28 January 2014

දඹදෙණිය මාලිගාගලට ගිය ගමන

මතකනේ මම දඹදෙණිය විජයසුන්දරාරාමය වැදපුදාගෙන පල්ලම් බැස්සේ මාලිගාගල නගින්ඩ කියලා. මුලින්ම මම මාලිගාගල් නැග්ගේ ඉස්කෝලේ හතේ පංතියේ ඉන්නකොට. ඒ නිසා මාලිගාගලට යන පාර ඒ හැටි මතක නෑ.

යාන්තමට මතකයි  කුඹුරක මහනියරක් උඩින් දුවලා ගියා කියලා. කොයික උනත් කමන් නෑ කියලා පන්සලේදි හම්බ උන කෙනෙක්ගෙන් ඇහුවා මාලිගාගලට යන්නේ කොහොමද කියලා. උන්දෑ කියපු විදිහට පාරට බැස්සා.

පාරේ ඇවිදලා ටික දුරක් එනකොට ඈතින් මාලිගාගල පේනවා මෙන්න මේ වාගේ ! ආස්සාවේ බෑ.

ඒත් ගලට නගින තැන තව ඈතයි වගේ. කොයික උනත් කමන් නෑ කියලා පාරේ ඉදිරියටම ගියා. ඒ පාරේ ගිහිං ගිහිං නැවතුනේ තුම්මං හන්දියකිං ! එක පැත්තක් ගාමන්ට් එහෙකට යන පාරක්. අනිත් පැත්ත කොහාට්ටද දන්නෑ. ඒ පැත්ත මේ පැත්ත පොල පොලා ඉන්නකොට කහ පාට බ්ලවුස් එහෙකුයි කළුපාට සායකුයි ඇඳගත්තු අක්කා කෙනෙක් මගෙං ඇහැව්වා කොහාට්ටද යන්ඩ ඕන කියලා. මං කිව්වා මාලිගාගල් යන්ඩ ඉන්නේ කොයි පාරද දන්නේ නෑයි කියලා.


එතකොට ඒ උන්දෑ "මේං මේ පාරේ ටික දුරක් ගියහම හරි. එතන කාරියාලයකුත් තියෙනවා " කියලා. උන්දෑ අත දික් කරලා පෙන්නපු පාරේ ටික දුරක් ගියා. එතකොට මං හොය හොයා උන්නු තැන හම්බ උනා.
එතැන ඉදන් තියෙන්නේ කන්ද නගින්ඩ !
නිවාඩු දවසක් නිසා පුරාවිද්‍යා කාර්යාලයේ කවුරුවත් උන්නේ නෑ. මම කන්ද නගින්ඩ පටං ගත්තා.

ඔය ඉහලින් තියෙන්නේ කන්ද නගින්ඩ තියෙන පඩිපේලිය ! ඒක දිගේ නැගගෙන නැගගෙන ආවා. මිනිස් පුලුටක්වත් උන්නේ නෑ
                                                                                    කන්ද නගින පඩිපෙල්

යාන්තං මනුස්ස පරාණයක් ඉන්නවා....

කන්ද මැදක් නගිනකොට යාන්තන් කොල්ලෝ දෙතුන් දෙනෙක් උන්නා. උන්ට පිං සිද්ධ වෙන්ඩ මයේ පින්තූර කෑලි දෙක තුනකුත් ගත්තා.හැබැයි ඉතිං උං මගේ වතුර බෝතලෙන් සෑහෙන කොටසකට වග කිව්වා. ඒත් කමන් නෑ පින්තූරු ටිකක් ගත්තා නෙහ්.

ඕං ඔය හරියට එනකොට තමයි මම ඒ කාලේ ඉස්කෝලෙන් එනකොට කන්ද ගාවට ආපු පාර දැක්කේ. ඔය පහලින් තියෙන්නේ ඒ පාර !
එතකොටම දැක්ක තව දෙයක් තමා කන්ද නගින්ඩ තව පාරක් තියෙනවාය කියලා.

කන්ද නගින්ඩ තිබ්බ පඩි පෙලේ පටුම තැනක්
ඊටත් පස්සේ තවත් ටික දුරක් කන්ද නගින්ඩ තිබුනා.  ඒ ටිකත් නැගගෙන නැගගෙන එනකොටතමා දඹදෙණිය මාලිගාවේ නටබුන් දැක්කේ. ඔය පහලින් තියෙන්නේ මාලිගේ නටබුන්. මේ දවස්වල මාලිගාවේ කැණීම් කටයුතු කරන බවත් පෙනෙන්ඩ තිබුනා.

 ඊට පස්සේ මම ගියේ බැලුම්ගල බලන්ඩ.මතකද සිරි පැරකුම් චිත්‍රපටියේදි අන්තඃපුරයේ බිසෝවරු පැන්න තැන. එතනට තමයි මම ඊළඟට ගියේ. ශා.. එතන මරු තැනක්. ඔය පහලිං තියෙන්නේ මම බැලුම්ගලට ආපු පාර. ගල් උඩිං පැන පැන තමා එන්ඩ තියෙන්නේ.

බැලුම් ගලට ආවට පස්සේ මම මහන්සියට වාඩිවෙලා උන්නා. ඈතින් තවත් කන්දකුත් පෙනුනා. ඕං එතකොටම වාගේ රිසර්ච් එකක් කරන්ඩ නෝනා කෙනෙක් එයාගේ මහත්තයාත් එක්ක ආවා. එයාගේ මාර්ගෝපදේශකයා ලස්සන ලස්සන ජනප්‍රවාද කතා දෙකතුනකුත් කිව්වා. ඒවා කිව්වේ මටත් ඇහෙන්ඩ.

මේ පහලින් තියෙන්නේ බැලුම්ගල ! ඔය ඈතින් පේන්නේ වඩුවා කෙටූ ගල !
ඔය ඈතින් පේන ගල වඩුවාකෙටු ගල කියලා මම කිව්වා නෙහ්. ඔතන ඒ කාලේ තිබිලා තියෙන්නේ රාජධානියේ හිරගෙයලූ. කන්ද උඩ හිරගේ තිබිලා පහල මුරකාවල් දාලාලු තිබිලා තියෙන්නේ.ඔය හිරගෙදරට නියම උනාලු වඩුවෙක්. උන්දෑ කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා දිව්වාලු.

ඒකලූ වඩුවා කෙටූ ගල කියන්නේ !

කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා ගිය වඩුවා ගියේ ගමකටලූ. "වඩුවා ආව" ගම පස්සේ කාලෙක වඩුවාව උනාලු. තව දෙයක් තමා මේ වඩුවා සෑහෙන ශක්තිමත් කෙනෙක්ලූ. උන්දැට කට්ටියක් එක්කම පොර බදන්ඩ පුලුවන්ලූ. ඒ කියන්නේ මඩුල්ලක් එක්කම පොර බදන්ඩ පුලුවන් ලූ. උන්දෑ මඩුල්ලක් එක්ක පොර බදපු තැන පස්සේ කාලේක පොරමඩුල්ල උනාලු.

ඔය වඩුවට පැනලා යන්ඩ කන්දේ පැත්තකින් පිඳුරු ගෙනත් ගොඩ ගැහුවා කියලා කතාවකුත් තියෙනවාලු. ඒ පිදුරු ගෙනත් තියෙන්නේ පිඳුරුවැල්ල කියලා ගමකින්ලු. නමුත් ඒ කතාව පිලිගන්ඩ සාධක මදියි කියලා තමා ඒ මාර්ගෝපදේශකයා කිව්වේ.

ඔය පඩිපෙල බලන්ඩ තරම් මගේ කැමරාවේ පහසුකම් නෑ.මෙන්න මේ අඩවියේ තියෙනවා ඒ පඩිපෙලේ පින්තූරයක්.

පහලින් තියෙන්නේ වඩුවා කෙටූ ගල මගේ කැමරා ඇසින් ගත්තු පින්තූරේ. මොකෙක් නමුත් එකෙක් ඔය ගලේම සීනුවක් කොටලා සුදු තීන්තෙන්.
ඔය වඩුවා කෙටූ ගලට ඈතින් තියෙනවාලු ඇන්නරුව කියලා ගමක්. එහේ තියෙනවාලු ඇන්නරුව රජමහා විහාරය !

දෙවන පරාක්‍රමබාහු රජ කාළයේදි ලංකාවේ වයඹදිග මුහුදෙන් ඒ කියන්නේ මාතොටින් ආවලු ජාවක චන්ද්‍රභානු කියලා ආක්‍රමණිකයෙක්. ඒ ආක්‍රමණිකයාව ඇනලා මරපු තැන ලු ඔය ඇන්නරුව කියන්නේ. ඇන්න අරුව පස්සේ කාලෙක ඇන්නරුව උනාලු. අද වෙනකොට ඒ හරියේ රජමහා විහාරයක් ඉදිවෙල තියෙනවලු.

මෙන්න මෙතනින් සම්පුර්ණ විස්තරේ කියවන්ඩ !

 ඔය කතන්දර සේරෝම අහගෙන ඊළඟට මම ගියේ රත්මල් පොකුණ බලන්ඩ. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
මාලිගාගලේ වරුවක්ම ගත කරලා පහල යන්ඩ පුලුවන් හැම පාරකම වාගේ ඇවිදලා කන්ද බහිනකොට ඉරත් හැරිලා හතර පැයකුත් ගිහින්. ආයෙම දඹදෙණිය ටවුමට එනකොට හතරාමාරයි. ඊට පස්සේ ආපු කොළඹ බස් එකක නැගලා ගෙදර ආවා !

නියම දවසක් ගත කලා කියන සංතෝශය ඒ සතිය පුරාම තිබුනා... වෙලාවක් ලැබුනොත් ගිහින් බලන්ඩලා !

-------------------------------------------------------------------
ප.ලි. - ඔන්න කට්ටියට පහසු වෙන්ඩත්තෙක්ක පොඩි සිතියම් කෑල්ලකුත් පෝස්ටෙකට ඇමුණුවා. සිතියමේ නිල් පාටිං තියෙන්නේ මම ගියපු පාර !

 ප.ප.ලි. - මේ පෝස්ටෙකත්තෙක්ක තරඟයට පෝස්ට් ලිවිල්ල ඉවර වෙනවා. දැං තියෙන්නේ මට අයිති තෑග්ග ගන්ඩ... ! මගේ පෝස්ට් කියවපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි !

25 comments:

  1. බොහොම වටිනා විස්තරයක්. හොඳ සංචාරක සටහනක්.

    ReplyDelete
  2. නියම විස්තරය මධූ ෆොටෝස් ටිකත් මරු. අපිම එතනට ගියා වගෙයි.

    මේ තරගෙ ඉවර උනේ කොහොමද තව දවස් තුනක් ඉතුරුයිනෙ. හරි දැන් රිසාල්ට් එක කොහොමැයි?

    ReplyDelete
  3. පෝස්ට් හොඳ සංචාරක සටහන්. ස්තූතියි

    ReplyDelete
  4. ලස්සනට විස්තර කොරල තියෙන්නෙ..

    ReplyDelete
  5. ඔය ඉතින් අපේ රාජධානියනේ... ^_^

    අපි හෙට අනිද්දට යනවා වඩුවා කෙටූ ගල නගින්න. තාම නැග්ගේ නැනේ ඉතින් මෙච්චර ලග ඉදලා -_-
    මොකෝ කියන්නේ එනවද? එනවනං මට මැසෙජ් එකක් දාන්න බුකියට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ඔය පිදුරු ගොඩ ගැහුවේ වඩුවාගේ ගෑණු එක්කෙනා. ගල් පඩි පොළවේ ඉදන් අඩි 7කින් නතර වෙනවා. මිනිහා එතන ඉදන් පිදුරු ගොඩට පැනලා බේරිලා ගියාලු. ඕක හෙන ලස්සන කතාව. මම ගල උඩටම නැගලා ඇවිල්ලා කියන්නම්කෝ... ;)

    ReplyDelete
  7. ඔන්න පෝස්ටු දෙකම එක දවසේ කියෙව්වා ... පින්තූරත් එකතු කරලා තියෙන නිසා සම්පූර්ණ, හුඟක් වටින සංචාරක සටහනක්..

    ReplyDelete
  8. අඩේ පට්ට පටට... තනියෙමද ගියේ... මාර බුවෙක්නේ...

    ReplyDelete
  9. ඔය තියෙන්නේ හරියට ජැක්සන් කරපු ගඟ දිගේ වැඩසටහන වගේ

    ReplyDelete
  10. Wicharaka Asami Dakimi Soyami :
    ස්තූතියි විචාරකයෝ.. !

    Chathuranga Priyashad :
    තරඟකාරිට වඩා මම පෝස්ට් 8ක් දාලා තියෙන්නේ.. ඒ නිසා තව දවස් තුනක් යනකොට එයා පෝස්ට් 9ක් දැම්මේ නැත්තං පරාදයි.. :)

    Pra Jay :
    ස්තූතියි ප්‍රා ජේ !

    රජ වීදියේ උමේෂ් :
    ඒකනේ... වෙලාවක සෙට් වෙමු කොහේ හරි ට්‍රිප් එකක් යන්ඩ !

    ReplyDelete
  11. MR. KING :
    ඔන්න මැසේජ් එකක් දැම්මා.. මාව දාලා එහෙම යන්ඩ එපෝ... !

    තුශානි :
    කියවලා කමෙන්ට් කලාට ස්තූතියි.. !

    ගාලු කොල්ලා :
    තනියම තමා ගියේ.. ආයේ ඉතිං වෙන කවුද එන්නෙ.. :)
    මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා ගාලු කොල්ලව !

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    දේශපාලනයේදි රාජ පස්ස කඩේ යෑමයි.. බොරු නෑදෑකම් දැමිල්ලයි ඇරුනම මම ආස කරන මනුස්සයෙක් තමා ජැක්සන් ඇන්තනී කියන්නේ :)

    ReplyDelete
  12. හරිම වටිනා විස්තරයක්..."මාළිගාව" ගැන තව ටිකක් පොටෝ/විස්තර තිබුනනම් හරි අගෙයි.

    @රජා... ඈ බං අඩි 7ක් බිමට පනින්න බැරි මිනිහ කව්ද බං..?

    ReplyDelete
  13. නියම ගමන් ටිකක් නේ, ඉරිසියාවෙ බෑ මට

    ReplyDelete
  14. වීපොකුරෙ වීයා :
    ඒ සේරම දේවල් සයුරි අක්කට ඉතුරු කරලා තියෙන්නේ.. ෆොටෝ නං දැම්මේ නෑ. එතකොට ලෝඩ් වෙන්ඩ පමා වෙනවනේ. මෙතනත් ෆොටෝ 10කට වඩා වැඩියි.

    හරී - පිණිපළස :
    අපි අලගල්ලේ කන්ද නගිනවා.. එනවද ඔයත් ? :)
    ලංකාවට ආපු දාක අපි ඔක්කොම ට්‍රිප් එකක් යම්මු !

    ReplyDelete
  15. මලයගේ විස්තරේ දැකලා ඕං මාත් අද තකහනියෙම ගෙහුන් ආවා... :D

    ReplyDelete
  16. මාරයාගේ හෝරාව :
    වඩුවා කෙටූ ගල් නැග්ගා ද ? ශා මරුනේ !
    දවසක එහේ යන්ඩ ඉන්නේ.. අර මැද්දේපොල පන්සලත් ගලක් උඩ තියෙන්නේ ඒකත් නගින්ඩ කියලා හිතන් ඉන්නවා. ඒක නං තියෙන්නේ ගිරිඋල්ලෙමයි ! :)

    ReplyDelete
  17. නැහැ මල්ලි.. මාළිගා ගලට විතරයි... ඒක නැගලා බහිනකොට හොඳ පණ ගිහින්.. ආයේ මොන වඩුවා කෙටිල්ලක්ද..? :D

    ReplyDelete
  18. බොහොම වටිනවා විස්තරේ. ඔය මාලිගාවේ ජිවත් වෙච්ච කට්ටිය ගැනත් කියන්නකෝ

    ReplyDelete
  19. මාරයාගේ හෝරාව :
    එහෙනං වෙන වෙලාවක යං ! අපි නං පෙබරවාරි 4 වෙනිදට අලගල්ලෙත් යන්ඩ ඉන්නවා...එනවද ? :)

    සයුරි :
    ඒ ගැන කියන්ඩ ඔයාට ඉතුරු කරලා තියෙන්නේ,, පින්තූරු ඕන නං කියන්ඩ දෙන්නම්... මේ ටික නෙමේ.. මේවෑ මගේ අත්සන දාලා නේ තියෙන්නේ. ඔරිමජිනල් ටික දෙන්නං !

    ReplyDelete
  20. අඩේ බෝම ස්තුතියි...ඉල්ලන්නන්කෝ ඕන උනාම

    ReplyDelete
  21. ලස්සන විස්තරයක් මිත්‍රයා...ඡායාරූප වලින් පේනවා සෑහෙන ඉතිහාසයක් තියෙන බවක්...

    ReplyDelete
  22. මලයගෙ සංචාරක සටහන් අමුතුවෙන් කියන්න දෙයක් නෑ පිංතූරවලින්ම විස්තර කරලා.. ඉඳහිටල මෙහෙමෙ තැනකට ගියොත් ලියන්න. මමත් දඹදෙනිය ටවුම පහුකරගෙන නිතර එහෙමෙහෙ ගියාට තාම බැරි වුනානේ ඔතෙන්ට යන්න

    ReplyDelete
  23. ලංකාවට ආවම ඇවිදින්න යන්න කියාපු තැන ,,,මසුරන් වටින විස්තරයක් අයියේ

    ReplyDelete
  24. සයුරි :
    අනිවාර්යෙන්ම... !

    සිරාගෙ කාමරේ :
    ඔවු.. ලංකාවට ආපු වෙලාවක ස්කූටරෙන්ම ගිහින් බලන්ඩ.

    දයානන්ද රත්නායක :
    එහෙනම් නිවාඩු වෙලාවක ගෙදර කටියත් එක්ක ගිහින් බලන්ඩ. වරුවක් ගත කරලා එන්ඩ කියාපුම තැනක්.

    ශානු :
    ලංකාවට ආපු වෙලාවක ගිහින් එන්න. ලස්සන ප්ලේස් එකක් !

    ReplyDelete
  25. //මොකෙක් නමුත් එකෙක් ඔය ගලේම සීනුවක් කොටලා සුදු තීන්තෙන්//

    :D .....//

    මුලින් හිනා ගියත් පස්සේ දුක හිතුණා.. අපේ උරුමය නොහදුනන කරුමක්කාරයෝ ගැන.... :(

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.