26 April 2025

ජොබ් ඉන්ටර්විවු

 මේ දවස්වල මගේ රස්සාවේ පොඩි පොඩි අවුල් වගයක් ඇවිත් තියෙන නිසා ආයෙම අළුත් තැනකට මාරු වෙන්ඩ වෙලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් මගේ CV එක එහේ මෙහේ දාලා ඉන්ටර්විවු එකක් සෙට් කරගන්න දගලන්ඩ වෙලා තියෙනවා.

දැන් නම් ඉස්සර වගේ රස්සාවක් හොයාගන්ඩ ලේසි නෑ. කොටින්ම තොරතුරු තාක්ෂණය කියන අංශයෙන් රස්සාවක් හොයන එක හරිම අමාරු වෙලා තියෙන කාළයක් මේක. 

ඒකට ලොකුම හේතුව තමයි අළුත් අළුත් දේවල් ඇවිත් තාක්ෂණික අංශය සෑහෙන ඉක්මනින් යාවත්කාලීන වෙනවා. කොටින්ම කෘතිම බුද්ධියයි චැට් ජීපීටී වගේ ඒවා නිසා ඉන්ටර්විවු වලින් අහන ගොඩක් ප්‍රශ්න සෑහෙන අමාරුයි.

ඒ විතරක් නෙමේ.

දැන් ඉන්ටර්විව් එහෙම ඔන්ලයින් තියෙනවා. එතකොට එකපාරටම අපේ ස්ක්‍රීන් එක ශෙයාර් කරන්ඩ කියලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් එහෙම එවෙලේ කෝඩ් කරලා පෙන්වන්ඩ ඕන. වෙන අයට කොහොමද කියලා නම් දන්නේ නෑ. මට නම් මුල්ම දවස්වල එහෙම එක්කෙනෙක් බලාගෙන ඉන්නැද්දි කෝඩ් ලියැවෙන්නේ නැති තරම්.

හැබැයි දැන් නම් ඒ ප්‍රශ්නේ ලොකුවට දැනෙන්නේ නෑ. ඒකටම හුරු වෙලා තියෙන නිසා කවුරු මගේ ස්ක්‍රීන් එක දිහෑ බලන් හිටියත් මගේ පාඩුවේ වැඩ ටික කරලා පෙන්වනවා.

කාලෙන් කාලේට අපිත් අප්ඩේට් වෙන්ඩ එපා යෑ...

හරි ඒවයින් කාරි නෑ. 

ඔය ඉන්ටර්විවු යන අතරේ මීට අවුරුදු දෙකකට උඩදි මම එක ඔෆිස් එකක ජොබ් එහෙකට ඉන්ටර්විවු ගියා. ඒකේ ගොඩක්ම ඇහැව්වේ තියරි කරුණු.  සාමාන්‍යයෙන් භාවිතා වෙන කිසිම දෙයක් ඒගොල්ලෝ ඇහුවේ නෑ. කැම්පස් කාලේ වගේ තියරි වලටම බර කරලා ඒ පැත්තෙන් ප්‍රශ්න තමයි ඇහුවේ.

කොහොමින් කොහොමහරි ඒ ප්‍රශ්ණ ටිකට උත්තර දුන්නා. ඒ නිසා ඒක හරි යාවි කියලා බලාපොරොත්තුවෙන් හිටියා ඒ දවස්වල. ඒත් කිසිම උත්තරයක් හම්බ උනේ නෑ. කොටින්ම මම ඊ මේල් හිටන් යවලා බැලුවා මොකෝ වෙන්නේ කියලා. එයාලා කිව්වේ තාම රෝරාගැනීම් සිද්ධ වෙනවා ඒ නිසා තව ටික දවසකින් අප්ඩේට් එකක් දෙන්නම් කියලා.

ඉතින් ඔහොම මාසයක කාළයක් විතර ගියා. ඒ වෙනකොට මට ජොබ් එකක් හම්බ වෙච්ච නිසා මම ඒකට ගියා. අර ගියපු ඉන්ටර්විවු එකෙන් මම අසමත් වෙලා තිබුනා. අපරාදේ ඉතින්. ඔය අසමත් වෙච්ච ඉන්ටර්විවු එකේ අහපු ප්‍රශ්ණයක් මතක් වෙලයි මම මේ පෝස්ට් එක ලියන්ඩ ගත්තේ.

පඳුර වටේ තැළුවා වැඩි නිසා මම ඒ ප්‍රශ්ණේ ඊළඟ ලිපියෙන් කියන්නම්. 

එහෙනම් ජය වේවා !

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.