2026 අවුරුද්ද උදාවෙලා මාසයකට වැඩි කාළයක් ගෙවිලා ගිහිනුත් එක්ක. ඒත් බ්ලොග් එකට තවම හරිහැටි එක පෝස්ටෙකක්වත් දාගන්න උනේ නෑ. අද ඒකටත්තෙක්ක හරියන්ඩ කියලා පොඩි දෙයක් ඔන්නොහේ කොටලා දානවා.
දැනට දින කිහිපෙකට උඩදි ලස්සන හොලිවුඩ් චිත්‍රපටියක් බලන්ඩ හම්බ උනා. ඒ චිත්‍රපටියේ නම තමයි The Gorge කියලා කියන්නේ. මේ චිත්‍රපටියේ එන කතාව පොඩිපහේ ආදර කතාවක් උනත් සාමාන්‍ය ආදර කතාවක් වගේ දෙයක් නෙමේ. නිකන් අමුතු කොන්සෙප්ට් එකක් හන්දා අහම්බෙන් හම්බවෙන දෙන්නෙක් අතරේ සිදුවෙන ආදර කතාවක්.
මම කතාව ගැන වැඩි යමක් නන් කියන්ඩ යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසයට බාධා වෙන්ඩ ඉඩ තියෙයි. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු වෙන්නේ නෑයි කියලා හිතෙන තරමේ රසවත් කතාවක්.
ආන්යා ටේලර් තමයි ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්නේ. නළුවගේ නම නම් එච්චර හුරු පුරුදු එකක් නෙමේ.
මේ චිත්‍රපටිය 2025 අවුරුද්දේ තමයි තිරගත වෙලා තියෙන්නේ.
එහෙනම් ඔයාලත් ඉඩ තියෙන වෙලාවක මේ චිත්‍රපටිය හොයාගෙන බලන්ඩ.
ජය වේවා !

No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.