30 April 2012

හැලීගේ ධූමකේතුව

ජීවිතය දිහා එක එක්කෙනා බලන විදිහ එකිනෙකට වෙනස්. ඒ වෙන වෙනස් විදි චිත්‍ර වල ඇදපු පින්තූර මේල් එකක් මේ ලඟකදි මට බලන්ඩ ලැබුනා. ඒ පින්තූර වලින් මගේ හිතට අල්ලලා ගියපු පින්තූරේ තමයි පහලින් තියෙන්නේ.


හැලීගේ  ධූම කේතුව !!!

හැලීගේ ධූම කේතුව කියලා  වසර 76කට විතර වතාවක් විතර පෘථුවි වාසින්ට දකින්න හම්බ වෙන ආකාස වස්තුවක් !!!

ඔය කියන හැලීගේ ධූම කේතුව අන්තිම වතාවට දර්ශනය උනේ  1986 අවුරුද්දේ පෙබරවාරි 9 වෙනිදා !!

ආයෙමත් මේ ධූම කේතුව දර්ශනය වෙන්න නියමිතව තියෙන්නේ 2061 අවුරුද්දේ ජූලි 28 වෙනිදට !

අවුරුදු  76කට වතාවක් දර්ශනය වෙන නිසා වැඩිම උනොත් මනුස්සයෙක්ගේ ජීවිත කාලය ඇතුලත මේ ධූමකේතුව දෙපාරක් බලන්ඩ පුළුවන් වෙයි ! (
මට නම් එක වතාවක් වත් බලන්ඩ වෙන්නේ නෑ)
  
ඒ අතින් බලනකොට අවුරුදු 2000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉහලින් කී වතාවක් නම් මේ ධූමකේතුව පායන්ට ඇති ද !!!

ප.ලි. - වැඩි විස්තර කියවන්ඩ ඕන කෙනෙක් ඉන්නවා නම් මෙන්න විකිපීඩියා සබැඳිය !

26 April 2012

කාලයකට පස්සේ....

වෙනදා වගේම වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑ කෑමත් කාලා දවසේ බ්ලොග් පෝස්ට් ටික කියවන්ඩ කොම්පීතරේ ලඟට ආවා.ඇවිත් කොම්පීතරේ ඔන් කරන බොත්තම එබුවම වෙනදා ඇහෙන ටීක් සද්දය ඇහිලා ටික වෙලාවකින් කොම්පීතරේ ඕෆ් උනා. මම් ආයෙම ඔන් කරන බොත්තම එබුවා. ආයෙත් අර ටීක් සද්දේ !!

කොම්පීතරේ මොන කුණුහරුපයක් කියනවද මන්දා. කොච්චරවත් ඔන් කරන බොත්තම එබුවට පණ එන්නෙම නෑ. කළුපාට ස්ක්‍රීන් එක (බයෝස්) විතරමයි ලෝඩ් වෙන්නේ !!

මෙහෙම දෙයක් මට මීට කලින් අහුවෙලා නැති නිසාදන්න කියන කට්ටියගෙන් ඇහුවා මොකද්ද අවුල කියලා.එවුනුත් ඒ හැටි දන්නේ නෑ. ඒ නිසා මම් පහුවෙනිදා වැඩට ගියහම අන්තර්ජාලෙන් හොයලා බැලුවා කොම්පීතරේ මොන කෑල්ලේ අවුලක්ද තියෙන්නේ කියලා.

එතකොට මට ශෝක් උත්තරයක් ලැබුනා. පහලින් තියෙන්නේ ඒ උත්තරේ !!!

මුලින්ම  රැම් එකේ අවුලක්ද කියලා බලන්න.ඒකට රැම් එක ගලවලා වෙන ස්ලොට් එකකට ගහලා බලන්න. එතකොට මැෂින් එක ඔන් වෙනවනම් ස්ලෝට් එකෙයි අවුල !!!

ඒත් ඔන් වෙන්නේ නැත්නම් රැම් එක ගලවලාම දාලා ඔන් කරන්න. එතකොට අර ටීක් ටීක් සද්දේ දිගටම ඇහෙනවනම් මදර්බෝඩ් එකේ එවුලක් නෑ කියලා හිතන්ඩ පුළුවන් !!!

සමහර විට කාඩ් වල (නෙට්වර්ක් කාඩ්, ග්‍රැෆික් කාඩ් වගේ ඒවා...) අවුලක් වෙන්ඩ පුළුවන් !ඒ නිසා ඒවා ගලවලා ඔන් කරලා බලන්න. ඔන් වෙනවනම් ඒ කාඩ් එකක අවුලක් !

මේ වෙනකොට ප්‍රොසෙසර් එකේ අවුලක් තියෙන්ඩ බෑ ලූ !

තවදුරටත් ප්‍රොසෙසර් එක චෙක් කරන්ඩ ඕන නම් කූලින් ෆෑන් එක ගලවලා මැශින් එක ඔන් කරලා ප්‍රොසෙසර් එක උඩ ඇඟිල්ල තත්පර දෙකක් තියලා බලන්ඩ. ප්‍රොසෙසර් එක රත් වෙනවා නම් ප්‍රොසෙසර් එකේ අවුලක් නෑ. !!!
හැබැයි තත්. 5කට වඩා රත් වෙන්න දෙන්න එපා. එතකොට නම් ප්‍රොසෙසර් එක පිච්චිලා යයි !!

ඔහොම ටෙස්ට් වගයක් කරලා අවුල ලිහා ගත්තා. අවුල ලිහාගන්ඩ සෑහෙන ගානකුත් වියදම් උනා.

එහෙම මැෂින් එක ගොඩ දාගෙන මම් ආයෙම බ්ලොග් ලියන්ඩ ආවා. මම් ගැන හොයලා බලපු නොබලපු හැමෝටම ස්තුතියි !!! එහෙනම් ගිහින් එන්නම්....