Showing posts with label ධනූගේ සංකල්පනා. Show all posts
Showing posts with label ධනූගේ සංකල්පනා. Show all posts

05 May 2012

සසරේ තවමත් මග ගෙවමි

සඳ නැති කළුවර අහසක අරුමය
ජීවිතයේ දුක මට කිව්වා
ජීවිතයේ ගන අඳුර මකන්නට
පහනක් මා දසතම සෙව්වා

පහනක් සොයමින් මා යන කලදි
වෙසක් සඳේ ඔබ නැඟ ආවා
සඳ කිරණින් ඔපවත් වූ නගරයේ
මාවතකට මා ඇවිද ගියා

දෙවුරම් වෙහෙරේ ගාණ්ඨා නාදය
මගෙ සවන්පත් හා ගැටුනා
කිසිවක් නොසිතා කිසිවක් නොඳොඩා
මගේ දෙපා ඒ වෙත ඇදුනා

ගලන මදනල දෙවුරම් වෙහෙරේ
රාගයේ ගිනි නිව්වා මතකයි
නැති වූ දේ ගැන සිත පෙලමින් තිබු
සෝක සුසුම් නිව්වා මතකයි

බුදු හිමිගේ හඬ, දම් මණ්ඩපයෙන්
ඇසුනා මට ඇසුනා මතකයි
තවත් කලයක් මිනිස් වෙසක් ගෙන
සසර විඳින්නට පින් පිරුනා මතකයි

සසරේ දුක දැක, සසරේ අඳුරට
බිය උවත් මගෙ සිත හැඬුවා
තවත් කාලයක් ජීවිතයේ රස
විඳිය යුතු මගෙ සිත හැඬුවා

බුදු හිමියනි පෙර පින් නැති කම්දෝ
මම තව මත් මේ සසරෙ සිටී....
තවමත් ඔබගේ දහම් අසමි
සිත් තුල ගිනි දුක් නිවා ගනි....

---------------------------------------------------------------------

ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !

01 May 2012

කවියක් මට දෙන්න

අකුරු වැලක් ගලපලා
ගී පදයක් මුමුණලා
සුන්දර මතකයන් පිරුනු
කවියක් මට දෙන්න
මගේ හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න

ජීවිතයට අරුතක් දුන්
ඔබේ වදන් ඔබේ හඬින්
කඳුලක් නැති ආදරයක්
කවියක් කර දෙන්න
මගේ  හිතේ රඳවගන්න
කවියක් මට දෙන්න

ඔබ යන බව මම දන්නවා
වෙන් වීමේ දුක දැනෙනවා
ඔබ ගිය කල මට බලන්න
කවියක් මට දෙන්න
කඳුළු වැලක අමුණලා
කවියක් මට දෙන්න

සිතේ ඇඳුන සිහින සිතුම්
බොඳ වූ වත් මැකී ගියත්
ඒ මතකය විඳගන්නට
කවියක් මට දෙන්න
ඔබ සිහිකර මුමුණන්නට
කවියක් මට දෙන්න


ප.ලි. - ධනූගේ කවි සංකල්පනාවක් !