26 October 2025

කළුතරට පෙනෙන සමනොළ ගිර

 එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.

එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.

මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.

මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.

ලංකාවේ කඳු පන්තීන් පිහිටා ඇත්තේ නැංගුරමක ආකාරයකට ය. නැංගුරමේ බඳ කොටස පිඳුරුතලාගල කඳු පන්තිය වන අතර නැගෙනහිර නැංගුරම් පාදය සමනළ කඳු පන්තිය වේ. බටහිර නැංගුරම් පාදය වන්නේ තොටුපොළ නමුණුකුළ කඳු පන්තීන් වේ. මා එකල සමාජ අධ්‍යයනයට ඉගෙන ගත් දෑ සිහිපත් විය.

මේ සියළුම කඳු අතරින් සමනළ කන්දට පූජනීයත්වයක් එකතු වී තිබේ. ඒ බුදු සිරිපතුල පිහිටි කන්ද නිසා ය. 

කඳු වලින් තොර බටහිර වැසියන් ජීවත් වන එක එක ගම් වලට ඈතින් පෙනෙන සමනළ කන්ද නිසා පහන් සිතුවිළි ඇති වේ. ඒ නිසාම ඔවුන්ට සමනළ කන්ද පෙනෙන බව කියන්නේද ආඩම්බරයකින් යුතු ය. 

පහලින් පෙනෙන්නේ කළුතර පාළමට සමනළ කන්ද දිස්වූ දිනෙක ගත් සේයාරුවකි. එය සමනළ කන්ද රසික සංසදය පිටුවෙන් උපුටා ගත්තකි.

ජය වේවා !


6 comments:

  1. අජිත් ධර්මOctober 27, 2025 at 12:07 PM

    අප දන්නා ආකාරයට ටිල්වින් සිල්වා සහෝදරයා පවසා ඇත්තේ එම කන්දේ ඇත්තේ ආදම්තුමාගේ සහ ඒවගේ පාදය බවයි

    ReplyDelete
    Replies
    1. කොමරේඩ් රෝහණ සහෝදරයා ගේ වෙන්න බැරිද

      Delete
  2. කාටත් පෙනෙන්නේ සමනල කන්ද විතරයි ඇයි උසම කන්ද පිදුරුතලාගල පෙනෙන්නේ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්තිOctober 28, 2025 at 3:57 PM

      මල්ලි එන්නකෝ හවස් වෙලා හම්බෙන්න.

      මම පෙන්නම් පිදුරුතලාගල කුළුණ.

      Delete
  3. මෙහෙමයි සමනල කන්ද කියනවා ඕකට ආදම්තුමාගේ පාදය කියනවා නබීතුමාගේ පාදය කියනවා ඊළඟට හින්දුන් තියෙනවද එවැනි දෙවියන්ගේ පාදය කියලා යුදෙව්වො කියනව යොදෙයියන්ගේ පාද කියල සිංහල මිනිස්සු කියනවා සිංහලුන්ගෙ පාද කියල දෙමළ මිනිස්සු කියනවා දෙමළ මිනිස්සුන්ගේ පාදය කියලා ඉතින් එහෙම බලද්දි ඒක පාදයක් වගේ එකක් තියෙනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන් මොකද ජාතීන් ගොඩාක් ඒ කෙනෙක් එහෙම හිතන්නේ

    ReplyDelete
  4. කීර්ති ධර්ම - ජර්මනියOctober 30, 2025 at 12:22 PM

    මහවැලි කැලණි අත්තන යන කළු ගංගා
    සමනල කන්ද මුදුනින් නොවැ පැන නැංගා
    මල්ලිලා එන්න සතුටින් සැප හොද ගන්නා
    අන්තිම පදේ කිසිවක් නැත මම වැඩ හින්දා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.