අද ලෝ වැසි කිතුණු බැතිමතුන් ජේසු ක්‍රිස්තුන්වහන්සේගේ මරණින් උත්ථාන වීම සමරන පාස්කු ඉරිදා දවසයි. පාස්කු ඉරිදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වෙන්නේ මොන හේතුව නිසාද කියලා මම විස්තරාත්මකව ලිපියක් කලින් ලියලා තියෙනවා. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.
අද කතෝලික ගෙයකට ගියොත් මංගල්ලයකට වගේ හොදට ආහාරපාන වලින් සප්පායම් වෙලා එන්ඩ පුලුවන්. මොකද මේක තමා කතෝලිකයින්ගේ උතුම්ම මංගල්ලය. ඒ නිසා එයාලා ඒ අයට පුළුවන් උපරිමයෙන් මේ මංගල්ල කාරණාව මහ ඉහලින් සමරනවා.
පිටරටවල් වල නම් මේ දවසට චොක්ලට් වලින් නිර්මාණය කරපු පාස්කු බිත්තර හිත මිතුරන් අතර බෙදාගැනීම සිදු කරනවා. පාස්කු බිත්තර (Easter Eggs) බෙදාගැනීම තුල එයාලා ජේසු තුමන්ගේ මරණින් නැගිටීම සිහිපත් කරනවා.
සියළු දෙනාටම සුබ පාස්කු මංගල්ලයක් වේවා !
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.