අද නිවාඩු දවසක්.... ඒ වෙන මොකක්වත් හන්දා නෙමේ. ඒ පලාත් සභා ඡන්දේ පැවැත්වෙන නිසා. ඉතින් වෙනදා වගේම උදෙම්ම ගිහින් ඡන්දේ දාලා ගෙදර ආවා. ඒ ඇවිල්ලා කම්මැලිකම යන්නත් එක්කම අන්තර්ජාලයේ ටිකක් කරක් ගහනකොට තමයි මේ ටීවි සීරිස් එක හම්බ උනේ.
මේක නම් සෑහෙන්න පරණ ටීවි සීරිස් එකක්. මේකේ එන කතා වස්තුව ටිකක් ස්කුයිඩ් ගේම් එකේ එන කතාවට සමානත්වයක් දරනවා. ඒ ටීවී සීරිස් එකේ නම තමයි මේ බ්ලොග් පෝස්ට් එකේ ටයිටලේට දාලා තියෙන්නේ.
ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන කොටස් කිහිපයක් බැලුවා. වරදක් නෑ. ටිකක් කම්මැලි ගතියකින් කතාව ගලාගෙන ගියත් බලන් ඉන්ඩ පුලුවන්.
මේ කතාවේ දැනට සීරීස් දෙකක් රිලීස් වෙලා තියෙනවා. එක සීසන් එහෙක කොටස් අට බැගින් තියෙනවා. මම පළවෙනි සීසන් එකේ කොටස් 4ක් වගේ බැළුවා.
ඉතිරි ටික රෑට ඡන්දේ අහන ගමන් බලන්ඩෝන.
ඒ දවස්වල නම් ඡන්ද උනුසුමට අහල පහල කට්ටිය එකතු වෙලා කතා බහ කරන්ඩත් එනවා. ඒ විතරක් යෑ... ඡන්දේ බලන්ඩ කියලා එකේක කෑම ජාතිත් ගෙදර හැදෙනවා.
දැන් නම් ඉතින් එහෙම නෑ. කාලේ වෙනස් වෙලා නෙහ්. එහෙනම් මම ගියාවේ.
හෙට උදේ බලමුකෝ ඡන්ද ප්‍රථිපළය මොනා වෙලාද කියලා...
'ඒ දවස්වල නම් ඡන්ද උනුසුමට අහල පහල කට්ටිය එකතු වෙලා කතා බහ කරන්ඩත් එනවා. ඒ විතරක් යෑ... ඡන්දේ බලන්ඩ කියලා එකේක කෑම ජාතිත් ගෙදර හැදෙනවා.
ReplyDeleteදැන් නම් ඉතින් එහෙම නෑ. කාලේ වෙනස් වෙලා නෙහ්. එහෙනම් මම ගියාවේ'
දැන් ඒ අහල පහල මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ සංකල්ප මහත්තයා හැමදාම ඒ මිනිස්සුන්ගේ දානෙන් කාලා බීලා ශේප් වෙනවා කියලා.
පින් ඒ හින්දා ඒ අය ඔබට කතා කරන්නේ නැහැ. ඔවුන් එකිනෙකා සම්බන්ධ වී විනෝද වෙනවා ඔබ කොන් වෙනවා
ඒක ඇත්ත... මම එන්න එන්නම කොන් වෙනවා
Delete