11 October 2025

කෝපි

 අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්සක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය.සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය.

වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු පිරී යයි. ඒ වෙන සුවඳක් නොවේ... උණු උණුවේම කබලේ බදින කෝපි ඇට වලින් එන සුවඳකි. කොච්චරවත් කෝපි ඇට වියලා බෝතල් කර තිබුණට ඒවා බැද කුඩු කිරීමට ගෙදර මිනිස්සුන්ට මතක නැත.


මතක් වෙනවා නම් ඒ මෙවැනිම වැහි සීතල දැනෙන දිනවල ය.


අපට නම් කෝපි ගස් නැති නිසා කබලේ බදින්නට කෝපි නැත. කෝපි බොන්නට උවමනා නම් කඩෙන් කෝපි කුඩු ගෙන එන්නට උවමනා ය. කඩේ කෝපි මෙහෙම ගෙදර බදින කෝපි තරම් සුවඳ නැත. පාට නැත. රහද නැත.


උණු උණුවේ දුම් දමන කොයි කෝපි එකත් සීතලට හොඳය. වැස්ස, දුම් දමන කෝපි කොප්පයක් හා රසවත් පොතක් තිබේ නම් මේ වගේ දිනවට අපූරු ය. පංකාදු ය.

---------------------------------------------------------------------------------

ප.ලි. - ඔයාලත් වැස්ස වෙලාවට කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්ඩ.. ඒක පට්ට ය !


1 comment:

  1. කෝපි නං තියනවා හැබැයි වැස්ස නෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.