කොයි කවුරුත් දළදා මාලිගාවට ගිහින් තිබුණට දළදා වහන්සේව සියැසින් දැකලා නැතුවැති නේ. ඔන්න අද ඉඳලා ඒ කියන්නේ අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 27 වෙනිදා වෙනකන් දළදා වහන්සේව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍යය ලැබිලා තියෙනවා.
මාධ්‍යය වලින් කියපු විදිහට අවුරුදු 16කට පස්සේ තමයි දළදා ප්‍රදර්ශනයක් පැවැත් වෙන්නේ. අන්තීමට තිබ්බ දළදා ප්‍රදර්ශනය පැවැත්වුනේ 2009 අවුරුද්දේ.
දන්ත ධාතූන් වහන්සේව දැකබලා ගැනීමට ඊයේ ඉඳලම ජනතාව පෝලිම් වලට වෙලා ඉන්නවා. ඒ එන ජනතාවට සංග්‍රහ කරන්නත් සෑහෙන්න දන්සල් ගොඩක් නුවර අවට ඉදි වෙනවයි කියලා තමා දකින්න හම්බ උනේ.
මේ ටිකේ නුවරට වාහනයකින් නම් එන්න හිතන්නවත් එපා. සෑහෙන්න ට්‍රැෆික් ජෑම් එකකට මැදි වෙන්න තමයි වෙන්නේ. මේ ටිකේ නුවර ගොඩක් ඉස්කෝල වලට නිවාඩුත් දීලා තියෙනවා.
එහෙනම් පින් කැමති සියළුම දෙනා දළදා වහන්සේව දැකබලාගෙන පින් සිත උපදවා ගන්ඩකෝ. සාදු ! සාදු ! සාදු !
----------------------------------------------------------------------------------------
ප.ලි. - දළදා වහන්සේව වැඳපුදා ගන්න මාර්ග තුනක්ම විවෘත වෙලා තියෙනවා. මේ පහලින් තියෙන්නේ ඒ මාර්ග සිතියම. තමන් කැමති පහසු මාර්ගයක් තෝරාගෙන වන්දනා කරන්ඩලා.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.