01 January 2026

සුබ නව වසරක් වේවා !

 2025 අවුරුද්දත් ගෙවිලා ගිහින් 2026 අවුරුද්දත් උදාවෙලා තියෙන්නේ. ඔයාලා අළුත් අවුරුද්දේ ප්ලෑන් එහෙම සෑහෙන්න හදාගෙන ඇති නෙව. සමහර අය නම් නිව් ඉයර් රෙසලූෂන් කියලා පොතක එහෙම ලියාගෙන ඉන්නවා ඇති.  

එහෙම රෙසලූෂන් තියෙන අයගෙයි, බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගෙයි බලාපොරොත්තු ඉටු වෙන්ඩ කියලා පතනවා මම.

නිවාඩු දවස් ටිකත් ගෙවිලා ගිහින් නිසා ආයෙම ට්‍රැක් එකට වැටිලා එක දිගට දුවන්ඩ තියෙන්නේ එහෙනම්. අළුත් අවුරුද්දට ඉස්කෝලත් ජනවාරි 5 වෙනිදා පටන් ගන්නවා නෙහ්. ඒවටත් ඉතින් සූදානම් වෙන්ඩ එපෑ....

එහෙනම් හැමෝටම ජය වෙන්ඩ කියලා පැතුවා !!


අළුත් අවුරුද්දේ මොනවා හරි අළුත් පෝස්ට් ටිකකින් හම්බ වෙමුකෝ එහෙනම්... 

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.