25 March 2025

හතරයි හතරේ රූබික් කැටේ

කලින් වතාවක 3x3 රූබික් කැටය හදපු බ්ලොග් ලිපි ගණනාවක්ම මේ බ්ලොගයේ මම පළ කරලා තියෙනවා නෙව. ඒ දවස්වලම මම ඒ කැටය හදන්න පුරුදු වෙලා දැන් නම් හෝදටම අත හුරුයි. ඒ නිසා ඒ කැටය හදන එක ටිකක් විතර කම්මැලි වැඩක් වෙලයි තියෙන්නේ. ඔය අල්ල පනල්ලේ තමයි මට හිතුනේ හතරේ හතරේ කැටේ ගෙනැල්ලා පොඩ්ඩක් හක්කලං කරලා බලන්න ඕන ය කියලා හිතුනේ.


ඒ කැටෙත් මම ගෙනල්ලා දැන් මාස ගණනාවක් උනත් ඔන්න අද තමයි මම හරියාකාරවම හදාගන්න පුලුවන් උනේ. ඒකත් මේ යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කෑල්ලකට පින් සිද්ද වෙන්ඩ තමයි. 

ඒ වීඩියෝ කෑල්ලේ තියෙන විදිහට කැටේ හරවන පැති එහෙම රූප සටහන් කොළ වල එහෙම ඇඳගෙන වැඩේ පටන් ගත්තා. පැයක් විතර යනකොට එහෙට මෙහෙට කරකවලා යාන්තං පලවෙනි සැරේට කැටේ හරියටම හදාගත්තා. ඒත් තාම මනෝමයෙන් හදන්න තරම් අත හුරු නෑ. දෙතුන් විඩක් ට්‍රයි කොරලම බලන්ඩ ඕන.

එතකොට ඉතින් තුනයි තුනේ කැටේ වගේම හරි අපූරුවට හදාගන්ඩ පුලුවන් වෙයි. එහෙනම් ඕන කෙනෙක් පහල තියෙන වීඩියෝ එක බලලා රූබික් කැටේ හදන්ඩ ට්‍රයි කරන්ඩකෝ. විවේකිව ඉන්නකොට කරන්න කියාපුම වැඩක් තමයි මේක.


එහෙනම් ජය වේවා !

1 comment:

  1. 3 කටේ දෙවැනි පේළියට හදාගන්න පුළුවන්. එතැනින් එහා බෑ... පහුව අතෑරල දැම්ම. දැන් හුඟක් කල්!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.