27 April 2025

වතුර ප්‍රශ්නයක්

 කලින් ලිපියෙන් මම කිව්වා නෙහ් ජොබ් එහෙක ඉන්ටර්විවු එකකින් මම අසමත් උනයි කියලා. අන්න ඒ ජොබ් ඉන්ටර්විවු එකෙන් අහපු බුද්ධි පරීෂණ ප්‍රශ්නය තමයි මේ ලිපියෙන් ලියන්ඩ හිතුවේ. සමහරු නම් මේක අහලත් ඇති. අහලා නැති අය පොඩි උත්සහයක් දීලා මේක විසදගන්ඩ බලමු.

මෙන්න මේකයි ප්‍රශ්ණය !


මනුස්සයෙක් ළඟ ලීයර් 3ක හා ලීටර් 5ක ධාරිතාවය තියෙන වතුර කෑන් දෙකක් තියෙනවා. ඒ කෑන් දෙක විතරක්ම භාවිතා කරලා ලීටර් 4ක් මැන ගන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්ණයෙන් අහන්නේ. වතුර ඕන තරම් පුරවගන්න පුලුවන් විදිහේ ටැප් එකකුත් තියෙනවා.

ඔන්න එහෙනම් ඔය ප්‍රශ්ණයට පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩකෝ.. ලොකු අමාරුවක් වෙන්නේ නම් නෑ. ටිකක් හිතුවොත් උත්තරේ අත ළඟ !

එහෙනම් මම ගියාවේ.

--------------------------------------------------------------------------------

ප.ලි. -  හිතලා හිතලා උත්තරේ හම්බ උනේ නැත්නම් මොළයට සමනල් ගැටය වැටෙන්ඩ කලින් පල්ලෙහා කමෙන්ට් තීරුවේ පළවෙනි කමෙන්ටුව කියවන්ඩ. උත්තරේ ඒකේ ඇති.

මේ වගේ මම මීට කලින් දාපු ප්‍රශ්ණ සේරම තේරවිලි කියන ලේබලයෙන් කියවගන්ඩ පුලුවන්. වෙලාවක් තිබ්බොත් ඒවත් බලන්ඩ.

3 comments:

  1. .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි ගැටළුවට උත්තරේ.... !

    මේ ප්‍රශ්ණයේ මූලිකම ඉලක්කය වෙන්ඩ ඕන ලීටර් 1ක් මැන ගන්න එක. ලීටර් එකක් මැනලා වෙන් කලොත් වැඩේ ලේසියි.

    ඔන්න එහෙනම් පියවර ටික...

    1. මුලින්ම ලීටර තුනේ කෑන් එක පුරවලා ඒක ලීටර් පහේ කෑන් එකට දානවා. එතකොට ලීටර් තුනේ කෑන් එක හිස්. පහේ කෑන් එකේ මැනපු ලීටර 3ක් තියෙනවා

    2. ආයෙම ලීටර තුනේ කෑන් එක පුරවලා පහේ කෑන් එකට වත් කරන්න ඕන. එතකොට පහේ කෑන් එක සම්පූර්ණයෙන් පිරිලා තුනේ කෑන් එකේ ලීටර 1ක් ඉතිරි වෙනවා.

    3. සම්පූර්ණයෙන් පිරුණු ලීටර පහේ කෑන් එක හිස් කරන්න ඕන.

    4. ලීටර් තුනේ කෑන් එකේ තියෙන වතුර ලීටරය, ලීටර් පහේ කෑන් එකට දාන්න ඕන. එතකොට ලීටර තුනේ කෑන් එක හිස්. පහේ කෑන් එකේ වතුර ලීටරයක් තියෙනවා.

    5. ආයෙම ලීටර තුනේ කෑන් එක සම්පූර්ණයෙන් පුරවලා වතුර ලීටරයක් තියෙන පහේ කෑන් එකට වත් කරන්න ඕන.

    ඔන්න එතකොට පහේ කෑන් එකේ මැනපු ලීටර් 4ක වතුර තියෙනවා.

    ReplyDelete
  2. ඊට වඩා ලේසියට පුලුවන්.

    1. ලීටර් පහේ කෑන් එක පුරවා එයින් ලීටර් තුනේ කෑන් එක පුරවන්න.
    2. ලීටර් තුනේ කෑන් එක හිස්කර පහේ කෑන් එකේ ඉතුරුවුණු ලීටර් දෙක ඒකට දාන්න.
    3. ලීටර් පහේ කෑන් එක පුරවා ඒ වතුරෙන් ලීටර් තුනේ කෑන් එක පුරවන්න. දැන් පහේ කෑන් එකේ ලීටර් හතරක් ඇත,

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය ලෙහෙසියි වගේ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.