මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.
මේකයි කතාව.... !
අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු.
ලාච්චුවෙන් එළියට ගන්න ඕන අවම මේස් ගණන කීයද ? අන්න ඒක තමයි ගැටළුව. !
මම ආයේත් කියනවා. මේස් වල පාට පේන්නේ නෑ හොඳේ.
උත්තරේ දන්න කට්ටිය පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් මම ගියාවේ.
ජය වේවා !
මල්ලියා ගණිත ගැටළු වලට ආසයි නේද. මාත් ආසයි. අපි හමුවෙමු.
ReplyDelete