07 May 2025

ෂර්ලොක් හෝම්ස් කතා

 රහස් පරීක්ෂක කතා ගැන මතක් වෙනකොට අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නේ. ආතර් කොනන් ඩොයිල්ගේ හිතේ ඇඳුර රහස් පරීක්ෂක චරිතය, ලෝකය පුරාම පාඨකයින්ගේ හිත් වලට මේ තරම්ම කා වදීවී ය කියලා ඒ දවස්වල ආතර් කොනන් ඩොයිල්වත් හිතන්නට නැතිව ඇති.

පොඩිම පොඩි දෙයකින් ලොකු නිගමන වලට එළබීම මේ කතා වල තියෙන අපූරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයයි.

කෙටි කතා 56කින් හා දීර්ඝ කතා 4කින් යුක්ත කතා හැටක ප්‍රමාණයක් කොනන් ඩොයිල් මහත්මයා ලියලා තියෙනව.

මම ඔය කතා සේරම පොතෙන් කියවලා තියෙනවා. 

ඒ වගේම කාළයකට කලින් සිරස ගුවන් විදුලියේ නාට්ටියක් විදිහට මේ කතා සේරම ටික විකාශනය උනා. ඒක නම් සුපිරියක් තමයි.

ඒ දවස්වල පොතෙන් කියවපු කතා සේරම හිතින් මවාගෙන ගුවන් විදුලි නාට්ටි ටික අහන්ඩ පුලුවන්. ඒ අත්දැකීම නම් නියමයි.

ඒ දවස්වල විකාශනය වෙච්ච රහස් පරීක්ෂන කතා ටික ආයේම සිරස එෆ් එම් එකේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ අහන්න පුලුවන්. මම ඒකේ ප්ලේ ලිස්ට් එක පහලින් දාන්නම්. නිදහස් වේලාවක අහලා බලන්ඩකෝ.


මෙන්න ප්ලේ ලිස්ට් එකේ ලින්ක් එක.

එහෙනම් මම ගියාවේ... ජය වේවා !

2 comments:

  1. ෂර්ලොක් හෝම්ස් සිංහල පරිවර්තන කතා ටික චන්දන මෙන්ඩිස් කියල එකෙක් විනාස කරලා තියෙන්නේ. මං හිතන්නේ ගූගල් පරිවර්තනය කරත් ඊට වඩා සාහිත්‍ය රසයක් ඇති. කොනන් ඩොයිල් මහත්තයා අමාරුවෙන් හරි ඒ පොත් ටික කියව ගත්තොත් එදාට එතුමා පණ නහගන්නව ආයෙත් 🥺

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ. ඒ හු**තා ෂර්ලොක් හෝම්ස් ව අමුවෙන්ම මරලා දැම්මා...

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.