පුද්ගලික බස් එක්ක සංසංදනය කරලා බලනකොට ලංගම බස් වලින් ඉටු වෙන සේවය ගැන සුළුකොට තකන්න බෑ. ලංගම බස් තියෙන්නේ සුළු ප්‍රමාණයක් උනාට ඒ ටිකෙන් සෑහෙන සේවයක් සිද්ධ වෙනවා. කොටින්ම කට කපලා සෙනග පුරෝගෙනත් කොට කොටා යන පුද්ගලික බස් වලට වඩා ලංගම බස් එකක යනේක දාහෙන් සම්පතක්. පුද්ගලික බස් තරම් ලංගම බස් කොට කොටා යන්නේ නෑ. ඒ වගේම ගානට වෙලාවට අදාල නැවතුමට යනවා. ප්‍රමාද වෙන්නෙත් එහෙමත් වෙලාවකට.
ඒ විතරක් යෑ.. ඉන්න හිටින්ඩ බැරි තරමටම සෙනග පුරවගන්ඩ බස් හෝල්ට් වල සෑහෙන වෙලාවක් නවත්තගෙන ඉන්නෙත් නෑ.ඉන්න ටික දෙනා හරි දාගෙන යනවා. ඊටත් වඩා මම ලංගමයට ආස කරන්නේ උදේ ඔෆිස් ටයිම් එකට තියෙන ලංගම බස් සේවයට.ඒක නං සුපිරි !
Showing posts with label බස් කතා. Show all posts

08 December 2014
13 August 2011
උපන්දින තෑග්ග
පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!!
මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල බස් ස්ටෑන්ඩ් එකට ගියා. දෙන්නම බස් එකට නැඟලා වාඩි උනා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් උනා. මම් දෙන්නටම ටිකට් ගත්තා (මේකි ටිකට් ගන්නවා කිව්වට ගත්තේ නෑ.)
මෙන්න බොලේ මේ කෙල්ල අඬනවා. බස් එකේ එවුන් ඇස් කටේ තියාගෙන බලන් ඉන්නවා හරියට මම් මොනාහරි කරලා වගේ.ශේප් එකේ මම් ඇහුවා මොකෝ අඬන්නේ කියලා. මෙන්න එකපාරටම ඒකි කියපි "උපන්දිනේ දවසේ තෑග්ගක් ගන්න තාත්ති බැංකු පොතට සල්ලි දාලා නෑ." කියලා. ඉතින් මම් කිව්වා තාත්තට අමතක වෙන්න ඇති කියලා. මෙන්න ඒක කිව්වා විතරයි ඇඬිල්ල තව වැඩි උනා.
"මට කවදාවත් උපන්දිනේක මෙහෙම වෙලා නෑ. මට හැම උපන්දිනේ දවසකම තෑගි ලැබිලා තියෙනවා. අද විතරයි ලැබුනේ නැත්තේ" කියලා ආයෙමත් හොටු හූර හූර අඬන්න ගත්තා. මහපොල වාරික ටිකත් ඉවර වෙලා හන්දා තෑග්ගක් අරන් දෙන්න මා ලඟ වැඩිපුර කීයක්වත් තිබ්බේ නෑ.
කොහොමහරි පන්සල් ගිහින් එනකන් එකාසීරුවටම මේකි ඇඬුවා. මට සංසාරේ එපා උනා. ඇයි වදේ දෙමව්පියෝ දරුවන්ට පොඩිකාලේ ඉදන් පුරුදු කරලා තියෙන විදිහ නේ. මට නම් උපන්දිනේ දවස කියලා කියන්නේ එක දවසක් විතරයි. අපේ අප්පච්චිට සල්ලි තිබ්බොත් විතරක් එදාට කේක් එකක් ගේනවා. නැත්නම් ඒකත් නෑ.
තෑග්ගක් කියලා නාමයක් ලැබිලත් නෑ. දෙමව්පියෝ දෙන්න උත්සහ කරලත් නෑ. දෙන්න පුලුවන් කමකුත් නෑ. අපට ඕනෙත් නෑ. අම්මයි අප්පච්චියි අපිට මේ ජීවිතය දීපු එකත් ලොකු තෑග්ගක්. මෙච්චර දුරට උගන්වපු එකත් ලොකු තෑග්ගක්. ඒ ඇතිනේ.
අම්මෝ ආයේ නම් උපන්දින වලදි කෙල්ලොත් එක්ක ගමන් නෑ !!!! ඉල්ලගෙන මාමයිට් ගාගන්නවා කියන්නේ මේකට වෙන්න ඇති. !!!

සංකල්පනා වර්ගය :
බස් කතා
27 June 2011
කොන්දොස්තර මහත්තයෙක්
පහුගිය සෙනසුරාදා දවසේ කිරිබත්ගොඩ ඉදලා රාගමට යන්න ඕනකමක් තිබ්බා.කිරිබත්ගොඩ ඉදලා රාගමට යන 900/1 කියලා බස් එකක් තියෙනවා. ඒක ලංගම බස් එකක්. මේ පාරට තියෙන්නේ බස් දෙකක් විතරයි. ඒ බස් දෙකම ලංගමයෙන් දාපු ඒවා. මමත් බස් එකට ගොඩ උනා. කොහොමහරි ටික වෙලාවකින් බස් එක පිටත් උනා.
මේ බස් ගමන හරිම සුන්දරයි. ගමක් මැද්දෙන් වෙල් යායක් මැද්දෙන් හරි සුන්දරව යන ගමනක්. කොහොමහරි වෙල පහුකරලා ටික දුරක් යද්දි අපට ඈතින් පේනවා ත්‍රී වීල් එකක් ප්‍රධාන පාරෙන් විසික් වෙලා තියෙනවා.ටිකෙන් ටික ලඟට යද්දි තමයි සීන් එක හරියටම දැක්කේ. ත්‍රිවිල් එක එහෙමත් නැත්නම් වීල් එක පපඩමක් වගේ වෙලා. පාරෙන් විසික් වෙලා.
වීල් එක තිබ්බ තැනට පොඩ්ඩක් එහාට්ට වෙන්න ඒ වීල් එකේ ආපු ගෑනු කෙනා (අවුරුදු 25ක 27ක කෙල්ලෙක්) නැගිටගන්න බැරුව අඬනවා. අහල පහල කට්ටිය වට වෙලා මැජික් වගේ බලාගෙන ඉන්නවා. බලපු හැටියෙන්ම තේරුනා කෙල්ලගේ කකුල තමා ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. අච්චර වේදනාවෙන් කෑ ගහනවා උනත් කවුරුත් උනන්දු උනේ නෑ මේ කෙනාව ඉස්පිරිතාලෙට ගෙනියන්න. අපි ආපු බස් එකත් මේ ලඟම නවැත්තුවා. කොන්දොස්තර අයියා බැහැලා ගියා
"යකෝ මේ ගිනි මද්දහනේ මේ ගෑනු කෙනාව මෙතන තියාගෙන ඉන්නේ !!! ඉස්පිරිතාලෙටවත් අරගෙන යන්න උබලට ඕනකමක් නැද්ද ?" කියලා කොන්දොස්තර අයියා ඇහුවා. මුන්ගේ කටවල් වලට ස්ටේපර් කටු ගහලා වගේ එකෙක්වත් කතාවක් නෑ.
"ආ....කවුද දන්නේ නෑනේ අයියේ. ඒ හින්දා එහෙම එක්කන් යන්න බෑ...නේ. " මැදි වයසේ ගෑනු කෙනෙක් දිව රෝල් කරලා හුරතල් වෙවී කිව්වා.
කොන්දොස්තර අයියගේ කේන්තියේ රතු කට්ට පැනලා.
"ඈ බොල <ටීක්> <ටීක්>.... උබලට තේරෙන්නේ නැද්ද කවුරු උනත් මනුස්සයෙක් බව !!!!. මල්ලි, පොඩ්ඩක් අල්ලහන් මේ කෙල්ලව බස් එකට දාගන්න. අපි හරි ඉස්පිරිතාලෙට ගිහින් දාන්නම් !!!" කියලා කියනවත් එක්කම වගේ අහල පහල සෙට් එක එකතු වෙලා වාහනයකට දාලා රාගම ඉස්පිරිතාලෙට අරන් යන්න පොරොන්දු උනා.
ඇයි යකෝ ඒ ලෙඩාව මෙච්චර වෙලා තියාගෙන හිටියේ කැවුම් කන්න යෑ. පණ ඇද ඇද හිටපු කෙනෙක් නම් මෙලහකටත් පණ ගිහින්.ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැන් හරි බයයි මේ කේස් වලට අත දාන්න. මොකද ඒ අයටත් පොලිසි ගානේ යන්න වෙනවා. මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. එහෙම මිනිස්සු අතර මෙහෙම හොද අයත් ඉන්නවා කියන එක සතුටට කාරණාවක්.
කොහොමහරි ලෙඩාව අරන් යන් පොරොන්දුව ඒ මිනිස්සු දීපු හන්දා බස් එක පිටත් උනා. බස් එකේ සාමන්‍ය ගමන් කාළයට වඩා විනාඩි 15ක් විතර බස් එක ප්‍රමාද උනා. බස් එක රාගම පාරට දැම්මට පස්සේ රාගම පාර අයිනේ තිබ්බ පොලිස් මුරපොළටත් මේ අනතුර දැනුම් දීගෙනම ගියා.
ලංකාවේ පොලිසියේ හැටි දන්නවනේ. දඩ කොළයක් ලිය ලියා හිටපු එකත් පැත්තකට දාලා අනතුර සිද්ධ වෙච්ච තැනට යන්න හිටියා....ලු. ගියේ (නෑ)......ලු. පාරේ වාහන නවත්තලා දඩ ගහනවා වගේ යෑ මේ වගේ ඒවා. ඒ වගේ අනතුරු වලට යන්නම එපැයි.

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)