24 September 2017

චුබාරි

විවිධ විවිධ කාල වලදි ළමුන්ට ඇසුරු කිරීමට ලැබෙන සුරතල් සතුන් හා ඔවුන් සමග ගත කරන ජීවිතය ගැන ලියවෙච්ච හරි අපූරු කතාවකි, චුබාරි. ඔවුන් තම සුරතලුන් සමග කත කරන දිවියේ රසමුසු තැන් දුක හා සතුට මුසුව පාඨකයා වෙත දිගැහැරීම මේ කතාවෙන් සිදුවේ. එසේම මේ කතාව කුඩා ළමුන් ඉතා ආශාවෙන් කියවන බව නොරහසකි.

තනි කතා පොතක් උවත් මේ පොත කෙටි කතා කිහිපයක එකතුවක් ලෙසත් කෙනෙකුට සැලකිය හැකි ය.

මේ කෘතිය රුසියන් ලේඛක ඔල්ගා ෆෙරොව්ස්කයා රචිත්‍ර කෘතියක් වන අතර පසු කාලීනව ෆයින්නා ග්ලේගෝලේවා විසින් කිස්ඩ් ඇන්ඩ් කබ්ස් ලෙස  ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලදී.


ඉංග්‍රිසි බසින් සිංහලයට පරිවර්තනය කර ශ්‍රී ලාංකීය පාඨකයන්ට මේ කෘතිය සමීප කරවීමේ කාර්යය සිදු කර ඇත්තේ ප්‍රවීන ලේඛිකා කත්‍යානා අමරසිංහ විසිනි.

මෙම කෘතිය විදර්ශන ප්‍රකාශනයක් වන අතර මිලෙන් රුපියල් 380ක් පමණ වේ. කාලානුරූපීව මේ මිල උච්චාවචනය විය හැකි බව සලකන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.