13 April 2020

නිරෝධායන සිංහල අළුත් අවුරුද්ද

කළින් අප විසින් සැමරූ සිංහල හින්දු අළුත් අවුරුදු වලට වඩා මෙවර අප සමරන්නට යෙදෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනස්ම මුහුණුවරක් ගනී. එයට මූලිකම හේතුව වන්නේ මේ වන විට රටේ පවතින වාතාවරණයයි. අපේ රටේ අපේම සහෝදර සහෝදරියන් පිරිසක් මේ වන විට COVID-19 නම් වූ වෛරසයකට විරුද්ධව ලොකු සටනක යෙදෙන නිසා ය.

තව පෑ කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වනවිටත් රටේ කොරෝනා ආසාධිත රෝගීන් 217ක් බවට පත් වී හමාරය. එසේම වෙන වසරවල් හා සාපේක්ෂව බලනකල මේ වසරේ දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ රටේ හා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ය.


මෙවන් තත්වයක් පවතින කාළයක් නිසාම රටවැසියෝ මෙවර සිංහල අළුත් අවුරුදු සැමරීම් සියල්ලම පාහේ නවතා දමා ඇත. මේ වන විට වටින් ගොඩින් ඇහෙන ගිණි කෙළි හා මල්වෙඩි ශබ්ද ද මෙවර අසන්නට හෝ දකින්නට නොමැත.

එළෙසම මේ කාලය තුළ අපේ නැහැ පුඩු වලට දැනෙන සිංහල කැවිලි ඉදෙන සුවද ද මෙවර විඳින්නට ද හැකියාවක් නැත.

මෙයට අමතරව රට පුරාම සුරා සැල් වසා දමා ඇති නිසා බීමතින් සිටින්නන්ට ද සිය සිතැඟි ඉටු කරගත හැකි නොවන අවුරුදු සමයෙකි.

කොටින්ම මේ වසරේ සිංහල අළුත් අවුරුද්ද චාරිත්‍රානූකූලව හා ආගමානුකූලව සැමරීම් කටයුතු සිදු කළ හැකි නව වසරකි. මගේ ජීවිත කාළය තුලදී මෙවැනි සැමරීම් කටයුතු වලින් යුතු නව වසරක් සමරන පළමු අවස්ථාව මෙය වේ.

මෙවර මගේ අළුත් අවුරුදු ප්‍රාර්තනය වන්නෙ,

"ලක්වැසියන් සුවපත් වන සුබම සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා !" යන්නයි.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.