09 April 2025

දිස්පරයු

 මේ ළඟදි හොඳ පොතක් කියවන්න පුළුවන් උනා. මේ පොත නිකුත් වෙලා නම් සෑහෙන කාළයක් ගිහින් තියෙන්නේ. ඒත් මම කලින් පෝස්ට් එකේ කියලා තියෙන විදිහට පොත් වල ගණන් වැඩිකම නිසා කොච්චර හොඳයි කියලා කියන පොතක් උනත් ගන්න කලින් දෙපාරක් හිතන තත්වයට මම පත් වෙලා ඉන්නේ.

ඒකට ආසන්නතම උදාහරණය තමා මැයි මාර ප්‍රසංගය. ඒක කට්ටිය හොඳයි හොඳයි කියලා කියන නිසාත්, මේ කතුවරයාගේම සෙංකොට්ටං හා මානික්කවත කියන පොත් දෙක කියවලා තියෙන නිසාත් මම දෙපාරක් නොහිතා ඒ පොත ගත්තා.

අරගෙන කියවලා බලද්දි තමයි මට කිසි වැඩක් නැති කතාවක් කියලා හිතුනේ. හෙනම බොළඳ ලාමක කතාවක්. අපරාදේ පොතට වියදම් වෙච්ච සල්ලි.

ඒ පොතෙන් පස්සේ තමයි මම මේ දැන් කියන්න යන පොත කියවන්න හම්බ උනේ. පොතේ නම තමයි පෝස්ට් එකේ ටයිටලේට දාලා තියෙන්නේ. පොතේ නම තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒකේ තේරුම තමයි පැහැරගැනීම.

මේ පොත රහස් පරීක්ෂණ ගණයට වැටෙන පොතක්.කතුවරයා තමයි මංජුල සේනාරත්න. දැනට අවුරුදු කිහිපයකට කලින් සෑහෙන්න ට්‍රෙන්ඩ් වෙච්ච 12.12.12 පොත ලියපු කතුවරයාගේම පොතක්. කොටින්ම 12.12.12 පොතේ ඉන්න පොලිස් පරික්ෂකවරියම තමයි මේ පොතේත් ඉන්නේ. 

කතාව ගැන කෙටියෙන් පොඩ්ඩක් කිව්වොත් තාදි සමරසිංහ කියන පොඩි දරුවෙක්ව පැහැරගෙන යාම සම්බන්ධව තමයි කතාව ගෙතෙන්නේ. උදේ වරුවක තාත්තත් එක්ක සෙල්ලම් කරන්න ළමා උද්‍යානයට යන තාදි කියන දැරිය අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඒ සිද්ධිය හරහා කරන පරීක්ෂණය තමයි පොත පුරාම තිබෙන්නේ. කියවලාම බලන්න.

කම්මැලිකමක් නැතිවන කියවගෙන යන්න පුළුවන් කතාවක් තියෙන්නේ.

4 comments:

  1. රංග තේනුවරApril 10, 2025 at 7:54 AM

    මෙම පොතේ ඉංග්‍රීසි සංස්කරණයක් තිබෙනවාද

    ReplyDelete
    Replies
    1. නැහැනේ. සිංහල එක විතරයි තියෙන්නේ

      Delete
  2. තව බලන්න බියුරෝ - ඔහු‍‍ගමෙ පොතක්. විශිෂ්ටයි එය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.... කියවලා බලන්න ඕන

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.