.

ටික වෙලාවකින් කෝච්චිය කළුතරින් පිටත් උනා.මාත් ඔහේ මනෝපාරක් ගහගෙන හිටියේ. කෝච්චියත් සෑහෙන වේගයෙන් යනවා. හරියටම වාද්දූව ස්ටේශන් එක පහු උනා විතරයි. එක සැරේටම කෝච්චිය උඩ පැන්නා වගේ උනා. අර බස් එකක් ස්පීඩ් බම්ප් එකකින් හයියෙන් ගියහම උඩ යන්නේ.... ආන්න ඒ වගේ කෝච්චිය උඩ ගියා. ඊට පස්සේ මොකවත් හිතන්ඩ වේලාවක් උනේ නෑ. නොහිතන තරම් වේගයකින් කෝච්චිය දෙපැත්තට පැද්දෙන්ඩ ගත්තා.

ඒ පැද්දිල්ලට ඇළුතේ හිටගෙන හිටපු අය එහේ මෙහේ වැටෙන්ඩ ගත්තා. මම අල්ලගෙන හිටපු යකඩ බාර් එක තව හයියෙන් අල්ල ගත්තා. ඊට පස්සේ තත්පරේදී කළුගල් කෑලි උඩ ගහන්න ගත්ත. ඒත් එක්කම එංජිම හරියෙන් කළුපාට දුමාරයක් ආවා.

මගේ හිතට ආපේ එකම එක අදහසයි. කෝච්චිය කොයි වෙලාවක හරි කොයි පැත්තට හරි පෙරලෙයි කියලා. 

අම්මෝ එක බයටම මගේ නිකන් ප්‍රෙශර් එකත් වැඩි වෙලා වගේ කියලා දැනෙන්ඩ ගත්තා. 

පෙර පිනකට වගේ කළුගල් ගොඩ දිගේ ඇදීගෙන ගියපු කෝච්චිය කිසිම පැත්තකට නොපෙරලී නතර උනා. ඊත් ඔලුව නිකන් තෝන්තු වෙලා වගේ.

එක විනාඩියකට විතර පස්සේ "කෝච්චිය පීලි පැනලා" කියලා කවුදෝ කියනවා ඇහුනා, කෝච්චිය පෙරලෙන්ඩ කලින් මං හනිකට බැහැගත්තා. බැහැලා ලඟම තිබ්බ තාප්පෙකට හේත්තු වෙලා ටික වෙලාවක් හිටියා.

ජීවිතේ මරණ බය දැනිච්ච අවස්ථාවක් ඒක... !

ඔන්න විනාඩි කිහිපයකට පස්සේ කට්ටිය තම තමන්ගේ ෆෝන් වලින් කෝච්චියේ වීඩියෝ, පොටෝ ගන්න ගමන් හිටියා. මම එතැන එක විනාඩියක්වත් ඉන්නේ නැතිව ආයේම ගාළු පාරට ආවා.

වාසනාවකට වගේ කිසිම ජීවිත හානියක්වත් වෙලා තිබුනේ නෑ. ඒ වගේම බරපතල තුවාල ලබපු අය උන්නෙත් නෑ.

අනූනමයෙන් සෑහෙන ඔක්කෝම දෙනා බේරිලා තිබුනා.

මේ ඒ සිදුවීම මුහුණු පොතට එක් කරලා තිබුන කෙනෙක්ගේ වීඩියෝ සහ පින්තූර පෙළක්..





කොහොමහරි මේ සිදුවීම නිසා අද දවසම වගේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දූවට වෙනකන් විතරයි කෝච්චි ධාවනය උනේ. ඒ නිසා මිනිස්සුන්ට ගෙදර යාගන්ඩ නොමිලේ බස් සේවයකුත් රජයෙන් දාලා තියෙනවයි කියලා පණිවිඩයක් හුවමාරු වෙලා තියෙනවා. ඒක නම් කොහොමද දන්නේ නෑ

වේලාව හරියටම 7:28 වෙනකොට තමයි මේ අනතුර සිදු උනේ. ආයේ නම් කාළයක් යනකන් කෝච්චි වල නම් යන්නේ නෑ.

8 comments:

  1. කිසි කෙනෙකුට හානියක් සිදු නොවේවා. තුවාල ලබපු අයටත් ඉක්මන් සුවය පාර්ථනා කරමි.

    ReplyDelete
  2. එහෙම මරණ බයවල් දැනෙන මොහොතවල් අපට ජීවත් වෙන්න තියෙන කාලයේ කළ යුතු දේවල් මතක් කර දෙනවා නේද..

    ReplyDelete
  3. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
  4. 28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව

    ඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.

    අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.

    28 – 8583

    මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.

    මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

    වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
  5. අලුත් අවුරුද්ද සුබ වෙනවා.. ඒක තමයි ඔය පෙර නිමිත්ත.. :))))

    ReplyDelete
  6. දුම්රියපල පෙම්වතුන්ගේ සරසවි උයන

    ReplyDelete
  7. මදුරංග මල්ලි මදුරංගගේ පුංචි පුතා දුම්රියේ හරි බස් එකේ හරි පාසල් යවන්නේ නැති එකනම් හොදයි.

    මොකද ඔය වාහනවල ඉන්නව මල්ලි කොලුකාරයෝ. ඔන් ගොඩක් ආසයි පුංචි පුතාලට.

    මල්ලික පූජාව වුණත් බස් එකේ යනකොට පිටිපස්ස පැත්තෙන් ඇවිල්ලා ජැක් එකක් ගහන්න ඉඩ තියෙනවා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.