25 October 2010

ගණිත ගැටලුවක් !!!! - 1වන කොටස

අද සෙනසුරාදා දවසක්. අද මට මගේ යාලුවෙක් සෙට් උනා යසස් කියලා . ඒකත් එක්ක කතාවක් දාගෙන ඉදිද්දි එයාමයි මේ කතාව කිව්වේ. ඉතින් මන් හිතුවා මේ කතාව ඔයලටත් කියන්න ඕනේ කියලා.

මේක කතාවක් එක්ක එන ගණිත ගැටලුවක්. අපේ මිතුරා කතාව පටන් ගත්තා. " ඔන්න එක මනුස්සයෙක් නවාතැන් ගන්න තැනක් හොය හොයා යනවා. ඔහොම යද්දි එක බෝඩිමක් හම්බ වෙනවා. නමුත් ඒ මනුස්සයා ලග බෝඩිමට දෙන්න සල්ලි නැහැලු. "



'' අර බෝඩිම හොයාගෙන ආපු මනුස්සයා ගාව සතයක්වත් නැහැ. නමුත් ඒ මනුස්සයා ගාව මුදු පහක් තියෙනවලු. හැබැයි ඒ මුදු පහම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නෙලු. හරියට දම් වැලක පුරුක් වගේ. ''
අපේ මිතුරත් පල්ලියේ වැලි පොලොවේ මුදු පහ තියෙන විදිහ ඇඳ ඇඳ විස්තර කරනවා.

මමත් ඉතින් හාවක් හූවක් නැතිව අහගෙන ඉන්නවා.
අපේ මිතුරා අයෙත් හඩ අවදි කලා. '' ඉතින් අර මනුස්සයා බෝඩිම අයිතිකාරයාට මෙහෙම යෝජනාවක් දැම්මලු. මට දවස් පහක් බෝඩිමේ ඉන්න ඕනේ මන් ලග සල්ලි නම් නෑ. මන් දවසකට එක මුද්ද ගානේ දවස් පහට මුදු පහ දෙන්නම් කියලා කිවුවලු. ''

ඔයාලා දන්නවනේ මුදු පහම එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා.

" නමුත් බෝඩිම් කාරයාට මේ මනුස්සයාව ටිකක් විතර අවිශ්වාසයි ලූ. බෝඩිම් කාරයා කිවුවලු.හැබැයි මට දවස අන්තිමට එක මුද්ද ගානෙ ලැබෙන්න සලස්වන්න ඕනෙ කියල කිවුවලු. ''

ඔයාලා දන්නවනේ මුදු ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ටිකක් අමාරුයි නේ දවසට එක මුද්ද ගානේ දෙන්න. ඔක්කොම එක පාර දෙන්න නම් පුලුවන් නෙ.

'' නමුත් අර මනුස්සයා මෙහෙම දෙයක් කිව්වලු. මට එක මුද්දක් කපන්න දෙනවා නම් මට දවසකට එක මුද්ද ගානේ දෙන්න පුලුවන් කියලා කිවුවලු. බෝඩිම්කාරයත් බැලුවලු එක මුද්දයි කපන්නේ. ඒකෙන් විතරයි අගය අඩු වෙන්නේ කියලා. එහෙම හිතපු බෝඩිම්කාරයා වැඩෙට කැමති උනාලු. ''

ඊට පස්සේ අපේ මිතුරා මගේ පැත්තට හැරිලා අහනවා.ඒ මනුස්සයා කොහොමද එක මුද්දක් විතරක් කපලා බෝඩිම්කාරයාට දවසකට එක මුද්ද ගානේ දුන්නේ කියලා.

මන් ඉතින් පල්ලියේ පොලොවේ මුදු පහ ඇඳ ඇඳ බලනවා කොහොමද කරන්නේ කියලා. ඔයාලත් උත්සහ කරලා බලන්න.

හිතන්න බැරිනම් පහල කොමෙන්ට් එක බලන්න.

3 comments:

  1. විසදුම - මුදු පහ පිලිවෙලට තියලා මැද මුද්ද (ඔව් ඔව් තුන්වෙනි මුද්ද තමයි.මුදු දෙකේ කොටස් දෙකයි කපපු මුද්දයි. ) කපනවා. පලවෙනි දවස ඉවර උනාම අර කපපු මුද්ද බෝඩිම්කාරයාට දෙනවා. දෙවෙනි දවස ඉවර උනාම අර කපපු මුද්ද බෝඩිම්කාරයාගෙන් ඉල්ලගෙන මුදු දෙකේ කොටස දෙනවා. තුන්වෙනි දවස ඉවර උනාම අර කපපු මුද්දත් බෝඩිම්කාරයාට දෙනවා. හතරවෙනි දවසට බෝඩිම්කාරයාගෙන් කපපු මුද්ද ඉල්ලගෙන මුදු දෙකේ අනිත් කොටසත් දෙනවා. පස්වෙනි දවස ඉවර උනාම අර කපපු මුද්ද ආපහු බෝඩිම්කාරයාට දෙනවා.

    ReplyDelete
  2. thushara78@gmail.comJuly 6, 2012 at 3:09 PM

    මදුරංග මුදු පහ පිළිවෙලට තියලා හතරවෙනි මුද්ද කැපුවත් ඔය ප්‍රශ්නය ලිහා ගන්න පුළුවන් නේද?
    පළමු දවසේ කපපු මුද්ද දෙනවා. දෙවැනි දවසේ තනි මුද්ද දෙනවා. තුන්වෙනි දවසේ එකට බැඳී තියෙන මුදු තුනම දීලා කලින් දීපු මුදු දෙක ඉල්ල ගන්නවා. හතරවෙනි හා පස්වෙනි දවස්වල තනි මුද්ද හා කපපු මුද්ද දෙනවා.
    එහෙමත් පුළුවන් නේද?

    ReplyDelete
  3. මුදු 7ක් තියනවනම් මීට වඩා හිතකන්න දෙයක් තියනව ගානෙ
    මේ වගේ ගණිත ගැටලු තියන web site එකක address එකක් කියනවද කවුරු හරි දන්නවනම් ????

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.