16 April 2020

බෝධිනාගල ආරණ්‍ය සෙනසුන

දවසක් අපේ කන්තෝරුවේ යාළුවෙක්ට බෝධිනාගල යන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඒත් ඒකාට තනියම යන්න කම්මැලියි කියපු නිසා මටත් මේ ගමන එන්න කතා කළා. මාත් ඉතින් එළියට අඩිය තියාගෙන උන්නු නිසා එකපයින්ම හා කියලා කිව්වා.

එදා සෙනසුරාදා දවසක් . ඒකා කියපු විදිහට ගැලනිගම අධිවේගි පිවිසුම් දොරටුව ගාවට ආවා. මාත් ඊට කලින්ම අළුබෝමුල්ලේ ඉදලා හොරණ බස් එකෙන් ගැලනිගමට අවිත් හිටියා. අපි දෙන්නා හොරණ රත්නපුරේ පාරේ ඉංගිරිය කිට්ටුවට ආවා. එතකොටම බෝධිනාගල ආරණ්ය සෙනසුන කියලා ගහපු බෝඩ් එක ගාවින් හැරෙව්වා.

එතැන ඉදලා පටු පාරකින් අපි බෝධිනාගල ආරණ්‍ය සෙනසුන කරා ආවා.


මේ ආරණ්‍ය සෙනසුන පිහිටලා තියෙන්නේ දොඹගස්කන්ද රක්ෂිත වනාන්තරය ඇතුලේ. ඒ නිසා වනයට හානි කිරීමෙන් වලකිනවා නම් තමයි හොඳ.

එහෙනම් පින්තූර ටිකක් බළලා ඉම්මු.










මේ ආරණ්‍ය ගැන කියන්න නම් ලොකු විස්තරයක් නෑ. විවේක පාඩුවේ ගිහින් වැදපුදාගෙන භාවනා කරලා එන්න නම් කියාපුම තැනක් තමයි මෙතන. ඒ තරම්ම පරිසරය සුවදායකයි. ස්වබාවික පරිසරයේ හඬවල් ඇරෙන්නට වෙන කිසිම බාහිර හඬක් ඇහෙන්නේ නැති තරම්.

මේ ආරණ්‍ය බලන්න වෙලාවල් වෙන් කරලා තියෙනවා. ඒ වෙලාවල් වල ඇරෙන්න අනිත් වෙලාවල් වලට නම් නොයන තරමට තමයි හොඳ. ඒක මේ භාවන කරන හාමුදුරුවරුන්ට බාධාවක් වේවි.

අපි ඊළගට ගියේ මඩකඩ ආරණ්‍ය සෙනාසනය බලන්න. ඒකත් ඉංගිරිය අවට තියෙන ආරණ්‍යයක්. ඒක ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම්.

බෝධිනාගල ආරණ්‍යයටට එනවා නම් ඉංගිරිය නගරයට ඇවිල්ලා කිලෝමීටරයක් දෙකක් විතර හොරණ පැත්තට එන්ඩ ඕන. මේ හරියේ ඕනම කෙනෙක් බෝධිනාගල විහාරයට එන පාර පෙන්වයි. ඒ නිසා කරදරයක් නැතුව හොයාගෙන එන්ඩ පුලුවන්.

එහෙනං මං ගියාවේ !!

2 comments:

  1. බෝධිනාගල ආරණ්‍ය සේනාසනය කළු ගඟ අසලම තිබෙන රමණීය ස්ථානයක්. හොරණ පදිංචිව සිටි කාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන කිහිපයක් සඳහා ඔය රක්ෂිතයට පාසල් සිසුන් සමග ගොස් තිබෙනවා.(නිත්‍යානුකූල අවසර සහිතව) මෙය දඬු ලේනුන් බහුල රක්ෂිතයක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.