මනඃ කල්පිත රහස් පරීක්ෂක චරිතයක් වෙච්ච ෂර්ලොක් හෝම්ස්ගේ කතාන්දර ස්ට්‍රැන්ඩ් සඟරාවට ලිය ලියා උන්නු සර් ආතර් කොනන් ඩොයිල්ට මේ රහස් පරීක්ෂක චරිතය නිසා සෑහෙන කරදරෙන් හිටියේ. ඒ ෂර්ලොක් හෝම්ස් කතා දිගින් දිගටම ලියන්න කියලා පාඨකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා.
මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් කතා 24ක් විතර සර් ආතර් කොනන් ඩොයිල් ලියා තිබුනා. ඉතින් තමන්ගේ වෛද්‍ය වෘත්තියයි ලේඛන කළාවයි දෙකම එකට කරගෙන යන්ඩ බැරි නිසා ඔහු මේ රහස් පරීක්ෂක චරිතය මරන්න ක්‍රමයක් හෙව්වා.
මේ කාළයේදි තමයි ඔහු තම බිරිඳත් එක්ක ස්විස්ටර්ලන්තයේ සංචාරයක යෙදෙන්නේ.ඔහු මේ ස්විස් සංචාරයේ යෙදෙන්නේ 1893 අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඔහු ස්විස්ටර්ලන්තයේ තිබ්බ මේ අපූරු දිය ඇල්ලේ තිබ්බ සුන්දරත්වයටයි ගුප්ත බවටයි වශී වෙනවා. කොච්චර ආස උනාද කිව්වොත් දිය ඇල්ලෙ පැත්තකින් තිබුන අඩිපාරේ ඉඳලා ඇල්ල දිහා බලාගෙන ඉන්නවා.
මේ අඩිපාර එච්චර පළලකින් යුක්ත වෙලා තිබ්බේ නෑ. දිය ඇල්ලම මීටර් 250ක් විතර උසයි. ඔහු දිය ඇල්ල නැරබූ තැනින් පය ලිස්සලා එහෙම වැටුනොත් මීටර් ගණනක් පහල දිය ඇල්ලේ පතුලට වැටෙන්නත් බැරි නෑ.
කොනන් ඩොයිල්ට මේ වෙලාවේ හොඳ අදහසක් පහල වෙනව. ඔහු ෂර්ලොක් හෝම්ස්වත් රයිෂන්බාක් ඇල්ලට ගෙනල්ල මෙතැනින් පහලට වට්ටලා මැරුවොත් ෂර්ලොක් හෝම්ස්ගේ කරදරය ඉවර කරන්ඩ පුළුවන් නේද කියලා හිතනවා. ඒ නිස ඔහු ඊළඟ ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණය අවසන් ගැටළුව ලෙස නම් කරලා ෂර්ලොක් හෝම්ස්වයි මහාචාර්ය ජේම්ස් මොරියාටිවයි මේ දිය ඇල්ල අසල බොර බැඳීමකට ලක් කරලා පහලට තල්ලු කරන්ඩ සලස්වනවා.
මේ අතීත සැමරුම සිහි කරන්න අද මේ දිය ඇල්ල අසල සමරු පළකයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඔය පහලින් තියෙන්නේ ඒ සමරුවේ පින්තූරයක්.
ඊට පල්ලෙහා පින්තූරයෙන් තියෙන්නේ ඒ දවස්වල මේ කතාවට සිඩ්නි පැජට් නැමති විදෙස් සිත්තරා ඇඳපු සිතුවමක්. මේ සිතුවමෙන් පෙනෙන්නේ ෂර්ලොක් හෝම්ස් සහා මහාචාර්ය මොරියාටි පොර බදින අවස්ථාවක්.
නමුත් අවාසනාවන්ත ලෙස ෂර්ලොක් හෝම්ස්ගේ මරණින් පස්සේ පාඨකයෝ ආතර් කොනන් ඩොයිල්ට නිරන්තරයෙන්ම කරදර කරන්ඩ ගන්නවා ආයෙම ෂර්ලොක් හෝම්ස්ව ගේන්න කියලා. ඉතින් ඔහු පසු කාලීනව වෛද්‍ය වෘත්තිය අත ඇරලා පූර්ණ කාලීන ලේඛකයෙක් බවට පත්වෙනවා. ඒ ෂර්ලොක් හෝම්ස්ගේ ආගමනයත් එක්කම...එහෙනම් මම ගියාවේ... ජය වේවා !
මල්ලියා වටඇල්ල දන්නවද? හම්බෙමු. මම පෙන්න්නම්.
ReplyDelete