මීට අවුරුදු දහයකට උඩදි අපේ තාත්තා පුට් සයිකලේට සමුදීලා මදුරුවෙක් ගත්තා නෙව. එදා ඉදලා ඒකෙන් එදිනෙදා වැඩ ටික කරගෙන රස්සාවටත් උදේ හවස ගියා. ඔහොම අවුරුදු ගණන් ගත වෙනකොට බයික්කේ ලෙඩ දෙන්ඩ ගත්තා.
කොහොමත් කාළයක් යනකොට ඕනම වාහනයක් ලෙඩ දෙනවා නෙහ්. ගොඩක් වේලාවට වැස්සකට යන්න බෑ මග හිටිනවා. දෙතුන් පාරක් මග හිටියහම ආයේ ස්ටාර්ට් කරගන්ඩ සෑහෙන ගේමක් දෙන්ඩ ඕන.
ඊළඟ ලෙඩේ තමා බ්රේක් වල අවුල්, කඳු අදිනවා හොර වීම වගේ එක එක පොඩි පොඩි අවුල් ටිකක් ආවා.
ඒ නිසා අපි යෝජනා කළා බයික්කේ මාරු කරමුයි කියලා. අපි එහෙම කිව්වට ඉතින් එයා එච්චර කැමති උනේ නෑ බයික්කේ මාරු කරන්ඩ. අවුරුදු 10ක්ම පැදපු එකක් නෙහ්.