Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

13 October 2025

රයිෂන්බාක් ඇල්ල

 මනඃ කල්පිත රහස් පරීක්ෂක චරිතයක් වෙච්ච ෂර්ලොක් හෝම්ස්ගේ කතාන්දර ස්ට්‍රැන්ඩ් සඟරාවට ලිය ලියා උන්නු සර් ආතර් කොනන් ඩොයිල්ට මේ රහස් පරීක්ෂක චරිතය නිසා සෑහෙන කරදරෙන් හිටියේ. ඒ ෂර්ලොක් හෝම්ස් කතා දිගින් දිගටම ලියන්න කියලා පාඨකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා.

මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් කතා 24ක් විතර සර් ආතර් කොනන් ඩොයිල් ලියා තිබුනා. ඉතින් තමන්ගේ වෛද්‍ය වෘත්තියයි ලේඛන කළාවයි දෙකම එකට කරගෙන යන්ඩ බැරි නිසා ඔහු මේ රහස් පරීක්ෂක  චරිතය මරන්න ක්‍රමයක් හෙව්වා.

09 April 2025

දිස්පරයු

 මේ ළඟදි හොඳ පොතක් කියවන්න පුළුවන් උනා. මේ පොත නිකුත් වෙලා නම් සෑහෙන කාළයක් ගිහින් තියෙන්නේ. ඒත් මම කලින් පෝස්ට් එකේ කියලා තියෙන විදිහට පොත් වල ගණන් වැඩිකම නිසා කොච්චර හොඳයි කියලා කියන පොතක් උනත් ගන්න කලින් දෙපාරක් හිතන තත්වයට මම පත් වෙලා ඉන්නේ.

ඒකට ආසන්නතම උදාහරණය තමා මැයි මාර ප්‍රසංගය. ඒක කට්ටිය හොඳයි හොඳයි කියලා කියන නිසාත්, මේ කතුවරයාගේම සෙංකොට්ටං හා මානික්කවත කියන පොත් දෙක කියවලා තියෙන නිසාත් මම දෙපාරක් නොහිතා ඒ පොත ගත්තා.

අරගෙන කියවලා බලද්දි තමයි මට කිසි වැඩක් නැති කතාවක් කියලා හිතුනේ. හෙනම බොළඳ ලාමක කතාවක්. අපරාදේ පොතට වියදම් වෙච්ච සල්ලි.

04 April 2025

පොත් පොත් පොත්

 කාළයකට කලින් මම මාසයකට පොත් දෙක තුනක් විතර අරගෙන කියවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ ඩොලර් එක නහුතෙට නැග්ගට පස්සේ පොත් විතරක් නෙමේ හැම දේම ගණන් ගියා. ඒ නිසා පොත් ගන්න එක අඩු උනා. අඩු උනා නෙමෙයි. අඩු කලා කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.

ඉස්සර රුපියල් දෙතුන් දාහක් අරගෙන ගියහම කොහොමහරි පොත් තුන හතරක් විතර අරගෙන එන්න පුලුවන්. ඒත්  දැන් ඒ ගානට ගන්න පුලුවන් එකම එක පොතක් හෝ වැඩිම උනොත් පොත් දෙකයි. 

18 September 2023

කන්ද උඩ ගින්දර

 සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.

මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් නම් පොත් ගන්නේ නැති තරම්. පොතුත් ගණන් තමයි ඉතින්. ඊට වඩා යූ ටියුබ් එකේ කරක් ගහන්න පුරුදු වෙලා පොත් කියවද්දි පොඩි කම්මැලිකමක් එනවා.

හරි ඒවයින් කාරි නෑ. මම ගුණසේන එකේ පොත් රාක්ක අතරේ හක්කලං කරනකොට දැක්කා අපේ ජැක්සන් ඇන්තනී ලියපු කන්ද උඩ ගින්දර කියන පොත. ඒක අතට අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට ඒක ලියැවිලා තියෙන භාෂා විලාශය නිසා පොත සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ආසාවක් ආවා.

06 October 2018

මහා වැස්සේ 'අප්පච්චි ඇවිත්'

අද උදේ ඉදන් මේ වෙනකන් නොකඩවාම වහිනවා. එලියටවත් යන්න හිතෙන්නේ නැති තරම් කම්මැලිකමක් හිතෙනවා. මේ වෙලාවට ඉතින් පොතක් කියවන්න තියෙනවා නම් ආයේ ඉතින් වෙන මොනවද නෙහ්... ?

ඔන්න ඔය හන්දා මම පහුගිය මාසේ ගත්තු පොත් දෙක තුනකින් එක පොතක් තෝරගත්තා කියවන්න කියලා. පහුගිය මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනයට නම් යන්න බැරි උනා.

යන්න බැරි උනාමත් නෙමේ. යන්න ඒ හැටි උනන්දුවක් තිබ්බේ නෑ. මොකද ගොඩක් අය කියලා තිබ්බා පොත් ප්‍රදර්ශනයේ හැම තැනම දෙන්නේ 20%ක වට්ටමක් කියලා. මේ වට්ටම ගන්න ඕනකමට පොත් ප්‍රදර්ශනයට ගිහින් වැඩක් නෑ.

මරදාන ගොඩගේ, සුරස, දයාවංශ, සූරිය, විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය වගේ පොත් කඩවල් වලට ගියා නම් ඔය වට්ටමට පොත් ගන්න තිබ්බා. මේ වට්ටම අවුරුද්ද පුරාම දෙන හන්දා ආයේ සාහිත්‍යය මාසේ වෙනකන් ඉන්න ඕනකමක් නෑ.

13 October 2017

නදීතෙර කුංචනාදය

මම ඉස්කෝලේ යන දවස්වල අසාවෙන් කියවපු පොතක් කියවන්ඩ ලැබුනා. මේ පොතේ නම මට අමතක වෙලයි තිබුනේ. මූණු පොතේ පොත් කියවන අය ගෲප් එකේ කතා බහකදි මේ පොත ගැන කියවුනා.

ඊට පස්සේ මට මේ පොත ආයෙම කියවන්න ආසාවක් ආවා.

ඒ ආසාව නිසා මම මේ පොත් ග්‍රන්ත වෙබ් අඩවියෙන් මිලදී ගත්තා.

03 October 2017

භීෂණ ත්‍රිත්වය

සිංහල සාහිත්‍යයේ භීෂණ නවකතා චක්‍රවර්ති විදිහට හදුන්වන්නේ ඩීමන් ආනන්ද මහත්මයා. මේ මහත්මයාගේ පොත් අපේ පරම්පරාව වෙනකොට කියවන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් අපේ අම්මලාගේ පරම්පරාවේ අය නම් මේ පොත් සෑහෙන්න කියවලා තියෙනවා.

අපේ අම්මා නම් කියන්නේ මේ පොත්, ප්‍රමාණයෙන් ගොඩක්ම පුංචි ඒවා ලූ. ඒ වගේම මේ පොත් රෑට කියවන්න එපා කියලා පොතේම සදහන් කරලා තියෙනවාලු. නමුත් අපේ අම්මාගේ වයසේ අය ඒවා අහන්නේ නෑලු. කුප්පි ලාම්පු එලියෙන් රෑ පුරාම මේ පොත් කියවනවා ලු.

මම කියන්න යන්නේ ඩීමන් ආනන්ද මහත්මයා ගැන නෙමේ. එතුමා අපේ පරම්පරාවට අයිති කෙනෙක් නෙමේ. එතුමාගෙන් පස්සේ අපට භීෂණ නවකතා කියවන්න හම්බ උනා නම් හම්බ වෙන්නේ භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයාගේ කෘති වල.

එතුමාත් අපි ආස කරන විදිහේ භීෂණ නවකතා කිහිපයක් ලියලා තියෙනවා.

වැසි දා රෑ

සඳමාලි කියන්නේ ගම්බද තරුණියක්. ඈගේ තනිනොතනියට සිටියේ තම මිත්තණිය පමණි. ඈට කොළඹ පාසලක ගුරු පදවියක් ලැබුනා ය. ඈ එක් පාසල් නිවාඩුවකදි සිය මිත්තණිය බැලීමට ගමට ආවා ය.

ඈ ගමට එන විට බොහෝ රෑ බෝ වී ය. එපමණක් ද නොවේ. ඈ එනවිට ගමට ලොකු වැස්සකටද හසු වීමට සිදු විය. වැස්සත් වැසි අඳුරත් බියකරු දර්ශනයක් ඈ ඉදිරියේ මැවී ය. එහෙත් ඈ අඩියෙන් අඩිය ඉදිරියටම ගම වෙත පියමැන්නා ය.

හදිසියේම ඈට තරුණියක් හමු වූවාය.

මේ තරුණිය සිටියෙ මරණාසන්නව ය. මේ තරුණියට කිසිවෙක් පහර දී ඇති බව සඳමාලි සිතීය. මේ නිසා ඈට උදව් කිරීමට සඳමාලි තීරණය කලා ය.

නමුත් සඳමාලිට සිදුවූයේ නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණ පාන්නට ය. එම තරුණිය සඳමාලිගෙන් පොරොන්දුවක් ගත්තා ය. ඒ පොරොන්දුවේ තිබුණේ ඈට මේ වින කළ සියල්ලන්ගෙන්ම පලිගැනීමට ඈට උදව් කළ යුතු බව ය.

දඟකාර මහල්ලා

මේ දවස් ටිකේම පොත් ගැන කියපු නිසා මේ ලිපියත් පොත් ගැනම ලියලා තියන්න හිතුවා. මේ පොතත් මම කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයෙන් ගත්තු පොතක්.

පොතේ නම තමයි "දගකාර මහල්ලා". මේ පොතෙන් කියවෙන්නෙත් එක එක දගකාර වැඩ කරන වයසක මනුස්සයෙක් ගැන.

මේ පොත ඉන්දියන් පොතක පරිවර්තනයක්.

01 October 2017

ළමා දිනයට පොතක්

අද ලෝක ළමා දිනය යෙදී තියෙනවා. ලෝක ළමා දිනය දවසේ මමත් ළමයින්ට පොඩි තෑග්ගක් ගෙනාවා. ඒ තමා Diary of Wimpy Kid කතා මාලාවේ එකොලොස් වැන්න Diary of Wimpy Kid - Double Down පොත.

කට්ටියට මතක ඇතිනේ මේ පොත් සෙට් එකේ මුල් පොත් දහයම මම එක පෝස්ට් එකකින් ඔයාලට ගෙනාවා. අන්න ඒ සෙට් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක් එක ක්ලික් කරලා බාගත කරගන්න පුලුවන්.

මේ කතා සේරම ගෙතිලා තියෙන්නේ ග්‍රෙග් හෆ්ලි කියන ළමයෙක් ගැන. ඒ ළමයා තමන්ගේ යාළුවොත් එක්ක, ගෙදර අයත් එක්ක කරන එක එක වැඩ ගැන තමයි මේ පොත් සෙට් එකම ලියවිලා තියෙන්නේ.

පොත බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

මට මේ පොත් සෙට් එකම යාළුවෙන් එව්වා. ඒ නිසාම මට පීඩීඑෆ් කියවන්නේ නැතුව මුද්‍රිත පිටපත් කියවන්න වාසනාව උදා උනා.

ඔයාලත් මේ පොත් කියවන්න ආස ඇති කියලා හිතනවා. එහෙනම් මේ පොත් බාගෙන බලන්න.

30 September 2017

මගේ පොත් ලැයිස්තුව

මෙදාපාර මාත් බුක් ෆෙයාර් ගියා. ගිය වතාවේ නම් යන්න බැරි උනා. ගිය වතාවේ එක එක වැඩ නිසා එච්චර ලොකුවට පොත් කියෙව්වේ නෑ. ඒ උනාට සරසවි බාර්ගේන් බුක් සේල් එකෙන් පොත් ටිකක් ගෙනාවා.

ඒ නිසා ලොකුවට බුක් ෆෙයාර් යන්න කියලා ඕන කමක් තිබ්බේ නෑ.

ඒකටත් එක්ක හරියන්න මෙදාපාර බුක් ෆෙයාර් ගියා. යන්න කලින් පොත් ලිස්ට් එක හදාගෙන ගියේ.

ඊටත් කලින් කියන්න ඕන ගියවතාවේ වගේම මේ වතාවෙත් ඩිස්කවුන්ට් එක 20%ක් කියලා කට්ටිය කියපු නිසා ගන්ඩහිතගෙන ආපු පොත් වලින් කොටසක් ග්‍රන්ත වෙබ් අඩවියෙන් මිලදී ගත්ටා.

ඒගොල්ලෝ සාහිත්‍යය මාසය පුරාම ගොඩක් පොත් වලට 20%ක් දෙනවා. ඒ නිසා ඒ වගේ පොත් ටික එහෙන් ගත්තා. ඉතුරු පොත් ටික තමයි බුක් ෆෙයාර් එකෙන් ගන්ඩ ගියෙ,

මෙදා සැරේ මම ගොඩක් අළුත් පොත් ගත්තේ නෑ. මගේ එකතුවට තියෙන්ඩ ඕනයිකියලා හිතෙන පරණ පොත් සෙට් එකක් ගත්තා. ඒ අතරට අළුත් පොත් ටිහිකුත් ගත්තා.

මගේ පොත් ලිස්ට් එක පහලින් දාන්නම්.

28 September 2017

නපුරු පාලකයෝ තුන්දෙනා

Three Fat Men නම් කෘතිය යුරී ඔලේෂා නම් රුසියන් ලේඛකයා විසින් රචිත කෘතියකි. එය නපුරු පාලකයෝ තුන්දෙනා නමින් සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු මහත්මයායි.

මේ පොතේ කියවෙන්නේ නපුරු පාලකයෝ තුන්දෙනෙක්ගේ කෲර පාලනයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමක් පිළිබඳව ය. මේ කතාවේ වීර චරිතය වන්නේ ටිබුල් ය.

ඊට අමතරව දොස්තර ගස්පාර් ගුස්නේරි, සුවනි යන අයත් සෙසු චරිත වේ.

24 September 2017

මගේ පොත් පිස්සුව

භද්‍රජී මහින්ද ජයතිලක කියලා කියන්නේ මම කැමතිම ලේඛකයා කියලා මම කලින් ලිපියකත් සදහන් කලා මතක ඇතිනේ. මම භද්‍රජී මහත්මයාගේ රසිකයෙක් උනේ බඹරවිලේ හොල්මන පොත කියෙව්වට පස්සේ.

ඒක එක හුස්මටම කියවගෙන යන්ඩ පුලුවන් පොතක්.

පොතේ එන කතාව ඉතාම කෙටියෙන් කියනවානම් මෙහෙමයි.

රූපට් හීන්දෙනිය ජීවත් උනේ බඹරවිල ප්‍රදේශයේ ඔහුගේ තුන් මාසේ පින්කමෙන් පස්සේ ගෙදර එක එක අත්භූත දේවල් සිද්ධ වෙන්න ගත්තා. ඒ ගෙදර හිටපු අය මේ අත්භූත සිදුවීම් නවත්තන්න එක එක දේවල් කලා. මේ එකක්වත් හරි ගියේ නෑ.

මේ නිසා රූපට් හීන්දෙනියගේ යහළුවෙක් වෙලා හිටපු කෙනෙක්ට එන්න කියනවා. ඔහු ගෙදර ඇවිත් මේ සිදුවීම් වල ඇත්ත නැත්ත හොයා ගන්නවා. මේක නිකන්ම නිකන් බය හිතෙන කතාවක් නෙමේ.

මේක මනෝකාය, විශ්ව ශක්තීන්, චක්‍ර ගැන මතුපිටින් පාඨකායට කියාදෙන පොතක්. මම කලිනුත් කිව්වා වගේ පොත කියවන්න පටන් ගත්තට පස්සේ එක දිගටම නවත්වන්නේ නැතුවම කියවගෙන යන්න පුලුවන් විදිහට මේ පොත ලියලා තියෙනවා.

ඉස්කෝලේ කාලෙදි මේ පොත කියෙව්වට පස්සේ මට ආසාවක් ආවා මේ පොත ආයේ කියවන්න. මම හැම පොත් සාප්පුවකම හොයලා බැලුවා මේ පොත ගන්න තියේද කියලා.

ම්හු... !

මේ පොත එක පොත් සාප්පුවකවත් තිබ්බේ නෑ. මගේ හිතේ තිබ්බ ආසාව එහෙම්මම යටපත් උනා. ඒත් මම උත්සහය අතෑරියේ නෑ. මම අන්තර්ජාලය පුරාම හොයලා බැලුවා.

අන්තිමේ දී මට මේ පොත   මුද්‍රණය කරපු සරස්වතී ප්‍රකාශකයන්ගේ දුරකතන අංකය හම්බ උනා. මම ඒගොල්ලන්ට  කතා කරලා ඇහැව්වා මේ පොත ගන්න තියේ ද කියලා.

ඒ දුරකතන ඇමතුමෙන් පස්සේ මගේ හිතේ මේ වෙනකොට මලානික වෙලා තිබ්බ මේ පොත කියවීමේ ආසාව ආයේ දළු ලා වැඩෙන්න ගත්තා. ඒකට හේතු උනේ ඒ අය ගාව මේ පොත තාමත් තියෙනවයි කියලා කියපු හන්දා.

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය ඉන්නේ දිවුලපිටියේ !

දඩබිමේ හපන්නු

පියසේන කහදගමගේ කිව් සැනින් මගේ මතකයට එන්නේ වැව්ගම්පත්තුව, දිගාමඩුලු ජන ජීවිතය, ඉපැරණි ගොවිතැන ගැන පොත් ලියූ කතුවරයෙක් ලෙසය. එහෙත් ඔහු වෘත්තියෙන් ලේඛකයෙකු නොවේ. ඔහු වැව්ගම් පත්තුවට පත් වී ආ ගුරුවරයෙකි.

නමුත් ඔහු කා අතරත් ප්‍රසිද්ධ වන්නේ ගුරුවරයෙකු ලෙසින් නොව දක්ෂ ලේඛකයෙකු ලෙසයි. ඔහුගේ කෘතීන් තුල ගැමි ජීවිතය තුල විවිධ අවස්ථාවන් විවිද දුක් කරදර, විවිධ වූ සිරිත් විරිත් වැනි දෑ ලියැවී ඇත. මේ නිසා පාසල් යන වයසේ පසුවන ඕනෑම කෙනෙක්ට ඔහුගේ පොත පත කියැවීමෙන් බොහෝ දෑ උගත හැකිය.

වණ්ණ දාසි

සාහිත්‍යය මාසය තුල මා කියැවූ කත්‍යානා අමරසිංහ විසින් රචිත තුන්වෙනි පොත වන්නේ වණ්ණ දාසියයි. වණ්ණදාසි යනුවෙන් හැඳින්වෙන්නේ රජතුමාට අයිතිව සිටින විවිඪහ රූපලාවන්‍ය කටයුතු කරන දාසිය වේ.

මේ කතාව රජ කතාවක් නොවේ !

මේ කතාව ගෙතී ඇත්තේ අමා රන්බණ්ඩාර නම් වූ යුවතියක් වටායි.

පියාගේ අභාවයෙන් පසු සිය මව විවිධ රැකියාවන්හි නිරත වූවාය ඒ එක් එක් රැකියාවෙන් ඈට අස්වීමට එක එක හේතුන් බලපෑවාය. ඒ හේතුන් නිසා ඈට අන්තිමේදි සිදුවන්නේ සිය දියණියව හා තමා පෝශණය වීම සදහා කිසිදු ගැහැණියක විසින් තෝරා නොගන්න වෘත්තියක් තෝරා ගැණීමට ය.

ඒ ගණිකා වෘත්තිය වේ !

නිලි වැස්ස

ඔහු රජෙකි. නමුත් ඔහු ද පිරිමියෙකි. පිරිමියෙකුට වෙනත් ගැහැනියකගේ ඇසුර සොයා ගොස් නැවත තම බිරිඳ හෝ අග මෙහෙසිය ළගට ආ හැකිය නමුත් ගැහැනියකට සිය ආසාවන් සන්තර්පණය කල හැකි පිරිමියෙකුගේ ඇසුරට ගොස් නැවත ඔහුගේ ස්වාමියා නැත්නම් රජතුමා හා සමග විසිය නොහැක.

තම ගැහැනිය වෙනත් පිරිමියෙකු හා නිදි වැදීම තම පිරිමි කමට කරන ලද නිගාවක් ලෙස ඔහු සිතයි. නමුත් ඔහු වෙනත් ගැහැනුන් සමග නිදි වැදී පසුව තම බිරින්දෑ ලඟට එනවිට ඈටද ඇගේ ගැහැනුකමට කරන නින්දාවක් බව පිරිමියාට නොසිතේ.

මෙවැනි අප නොසිතන මානයකින් පිරිමින් ගැහැනුන් හා ඔවුන්ගේ ආසවන් ගැන සිතන්නට යොමු කරවන වෙනස්ම ආකාරයේ කෘතියකි, නිලි වැස්ස.

කත්‍යානා අමරසිංහයන් විසින් හෙල ජන පාඨක රසවින්දනය උදෙසා ලියා තබන ලද අපූර්ව කෘතියකි.

චුබාරි

විවිධ විවිධ කාල වලදි ළමුන්ට ඇසුරු කිරීමට ලැබෙන සුරතල් සතුන් හා ඔවුන් සමග ගත කරන ජීවිතය ගැන ලියවෙච්ච හරි අපූරු කතාවකි, චුබාරි. ඔවුන් තම සුරතලුන් සමග කත කරන දිවියේ රසමුසු තැන් දුක හා සතුට මුසුව පාඨකයා වෙත දිගැහැරීම මේ කතාවෙන් සිදුවේ. එසේම මේ කතාව කුඩා ළමුන් ඉතා ආශාවෙන් කියවන බව නොරහසකි.

තනි කතා පොතක් උවත් මේ පොත කෙටි කතා කිහිපයක එකතුවක් ලෙසත් කෙනෙකුට සැලකිය හැකි ය.

මේ කෘතිය රුසියන් ලේඛක ඔල්ගා ෆෙරොව්ස්කයා රචිත්‍ර කෘතියක් වන අතර පසු කාලීනව ෆයින්නා ග්ලේගෝලේවා විසින් කිස්ඩ් ඇන්ඩ් කබ්ස් ලෙස  ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලදී.

23 September 2017

මගේ පොත් කියැවීමේ ඉතිහාස කතාව

මගේ පොත් කියැවීමේ නොනිමි ආසාව ඇති කිරීමෙහි ලා මූලිකවම කටයුතු කලේ අපේ අම්මා යැයි කීවොත් මා වැරදි නැත. ගමේ පල්ලියේ පියතුමා ඉදිරියේ අයනු ආයනු ඇයි මුලකුරු කියැවූ දින පටන් මගේ කියවීම ලිවීම දියුණු කරවීම සදහා ඈ නොගත් උත්සහයක් නැති තරම් ය.

කුඩා කල පටන් චූටි තරු, බිංදු, හපනා වැනි සතිපතා නිකුත් වන ළමා පුවත්පත් ඈ මාහට ගෙනත් දෙන්නීය. ඒ විතරක් නොව මා ඒ පුවත් පත් වල විවිධ වූ ක්‍රියාකාරකම් හරියාකාරව කරන්නේදැයි විටින් විට පරික්ෂා කරන්නීය.

මා යම් ප්‍රශ්නයකට හෝ යම් ක්‍රියාකාරකමක වැරදි දෙයක් කර ඇත්නම් එය නිවැරදි කරන ලෙස ඈ තරවටු ස්වරූපයෙන් කියන්නීය. එවිට මා මකනයෙන් අදාල කොටස මකා නිවැරදි පිළිතුර එහි ලියන්නෙමි.

දිනෙන් දින සතියෙන් සතිය කල් ගත වී මගේ කියැවීමේ දියුණුව දුටු ඈ මා හට කඩමාලි නම් වූ ළමා කතා පොත ගෙනැවිත් දුන්නා ය.

මා එය ඉමහත් ආසාවෙන් කියැවූ නිසා පසු කාලෙකදී සුදු කපුටා පොතත් ඉන් නොනැවතී අවුරුදු ඇඳුම, හොඳම පුතා, ඇලඩින්ගේ පුදුම පහන යන පොත් ද ගෙනැවිති මගේ කියැවීමේ ආසාව දියුණු කලා ය.

ඇලඩින්ගේ පුදුම පහන පොත මා කියැවූයේ යම් කිසි වූ බියකිනි. ඇලඩින් අත වූ පහන පිරිමදින විට එහි වූ භූතයෙකු එලියට එන නිසා මා ඒ පොත ඒ දිනවල කියවූයේ කිසියම් බියක් තැති ගැන්මකින් යුතු වූ සිතකිනි.

පසු කාලීනව නොයෙකුත් පොත් කියැවීමට මා හුරු වූවෙමි. මගේ කියැවීම දියුණු කිරීමට එඩේරමුල්ලේ ශාන්ත සෙබස්තියන් විදුහල් පුස්තකාලය මට නිවන් දොරටුවක් විය.

සාහිත්‍යය මාසයේ ස්වර්ණ පුස්තකය

මේ ගතවන්නේ සාහිත්‍යයට ආදර කරන්නවුන්ගේ සාහිත්‍යය මාසයයි. සාහිත මස, සාහිත්‍යය ගැන යමක් නොලිව්වොත් එය එක්තරා අන්දමේ අඩුපාඩුවක් යැයිමට සිතේ. එහෙයින් ඒ අඩුව පුරවනු වස් මා මේ ලිපිය ලියා තබමි.

සාහිත මාසයේ ප්‍රධානතම උළෙල වන්නේ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය හා ඊට සමගාමීව පැවැත්වෙන කලින් වසරේදි එලි දක්වන ලද පොත් වලට සම්මාන ලබා දෙන සම්මාන උළෙලයි. ඒ සම්මාන උළෙලවල් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ප්‍රධාන තැනක් ගනී. බොහෝ පාඨකයෝ හා ලේඛකයෝ මෙම මස නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මේ වසරේ කුමන පොත සම්මානය දිනා ගනීවිදෝ යි කියායි.

01 June 2017

මගේ උපන්දින තෑග්ග

අද මගේ උපන්දිනේ. ගිය වතාවේ නම් අපේ උන්දෑ මට අරන් දුන්නේ හොරොව්පොතානේ පලවෙනි ඩියාරෝ කියලා පොතක්. ඒ වතාවේ අපේ උන්දෑට ලොකු රස්සාවක් තිබ්බේ නෑ. ඒ නිසා මට එක පොතක් විතරක් අරන් දුන්නා. මේ වතාවේ අපේ උන්දෑ කොළඹ ලොකු කන්තෝරුවක රස්සාවක් කරන නිසා පොත් කිහිපයක් අරන් දුන්නා.

මුලින්ම අපේ උන්දෑ හිතාගෙන උන්නේ මගේ උපන්දිනේට කේක් එකක් ගෙනත් පොඩි පහේ පාර්ටියක් දානවා ය කියලා. නමුත් මගේ බලවත් පෙරැත්තය උඩ පාර්ටිය අවලංගු කර ගත්තා.

පාර්ටියේ කේක් ගෙනල්ලා කාලා බීලා ඉවර වෙනවා. ඒ වගේ යෑ පොතක් ගෙනල්ලා දුන්නා නම් ඒ පොත ජීවිතේ තියෙන තුරාවටම තියාගෙන ඉන්නවා නෙව. අනික මං වගේ පොත් පිස්සෙක්ට පොතක් ඇරෙන්න වෙන දෙයක් වටීවි යෑ.

මෙදාපාර අපේ උන්දෑ මට ගෙනත් දුන්නේ කේ. ජී. කරුණාතිලක මහත්තයා පරිවර්ථනය කරපු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාව.