වාහනයක් විකුණනකොට අපි පැවරුම් පෝරමයට (MTA6) අත්සන් කරලා දෙනවා. ඒ අත්සන් කරලා දෙනකොට දිනය ඇතුළු අනෙකුත් විස්තර පුරවලා දෙන්න පුරුදු වෙලා නෑ. හරිම නම් අපිම ඒ විස්තරත් පුරවපු සම්පූර්ණ කරපු පෝරම් කොළ තමයි ගැනුම්කරුට දෙන්න ඕන.
ඒත් සමහරු අත්සන විතරක් දාලා අනෙකුත් විස්තර කිසිම දෙයක් පුරවන්නේ නැතිව වාහනේ විකුණනනවා. ඒකට කියන්නේ විවුර්ත ලියකියවිලි වලට එහෙම නැත්නම් ඕපන් පේපර්ස් වලට වාහනය විකුණනවයි කියලා.
එහෙම වාහනය විකිණුවාට පස්සේ ගැනුම්කරුට හා විකිණුම්කරුට මුහුණපාන්න වෙන සිදුවීම් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.
විකිණුම්කරුට
තාමත් වාහනයේ ලියාපදිංචි සහතිකයේ තියෙන්නේ විකිණුම්කරුගේ නම නිසා ගැනුම්කරු වාහනයෙන් අනතුරක් කරලා පලායෑමක් කලොත් විකිණුම්කරුට පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. ඊට අමතරව ගැනුම්කරු වාහණය භාවිතා කරලා නීතිවිරෝධි කටයුත්තක් කලොත් ඒකටත් විකිණුම්කරුට පොලිසි ගානේ හෝ උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
ඒ කරලත් වාහනය විකිණූබව ඔප්පු කරගන්න බැරි උනොත් වාහනයේ වර්ථමාන අයිතිකරු නීතිය හමුවේ වැරදිකාරයෙක් වෙනවා.
ගැනුම්කරුට
බැරිවෙලාවකවත් වාහනය පොලිසියේ භාරයට ගත්තොත් ඒ වාහනය පොලිසියෙන් නිදහස් කරගැනීමට ගැනුම්කරුට බැරි වෙනවා. ඒකට වාහනයේ පොතේ නම තියෙන අයිතිකරුම එන්න ඕන. අයිතිකරු මියගිහින් හෝ රටින් පිටවෙලා ඉන්නේ නම් තවත් කරදර වලට මුහුණ පාන්න ගැනුම්කරුට සිද්ධ වෙනවා.
ඉතින් මේ දේවල් නිසා කිසිම වේලාවක ඕපන් පේපර්ස් වලට වාහන විකුණන්න යන්න එපා. ඕපන් පේපර්ස් වලට විකුණනවා නම් වෙනම පැවරුම් පෝරම් කොළ දෙකකට ගැනුම්කරුගේ අත්සන ලබාගෙන ඒවා පුරවලා ළඟ තියාගන්න.
ඊටත් වඩා හොඳයි ඕපන් පේපර්ස් වලට විකුනන්නේ නැතිව ඉන්න එක. කොහොමහරි වාහනයක් විකුණනවා නම් අනිවාර්යෙන්ම ගැනුම්කරු අත්සන් කරපු පැවරුම් ලේඛන දෙකක් විකිණුම්කරු සන්තකයේ තියාගන්න අමතක කරන්න එපා.ඊට අමතරව ගැනුම්කරුගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් හා වාහනය, ලියකියවිලි සමග භාරගත් බවට ලිපියකුත් ළඟ තියාගන්න අමතක කරන්න එපා.
බැරිවෙලාවකවත් මේ වෙනකොට වාහනය ඕපන් පේපර්ස් තියාගෙන විකුණලා නම් තියෙන්නේ ඔයාලට කරන්න තියෙන්නේ අදාල දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන කාර්යාලයට ගිහින් ආදායම් බලපත්‍රය බ්ලොක් කරන එක. එතකොට අදාල ගැනුම්කරුට වාහනය පවර ගන්නේ නැතිව ආදායම් බලපත්‍රය ගන්න බැරි වෙනවා. මේක විතරයි අපට කරන්න පුලුවන් එකම දේ. ඒ නිසා කිසිම විටක ඕපන් පේපර්ස් වලට වාහනය විකුණන්න එපා.
මොකද පස්සේ කාලේක කරදර වලට මුහුණ දෙන්නේ නැතිව ඉන්න ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.
එහෙනම් මම ගියාවේ... ජය වේවා !
ඕපන් පේපර්ස් අරං දුවලා මීටරේ කරකලා විකුණන එක හොද බිස්නස් එක
ReplyDeleteඔවු. ඒක මරු බිස්නස් එක. ඒත් හරියටම සූත්තරේ දන්න එකා දන්නවා මීටර් කරකවලද නැද්ද කියලා.
Delete