කාළයකට කලින් මම මාසයකට පොත් දෙක තුනක් විතර අරගෙන කියවන්න පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ ඩොලර් එක නහුතෙට නැග්ගට පස්සේ පොත් විතරක් නෙමේ හැම දේම ගණන් ගියා. ඒ නිසා පොත් ගන්න එක අඩු උනා. අඩු උනා නෙමෙයි. අඩු කලා කියලා කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි.
ඉස්සර රුපියල් දෙතුන් දාහක් අරගෙන ගියහම කොහොමහරි පොත් තුන හතරක් විතර අරගෙන එන්න පුලුවන්. ඒත් දැන් ඒ ගානට ගන්න පුලුවන් එකම එක පොතක් හෝ වැඩිම උනොත් පොත් දෙකයි.
ඒ කරලා එහෙම ගෙනාපු පොතෙ තියෙන කතාව හෙන සීනි බෝල කතාවක් හරි ලියපු එකාට විතරක්ම තේරුං ගන්ඩ පුලුවන් ජාතියේ කුණුහරුප කතාවක් උනොත් අපරාදේ පොත් වලට ගියපු සල්ලි කියලා හිතෙනවා. ඒ නිසා පොත් ගන්නවට වඩා පුස්තකාලයකට හරි යාළුවෙක්ගෙන් හරි ඉල්ලගෙන කියවන්න පුරුදු වෙලා ඉන්නවා.
එහෙමත් බැරි අවස්ථාවක සෙකන්ඩ් හෑන්ඩ් පොත් විකුණන අයගෙන් අරගන්න බලනවා.
මේ පොත් වල මිල වැඩිවීම ඩොලර් එක හන්දමත් කියලා කියන්ඩ අමාරුයි. ටිකක් ටිකක් පොත් මාෆියාව හන්දත් ගණන් වැඩි කරලා තියෙන ගතියකුත් තියෙනවා.
ඉස්සර පොත් වලට දීපු වට්ටම් එහෙමත් දැන් දෙන්නේ නෑ. ඒ නිසා මේ මිල වැඩිවීම පාඨක අපට හොඳටම දැනෙනවා. ඒ නිසා ආයෙම කවදාවත් පොත් ගන්නේ නම් නෑ.
මේ ළඟදි සෑහෙන්න හිට් වෙච්ච පොත් වගේම ස්වර්ණ පුස්ථකයට තේරෙන පොත් එහෙම මම කවදාවත් ගන්නේ නෑ. ඒවෑ තියෙන කුණුහරුප සාමාන්‍ය අපට තේරුම් ගන්ඩ බෑ. එහෙම හොඳ පොතකට කියලා ආවේ ස්වයංජාත පොත විතරයි. ඒ ඇරෙන්න අනිත් ආපු පොත් නම් මට මෙලෝ රහක් නෑ.
කවදාහරි තාක්ෂණය පාවිච්චි කරලා මොබයිල් ඇප්ස් වලින් ඊ බුක්ස් එහෙම ඇවිත් පොත් වල මිලෙන් හරි අඩක්වත් අඩුවෙලා කියවන්න හම්බ වෙනවා නම් නියමයි.
එහෙනම් මම ගියාවේ. ජය වේවා
සම්පූර්ණයෙන්ම සත්‍යයක්. ලේඛකයෝ ආර්ථික අවපාතයකට ඇද වැටෙන හේතු මේවා තමයි.
ReplyDelete+++++
ReplyDelete