27 June 2018

දන්සල් වැඳීමේ කළාව

වෙන අවුරුදු වල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වෙසක් පෝය තිබ්බේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මිනිස්සු සිංහල අවුරුද්ද සමරලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙසක් පෝයත් ඇවිල්ලා.  ඔන්න ඔය සීන් එක නිසා මෙදාපාර මිනිස්සුන්ට හරියට වෙසක් සමරගන්නත් බැරි උනා.

ඒ හින්දමද කොහෙද වෙසක් එකට දන්සල් වල අඩුවක් එහෙමත් මං දැක්කා. අවුරුදු වියදම් වලින් හතේ හත වැදිලා උන්නු මිනිස්සුන්ට දන්සලකට කියලා කීයක් හරි දීගන්න විදිහක් නැති වෙච්ච එක වෙන්ඩ ඕන මූලිකම හේතුව.

වෙසක් පෝය අප්‍රේල් වලට ගිය නිසා පොසොන් පෝය මැයි මාසෙට ගියා. මිනිස්සු නම් කැ4මති උනේ නෑ මැයි මාසේ තිබ්බ පෝය, පොසොන් පෝය කියලා සමරන්න. ඒ හින්දම ඒ පෝය අධි පොසොන් පෝය වෙලා ජූනි මාසේ තිබ්බ පෝය ඔරිමජිනල් පොසොන් පෝය උනා.

හැබැයි අපරාදේ කියන්ඩ බෑ ඇදි පොසොන් පෝයටත් දන්සල් තිබ්බා. දන්සල් වලින් නම් ඒ පෝයයි මේ පෝයයි කියලා වෙනසක් නෑ. දිගට හරහට දන්සල්.

පොඩි කාලේ ඉදලම පුරුදු වෙච්ච හින්දම ද මන්දා වෙසක් පෝයටයි පොසොන් පෝයටයි මට ගෙදර ඉදලා ගෙදර බතක් කාලා ඉන්න හිතෙන්නෙම නෑ.

17 June 2018

පහ සමත්

පහුගිය ලිපි සැට් එකම ලිව්වේ මම සංචාරය කරපු එක එක ස්ථාන ගන නිසා මේ ලිපියෙන් වෙන දෙයක් ලියන්ඩ ඕන ය කියලා හිතුනා. අද ලියන්ඩ යන්නේ මම ලඟදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන. අවුරුද්දකට සිංහල චිත්‍රපටි පහ හයක් එලි දක්වනවා නෙව.

ඒවයිනුත් ගොඩක් චිත්‍රපටි, 'වාණිජ චිත්‍රපටි' ලේබලයෙන් එලි දක්වන එව්වා. ඒ ඇරෙන්න හොඳ කතා තේමාවක් ඔස්සේ එන චිත්‍රපටි එන්නේ කලාතුරකින්. යම්කිසි කතා බහකට ලක් කළ යුතු චිත්‍රපටියක් ලංකාවේ නිර්මාණය වෙන්නේ එහෙමත් කාලෙකින්.

මේ ලඟකදි ආපු පහ සමත් චිත්‍රපටිය මම බැලුවට පස්සේ පොඩි අදහසක් ඒ ගැන ලියන්න ඕන කියලා හිතුනා.

පහ සමත් චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ ඈත කැලෑ ගමක ජීවත් වෙන, පහ වසරේ ඉගෙන ගන්න සමත් කියලා කුඩා දරුවෙක් ගැනයි.

09 June 2018

මගේ ගමන් සගයා පානදුරේට ආ හැටි

පහුගිය අවුරුදු කිහිපයම මම මහන්සි උනේ ගෙයි වැඩ කටයුතු ටික එකලාසයක් කරගන්න. ඒක යාන්තන් එකලාසයක් කර ගන්න පුලුවන් උනා. සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න නම් තාම හම්බ උනේ නෑ. ඒත් පදිංචි වෙලා ඉන්න පුලුවන් විදිහේ වැඩ ටිකක් ඉවර කරගන්න පුලුවන් උනා.

ඒ දවස්වල මට එක එක වැඩ වලට හාඩ්වෙයාර් එකට දුවන්නයි පානදුරේට ගිහින් එන්නයි සිද්ධ උනා. ඒ හැම දේටම බස් හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන් කාලේ කකා ඉන්න සිද්ධ වෙනවා. ලඟපාතක නං කකුල් දෙකට පිං දිදී පයින්ම බඩගානවා. මේ නිසාම මට මොකක් හරි වාහනයක් තිබ්බා නම් හොඳයි කියලා අනේක වාරයක් හිතිලා තියෙනවා.

එහෙම හිතුනට ඒකට වියදම් කරන්න වෙනම මුදලක් අතේ තිබ්බේ නෑ. ඒ නිසා එහෙට මෙහෙට දුවලා එන්න පොඩි වාහනයක් ගන්නවයි කියලා එන හීනය දවසෙන් දවසම ඈතට ගියා.

දැනට අවුරුද්දකට විතර උඩදී මම අපේ තාත්තගේ බයිසිකලයෙන් ට්‍රයල් පෙන්නලා ලයිසොම ගත්තා. ලයිසනුත් තියෙන එකේ බයිසිකලයක් ගන්න තිබ්බා නම් හොදයි කියලා වැඩි වැඩියෙන්ම මට පහුගිය අවුරුද්දේ හිතෙන්ඩ ගත්තා.

පෝදා පාහියංගල වන්දනාව - 2 කොටස

අළුබෝමුල්ලේ ඉදලා පැයක විතර කාළයකින් අපි පාහියංගලට ලඟා උනා. පෝය දවසක් නිසා වන්දනාකරුවෝ ටිකක් වැඩියෙන් පාහියංගලට ඇවිල්ලා තිබුණා. අපි බයිසිකලේ පාර්ක් එකෙ නවත්තලා පන්සල පැත්තට ආවා. පන්සලට යන පාර පටන් ගන්න තැනම පොඩි තොරණක් ගහලා තියෙනවා.

ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසේ ලංකාවට පැමිණි චීන ජාතික දේශ සංචාරක පාහියන් හිමියන් නවාතැන් ගත්තු ලෙන නිසා මේ ලෙන් විහාරයට පාහියන්ගල කියල ප්‍රසිද්ධ උනාලු. නමුත් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ බව තාම තහවුරු කරගෙන නෑයි කියලා තැන් තැන් වල ප්‍රදර්ශනය කරලා තියෙන පුවරු වල සදහන් උනා.

නියම සංචාරකයෙක් නං සංචාරයෙන් පස්සේ එතැන පා සටහන් විතරයි ඉතුරු කරලා යන්නේ. ඒ ඇරෙන්න කිසිවක් දාලා යන්නේ නෑ. ඒ අතින් උන්නාන්සේ නියම සංචාරකයෙක් කියලා පැහැදිලි වෙනවා.

04 June 2018

පෝදා පාහියංගල වන්දනාව

මේ අවුරුද්දේ වෙසක් පෝය දවසයි පොසොන් පෝය දවසයි යෙදිලා තිබුණේ හරි අපූරු විදිහකටයි. වෙසක් පෝය බක් මාසයේත් පොසොන් පෝය වෙසක් මාසයේත් යෙදිලා තිබුණා. ඒ උනාට සමහර දින දර්ශන වල නම් මේ පෝය 'අධි පොසොන්' පෝය විදිහට නම් කරලා තිබුණා. මේ හින්දමද කොහෙද වෙනදට පොසොන් පෝයට තියෙන පෝදා දහම් කාරණා වල අඩුවක් දකින්න පුලුවන්. අපේ පන්සලේ එහෙම මිහිදු පෙරහැර පැවැත්තුනේ නෑ.

හැබැයි එහෙම කියලා නෑ. මේ පෝය දවස දන්සල් වලින් නම් බොහොම සරු සාරයි !

පෝයක් කියන්නේ මට නම් නිවාඩු දවසක් නිසා ගෙදර කම්මැලිකමේ උන්නා. එතකොට තමා මට හිතුනේ කොහේ හරි යන්න ඕන ය කියලා. මගේ රයිගම් රාජධානියේ සංචාරයෙන් කොටසක් යන්න තිබුණා නම් කියලා හිතුනා.

එහෙම කල්පනා කර කර ඉන්නකොට තමයි අපේ උන්දෑ කිව්වේ ඔයා පාහියංගල යන්න ඕන කියලා කිය කියා ඉන්න නිසා එහේ යං කියලා.

"ඒකත් හොද අදහස !" මාත් ඒ තීරණය අනුමත කරලා දෙන්නම උදෙන් ගෙයින් එලියට බැස්සා පාහියංගල යන්න හිතාගෙන.වෙනදා නම් මේ වගේ ගමනක් යනකොට බස් හෝල්ට් ගානෙයි පයිනුයි යන්න සිද්ධ වෙන නිසා මේ වගේ ගමන් යන්න අපේ උන්දෑ එච්චර මනාප නෑ.

දැං තත්වේ වෙනස්. මගේ බයිසි මොටෝව තියෙන නිසා හිතෙන ගමනක් සුටුස් ගාලා ගිහින් එන්ඩ පුලුවන්. එදිනෙදා ගමන් බිමන් යෑම ඒ තරමටම සරල වෙලා.

මං රුක්ගහ තොටුපොල පාරේ ඉදලා කුරුස හන්දියෙන් පානදුරේ හොරණ පාරට හැරෙව්වා. එතන ඉදලා අළුබෝමුල්ල හන්දිය, බොල්ගොඩ හරහා රමුක්කනට ඇවිත් එතනින් බණ්ඩාරගමට ආවා.

බණ්ඩාරගම පහු කරගෙන හොරණ කිට්ටුවට එනකොට පාර අයිනේ බෙලිමල් දන්සලක් දෙනවා. බෙලිමලුයි සීනි හකුරුයි. එතනින් බෙලිමල් එකක් බීලා හොරණට ආවා. හොරණ-අඟුරුවාතොට පාරට බයිසිකලය හරවලා කිලෝ මීටර් තුනක් විතර ඒ පාරේ ආවා. කිලෝමීටර් 3ක් විතර ආවහම බැල්ලපිටිය කියලා හන්දියක් හම්බ වෙනවා.

බැල්ලපිටිය හන්දියෙන් බුලත්සිංහල මතුගම පාරට හරවන්ඩ ඕන.ඊට පස්සේ අපි කදන හන්දියට ආවා. ඒ හරියේ නම් බත් දන්සලක් දෙන්න ලෑස්ති කරලා තියෙන විත්තිය අපි ඈත තියාම දැක්කා. එනගමන් ඒ දන්සල වැඳගෙන එන්ඩ ඕන කියලා හිතේ තියාගෙනම පාරේ ඉදිරියටම ඇදුනා. කදන හන්දියෙන් එහාට්ට පාර හරිම ලස්සනයි පාරේ සමහර තැන් වල එක යායට රබර් වවලා තිබ්බා. සමහර තැන් වල පොඩි පොඩි තේ වතු හිටං තිබුනා. කදන හන්දියෙන් පස්සේ අපිට ඊලඟට හම්බ වෙන්නේ නාරගල කියලා ගමක්.