එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.
එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.
මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.
මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.
ලංකාවේ කඳු පන්තීන් පිහිටා ඇත්තේ නැංගුරමක ආකාරයකට ය. නැංගුරමේ බඳ කොටස පිඳුරුතලාගල කඳු පන්තිය වන අතර නැගෙනහිර නැංගුරම් පාදය සමනළ කඳු පන්තිය වේ. බටහිර නැංගුරම් පාදය වන්නේ තොටුපොළ නමුණුකුළ කඳු පන්තීන් වේ. මා එකල සමාජ අධ්‍යයනයට ඉගෙන ගත් දෑ සිහිපත් විය.
මේ සියළුම කඳු අතරින් සමනළ කන්දට පූජනීයත්වයක් එකතු වී තිබේ. ඒ බුදු සිරිපතුල පිහිටි කන්ද නිසා ය.

No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.