කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම මිනිස්සු අතරේ තිබුණෙත් නැති තරම්ම වගේ.
මේ කාලේ තමයි ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායම පීක් එකේ හිටපු කාලේ.
ෆ්ලෑශ් බෑක් එකේ හිටපු ගායකයා තමා කිංස්ලි පීරිස්. කිංස්ලි පීරිස් ගැහුවා මල් සිංදු සෙට් එකක්ම. පොරගේ වාසනාවටද කොහෙද ඒ සිංදු ඔක්කෝම වාගේ හිට් උනා. කොටින්ම එයාගේ ඇල්බම් එකේ නමත් දෙළුම් මලක්.
දෙළුම් මල ඇල්බම් එකේම මල් දෙකයි. ඩේලියා මලයි දෙළුම් මලයි සිංදු දෙකම ඒ ඇල්බම් එකේ තිබ්බා. ඊට අමතරව දෙහි මලක්, වරා මලක් වගේ මල් දෙකක් ගැනත් සිංදු කියලා තියෙනවා.
ඊට පසේ ඉතින් අජිත් මුතුකුමාරණ !
එයාගේ සුදු අරලියා මල, කදුරු මල, බෝගන්විලා මල, සපු මල ගැන නැතත් සපුමල් සුවඳ ගැනත් ගීත ගායනා කරලා තියෙනවා.
ඊටත් පස්සේ තමයි වියලි කලාපීය හිත් තෙත් කරපු ආත්මීය ගායක චාමර වීරසිංහ කරලියට ආවේ. චාමරගේ උඩවැඩියා මල සෑහෙන්න ජනප්‍රිය උනා. චාමරගේ නම් මල් වලට වඩා දකුණු ලකේ තියෙන විවිධ ස්ථාන ගැන තමයි සිංදු ලියවිලා තියෙන්නේ.
ඔය වගේම තව ගායකයෝ කිහිප දෙනෙක්ම මල් සිංදු ගායනා කරලා තියෙනවා. ඒවා නම් මතකයට එන්නේ නෑ. මතක් උනොත් මේ පෝස්ට් එකට අප්ඩේට් එකක් දාන්නම්. දන්න අය පහලින් කමෙන්ට් එකක් දාන්න.
මම නං සිංහල සින්දු අහන්නේ නැහැ. මොකද මට සිංහල බැහැනේ.
ReplyDeleteආහ් එල. කේස් එකක් නෑ
Deleteහැබැයි එකකටවත් බැරි වුණා නේද ඇපල් මලට ගහන්න!
ReplyDeleteඒක නම් ලස්සනයි
Deleteමටත් මතකයි ඔය මල් සින්දු රැල්ල. දෙහි මලක් සින්දුවේ 'හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්' කෑල්ල තමයි මම කැමතිම
ReplyDelete