එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.
එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.
මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.
මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.
ලංකාවේ කඳු පන්තීන් පිහිටා ඇත්තේ නැංගුරමක ආකාරයකට ය. නැංගුරමේ බඳ කොටස පිඳුරුතලාගල කඳු පන්තිය වන අතර නැගෙනහිර නැංගුරම් පාදය සමනළ කඳු පන්තිය වේ. බටහිර නැංගුරම් පාදය වන්නේ තොටුපොළ නමුණුකුළ කඳු පන්තීන් වේ. මා එකල සමාජ අධ්‍යයනයට ඉගෙන ගත් දෑ සිහිපත් විය.
මේ සියළුම කඳු අතරින් සමනළ කන්දට පූජනීයත්වයක් එකතු වී තිබේ. ඒ බුදු සිරිපතුල පිහිටි කන්ද නිසා ය.

අප දන්නා ආකාරයට ටිල්වින් සිල්වා සහෝදරයා පවසා ඇත්තේ එම කන්දේ ඇත්තේ ආදම්තුමාගේ සහ ඒවගේ පාදය බවයි
ReplyDeleteකොමරේඩ් රෝහණ සහෝදරයා ගේ වෙන්න බැරිද
Deleteකාටත් පෙනෙන්නේ සමනල කන්ද විතරයි ඇයි උසම කන්ද පිදුරුතලාගල පෙනෙන්නේ නැත්තෙ?
ReplyDeleteමල්ලි එන්නකෝ හවස් වෙලා හම්බෙන්න.
Deleteමම පෙන්නම් පිදුරුතලාගල කුළුණ.
මෙහෙමයි සමනල කන්ද කියනවා ඕකට ආදම්තුමාගේ පාදය කියනවා නබීතුමාගේ පාදය කියනවා ඊළඟට හින්දුන් තියෙනවද එවැනි දෙවියන්ගේ පාදය කියලා යුදෙව්වො කියනව යොදෙයියන්ගේ පාද කියල සිංහල මිනිස්සු කියනවා සිංහලුන්ගෙ පාද කියල දෙමළ මිනිස්සු කියනවා දෙමළ මිනිස්සුන්ගේ පාදය කියලා ඉතින් එහෙම බලද්දි ඒක පාදයක් වගේ එකක් තියෙනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන් මොකද ජාතීන් ගොඩාක් ඒ කෙනෙක් එහෙම හිතන්නේ
ReplyDeleteමහවැලි කැලණි අත්තන යන කළු ගංගා
ReplyDeleteසමනල කන්ද මුදුනින් නොවැ පැන නැංගා
මල්ලිලා එන්න සතුටින් සැප හොද ගන්නා
අන්තිම පදේ කිසිවක් නැත මම වැඩ හින්දා