19 April 2025

ඉගැන්වීම් ආධාරක

 ඉස්සර එක වසරට ළමයෙක්  ඇතුලත් වෙච්ච දවසේ ඉඳලා පංති වලට එක එක ජාති ගේන්ඩයි කියනවා. එක දවසක මදටිය ඇට, ඔලිඳ ඇට එහෙම ගේන්ඩ කියනවා. තව දවසක පොල් කුඩු වලට ඩයි දමලා වේලලා ගේන්ඩ කියනවා. ඔය වගේ අටෝරාසියක් දේවල් ඉස්කෝලේට ගේන්ඩ කියනවා.

එතකොට ඉතින් දෙමව්පියෝ වයින් වෙලා වගේ එහේ මෙහේ දුවලා ඕවා අදාල දිනයට ලක ලෑස්ති කරලා දෙනවා.

ඔන්න දැන් ඉන්න ළමයින්ට නම් ඒ කරදරය නෑ. ඉස්කෝලෙන් ඉල්ලන්නේ මොනවද ඒවා ගන්න ගොඩක් බුක්ෂොප් වල තියෙනවා. දැන් බුක්ෂොප් වල නැති දෙයක් නෑ.

ඔලිඳ, මදටිට, සියඹලා, පුස් ඇට වගේ ඇට ජාතිත් පොල් කුඩු ගෝල්ඩ් ඩස්ට් වගේ කුඩු ජාතියි පදම් කළ මැටි වගේ දේවල් වල ඉඳලා ඉස්කෝලෙට ඕන කරන හැමදේම සල්ලි වලට ගන්න තියෙනවා. 

තියෙන්න ඕන එකම එක දෙයයි. ඒ තමයි සල්ලි ! සල්ලි තියෙනවා නම් ඔය ටික හොඳ බුක්ෂොප් එකකින් ගන්න පුලුවන්.

බලන්ඩකෝ කොච්චර ලේසිද කියලා ?

2 comments:

  1. සංකපාල ස්තුතියි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.