රේඛාචිත්‍රම් චිත්‍රපටියෙන් පස්සේ ඒ වගේම රසවත් තවත් මලයාලම් චිත්‍රපටියක් හම්බ උනා. ඒකත් අභිරහස් අපරාධ ගැන කියවෙන චිත්‍රපටියක්. කුතුහලයකින් යුක්තව එක දිගටම බලාගෙන ඉන්න පුලුවන් ජාතියේ චිත්‍රපටියක්.
මේක නම් රේඛාචිත්‍රම් වගේ කම්මැලි හිතෙන චිත්‍රපටියක් නෙමෙයි.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ.
මහ රෑක පාරේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරියෙක්ව අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙච්ච දවසට පස්සේ දවසේ ඒ පොලිස්කාරයාගේ මල සිරුර හම්බ වෙනවා. ඒ කොහෙන්ද කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකෝ.
මේ සිදුවීම ගැන විමර්ෂණය කරන්න පොලිස් කණ්ඩායමක්ව යොදවනවා. හෝඩිවාවල් වලින් අඩු පරිපූර්ණ මිනිමැරුමකින් යුක්තවයි මේ පොලිස් නිලධාරියාව ඝාතනය කරලා තියෙන්නේ. මේ විමර්ශනය වෙන අතරතුර දවසක මේ වගේම තවත් පොලිස් නිලධාරියෙක්ව පැහැරගෙන ගිහින් ඝාතනය වෙනවා.
මේ විදිහට එකම ආකාරයේ මරණ කිහිපයක් සිදුවෙනවා. කොටින්ම මේක සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියන තරමටම කතාව උඩු දුවනවා.
එතනින් එහාට කතාව කියලා වැඩක් නෑ. ඒ වෙන්නේ කොහොමද කියලා බලලම ඉන්න.
කතාවේ නම තමයි අන්ජාම් පතිරා කියන්නේ. මේකෙත් imdb රේටින් එක හොඳ අගයක තියෙනවා. ඉන්දියන් චිත්‍රපටියක imdb රේටින් ගැන වැඩිය හිතන්න යන්න හොද නෑ. මොකද තමන්ගේ රටේ නේ කියලා ගොබ්බ චිත්‍රපටියකට උනත් ඉහලම රේටින් එකක් ඉන්දියන් සිනමා ප්‍රේක්ෂකයෝ ලබා දෙනවා.
ඒත් මේ චිත්‍රපටිය නම් ලොකු වරදක් නෑ. රේටින් එක උනත් 5ට එහායින් දෙන්න පුලුවන් ජාතියේ චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.