කිතුණු බැතිමතුන්ගේ ආගමික දින දර්ශනයේ නොවැම්බර් මාසය වෙන් වී ඇත්තේ මළා වූ අය සිහිපත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා ඔවුන් පෙර සූදානම් වීමක් වශයෙන් කනත්ත සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරයි. තම තමන්ගේ මිය ගියාවූ ඥාතීන්ගේ මිනී වලවල් සුද්ධ කර සුදු වැලි අතුරා මල් වැවීමද සිදු කරයි.
වසර පුරාම අමතකව ගිය කනත්ත දෙස බැලෙන්නේ මේ මාසයේදි ය.
නොවැම්බර් දෙවෙනි දා මලා වූ සියළුම ආත්මයන් සිහි කරමින් කනත්තේ දිව්‍ය පූජාවක් ද පැවැත්වේ. එහිදි මිය ගියවුන් වෙනුවෙන්ම විශේෂ කොට යාච්ඤා කිරීමද සිදුකරයි. පූජාව සිදු කරන දිනයේදී මිනීවලවල් අසල මල් තැබීම ද ඉටිපන්දම් දැල්වීමද සිදු කරනු ලබයි. ඒ දිව්‍ය පූජාවෙන් අනතුරුව මිනීවලවල් ආසිරි ගැන්වීම ද සිදු කරයි.
එතැන් පටන් කිතුනු බැතිමතුන් සිය දෛනික යාච්ඥා වලට අමතරව මලවුන් වෙනුවෙනුත් විශේෂිතවම යාච්ඤා කිරීම මේ මාසය පුරාම සිදු කරයි. එසේ වෙනම යාච්ඤා කරන්නේ ශුද්ධිගිනිස්ථානයේ (Purgatory) සිටින මලවුන්ගේ ආත්ම ස්වර්ගය වෙත ඔසවා තබන ලෙසට ය.
මියගිය අයෙකු මුලින්ම යන්නේ මේ ශුද්ධිගිනිස්ථානයට ය. තමා ජීවත්ව සිටින කාළය තුලදි කළ පින් පවු අනුව ඔවුන් මෙම ශුද්ධිගිනිස්ථානයේ සිටින කාළ පරිච්ඡේදය අඩු වැඩි වීම සිදු වෙනවා. මේ කාළය සංක්‍රාන්ති කාළයක් ලෙස හැදින්වූවත් වරදක් නෑ. මේ කාළය තුලදී ඔවුන් ස්වර්ගයට යාමට පෙර සුළු වැරදි වලට වන්දි ගෙවීමේ එසේත් නැතිනම් පවු සෝදා හැරීමේ කාළපරිච්ඡේයයක් ගත කරයි.
(මරණය සිදු වන වේලාවේ පවු බර වැඩි නම් ඔහු කෙලින්ම නිරයට යාම සිදු වේ. නිරයට ගියොත් ගියා ම ය. ආපසු ඒමක් නැත. )
මේ ශුද්ධිගිනිස්ථානයේ සිටින ආත්ම වලට පින් කිරීමේ හැකියාව නැත. ඔවුන් පින් ලබාගන්නේ සිය ඥාතීන්ගේ යාච්ඤා හෝ දාන මාන වලිනි. ඒ නිසාම කතෝලික ජනතාව දුගී මගීන්ට දාන මාන දී ඒ පින් සිය පවුල් වල මිය ගියා වූ ඥාතීන්ට ලබා දීමට කටයුතු කරයි.
ඒ දානයෙන් කොටසක් පල්ලියේ පියතුමාටත් ලබාදීමට කටයුතු කිරීමට සමහර කිතුණුවන් කටයුතු කලත් එය අනිවාර්යය අංගයක් නොවේ. මෙම දාන මාන කටයුතු සති අන්තයේදී සිදු වේ. (බොහෝ විට සෙනසුරාදා දින යේදී ය.)

මළවුන්ගේ මාසය කියද්දි මතක් වෙන්නෙ coco animated movie එක 😃
ReplyDelete