ඒකට ගොඩක් වෙලාවට උදව් වෙන්නේ අපේ මලයා.. !
මොකද බ්‍රහස්පතින්දා දවසට මම වැඩ නේ. මම නිවාඩුවේ උන්නු දවසක අම්මත්තෙක්ක පොළේ ගියා. පොළේ ඇවිදලා ඇවිදලා එළවලු ජාති ගොඩක් ගත්තා. ඕං ඔහොම ඇවිදින කොට මං දැක්කා එක වෙළෙන්දියක් ගාව කෙකටියා මල් විකුණන්ඩ තියෙනවා.
ශා මරු.... !
කොහොමහරි අම්මට පෙරැත්ත කරලා කෙකටියා මල් මිටියක්ම ගත්තා. මම පළවෙනි වතාවටම කෙකටියා මල් ව්‍යාංජනයක් කෑවේ පේරාදෙණියේ ඉන්නකොට.. අප්පේ ඒවෑ රහා.. මේ දැනුත් මතක් වෙනවා. කෙකටියා මල් ගත්තට මොකෝ අපේ අම්මා එවුවා උපන්තේකට උයලා නෑ.
උයන විදිහ අහගත්තෙත් ඒ වෙළෙන්දියගෙන්මයි.
කෙකටියා මල් මිටිය බිත්තියට හේත්තු කරලා ෆොටෝ ගත්තා.
සරලව කියනවා නං මෙහෙමයි උයන්නේ,
කෙකටියා කියන්නේ වතුරේ හැදෙන ජාතියක් හන්දා මඩ ගතිය පිලී ගතිය එහෙම ටිකක් තියෙනවා. ඒ ගතිය යන්ඩත්තෙක්ක කෙකටියා මිටිය අඟලේ කෑලි වලට කපලා මැටිකෝප්පෙකට දාලා උනු වතුර ටිකක් දාලා තියන්ඩ.ටික වෙලාවකට පස්සේ වතුර බේරලා අරගෙන පැත්තකින් තියාගන්ඩ.
තාච්චියක් ලිප තියලා තෙල් ටිකකුත් දාලා ඒකට ලූනු, අවු මිරිස්, රම්පේ කරපිංචා, උලුහාල් ටිකකුත් දාලා රන්වන් පාට වෙනකන් බැදගන්ඩ ඕන. ඒකටම කුරුඳු පොතු කෑල්ලකුයි....එතනින් ගියහම පොඩිවට තලා ගත්තු උම්මලඩක කෑල්ලකුයි දාන්ඩ ඕන..
ඊට පස්සේ තමා කපා ගත්තු කෙකටියා මල් ටික දාන්නේ. කෙකටියා දැම්මට පස්සේ කහ කුඩු මිරිස් කුඩු ලුනුයි තුනපහ කුඩු ටිහිකුයි අවශ්‍ය පදමට දාන්ඩ ඕන. කෙකටියා ටික මැලවුනාට පස්සේ මිටිකිරි ටිකක් (අඬු කෝප්පෙකින් බාගයක් විතර) දාලා ඒක හිඳුනට පස්සේ ලිපෙන් බාගන්ඩ...
ඔහොම තමා කෙකටිය තෙලට හදන්නේ... බිත්තරයකුත් කඩලා දැම්මා නං තවත් ගති... !
කෙකටිය උයපු දවසේ මගේ දවල් කෑම මෙනුව උනේ අඹ මාළුවයි පරිප්පුයි උයලා කෙකටිය තෙල් දැමිල්ලයි එක්ක කන්ඩ. ආහ්.. තව වේලිච්ච මිරිස් කරල් දෙකතුනකුත් බදින්ඩ ඕන.
ඔය ටික ඉව්වට පස්සේ රස්නේ පිටිං කෙහෙල් කොලේක බත් බෙදලා ටික වෙලාවක් තියලා කන්ඩ ගත්තේ... මාර රහයි !
" ලොකු එකෝ උබටත් තියෙන්නේ දොළදුක් ගෑනුන්ට තියෙන ආසාවල් නෙහ් ! " කියලා කියන ගමන් තමයි අපේ අම්මා කෙහෙල් කොලේට බත් බෙදුවේ.ආයේ ඉතිං දොළදුක් ගෑනුන්ට විතරයෑ මේ ජාතියේ කෑමට ආස හිතෙන්නේ.
කෙකටියා තෙල් දාලා කාලා නැත්තං කෙකටියා මල් ටිකක් හම්බ වෙච්ච වෙලාවකට හදලා බලන්ඩ. මං මෙහෙම කිව්වට කාපු නැති අය නං නැතුවත් ඇති.
කෙකටියා මල් ව්‍යාංජනය හදන තව තවත් ක්‍රම ඇති. දැනගන්ඩත්තෙක්ක පහලින් කමෙන්ට් කරන්ඩලා...
//ලොකු එකෝ උබටත් තියෙන්නේ දොළදුක් ගෑනුන්ට තියෙන ආසාවල් නෙහ් // :D
ReplyDeleteමියනදළු මාළුවත් ඔය වගේමයි.තෙල් ටිකක් දාලා අරන් ඉඳිආප්ප හරි සුදු හාල් බත් එක්ක හරි ගත්ත නම් පට්ට...
ReplyDeleteකාලා බලනවා තියා මල දැක්කෙත් අදමයි. හි…
ReplyDeleteහොයා ගන්න බලන්න ඕන ට්‍රයි එකක් දාලා. කෙහෙල් කොලේ, නෙළුම් කොලේ බත් කන්න නම් මාත් ආසයි.
උඹට හරියන්නේ තණකොල් මල් මැල්ලුමක්.. හැක් හැක්
ReplyDeleteකා නෑ!
ReplyDeleteකාලා නැති කෑම ගැන දමන පොස්ට් හෙලා දකිමි
ReplyDeleteමේ කෙකටිය හොයන ගමන්... :D
ReplyDeleteඊ ලග සතියේ පොළේ යනකොට කෙකටියා මිටියක් අරන් තැපෑලට දෑම්ම නම් මටත් රස බලන්න පුළුවන්...... :O කෙහෙල් කොලේ බත් නම් කියාඅ වැඩක් නෑ අපි ලංකාවෙන් එන ගොඩක් වෙලාවට අම්මා කෙහෙල් කොලේ බත් දෙකක් බැදලා දෙනවා....(හැබැයි ඉතින් පැය 9යෙන් කෙලින්ම ලංකාවේ ඉදන් මෙහෙට පාත් කොරන ගුවන් බස් එක්ක ගත්තොත් විතරයි)
ReplyDeleteමොණර සිතැත්තී ( මොණරි ) :
ReplyDeleteහික්ස් :)
Amila Prabath Samarakkodi :
මියන දළු ???
කාලා නෑ නේ.
Chathuranga Priyashad :
අපට නෙළුම් කොළ ලැබෙන්නේ කලාතුරකින් නෙහ්.. :(
දේශක යා :
ReplyDeleteහාකෝ... තියෙන විදිහකට බෙදාගෙන දෙන්නම කමු එහෙනං. :)
රාජ් :
හා ඈ..
යක්ෂයා :
ආයි දාන්නේ නෑ.
Podi Kumarihami :
ReplyDeleteහෑ..... බැඳලා පෝය පහ හයක් ගත වෙන්ඩත් කලියෙන්ම දරු සුරතල් බලන්ඩ හිතුන එක ගැන සතුටුයි.. :)
ශානු :
ශා.... පෑ නමේකින් මෙහේ ඉදන් ඉතාලිත් යන්ඩ පුලුවං. අපට කොළඹ ඉදලා බදුල්ලට රේල්ලුවේ යන්ඩ පෑ දොලහක්ම යනවා :O
මාත් තාම කලා නෑ කෙකටියා මල් වැංජනේ. අපේ අම්මටත් කියන්න ඕනේ. වැඩේ කියන්නේ මේක ලිවුව විදියට කෙළ ඉනුවා සැක්.... මේ දවල්ට කලා අවා විතරයි අෆ්ෆා. :)
ReplyDeleteකෑම වට්ටෝරුව දැක්ක ආයෙමත් දොලදුක් හැදෙනවනෙ බොලව් :)
ReplyDeleteකාල නං නෑ හැබැයි ලියල තියන විදියට රස ඇති කියල හිතෙනව.
සිහින මදාරා :
ReplyDeleteමං "ඒ කාලෙට" මේ වාගේ රහ කෑම ජාති ගොඩක් අම්මට කියලා හදෝගෙන ඔය ගොල්ලෝ බලන්ඩ එන්නං. ආහ්... අඹ අච්චාරුත් ගේන්නම්. :)
සිඟිති :
හික්ස්.. මේ පාර පුතු පැටියෙක් !
ඒක නෙමේ. මට නැවුගල පන්සල් යන්ඩ ආසයි. ඒත් බස් එකකින් ගිහින් බහින තැන දන්නේ නෑ.. කොහේට කියලද ටිකට් ගන්ඩ ඕන ?
හදපු විදිහට තමයි කෙකටිය මල් රසම, කෙකටිය අල හොයාගෙන කාල බලන්ඩ ඒකත් නියමයි, හැබැයි තම්බන්න පැය දෙකක්වත් යනව.
ReplyDeleteමෙයත් ඉතින් දොලදුක හැදුණු ගෑනු අය වගේමයි. :D :D
ReplyDeleteබඳින කල් බන්දන්ට හදනවා. බැන්දට පස්සේ ලමයි හදන කල් බලන් ඉන්නවා. දැන්ම බෑ අය්යෝ. බෑ කීවොත් බෑමයි. තව හනිමූන් හත අටක් කාරිය ගියාට පස්සේ බලමු. :))
ඊ මෙව්වා කනවද?
ReplyDeleteකම්මල :
ReplyDeleteකෙකටියා අල ???
මීගලෑවේ ගිය වෙලේක හොයලා බලන්ඩ ඕන.
Podi Kumarihami :
කවුද ළමයි හදනකන් බලන් උන්නේ. ඔයාමනේ මේ ටිකේ දොළදුක් කෑම හොය හොයා දුවන්නේ.. :)
කපිකේකි :
කාලෙකින්... ඔවු මෙව්වා කනවා. කාලා නැද්ද ? නෑ වාගේ
කෙකටියා මල් මාත් කාලා නෑ...
ReplyDeleteකෑමට තිබුණු දේවල් ටික ඇහුවහම ආපහු බඩගිනි වුනා....
ගමේ කෙලවරේ කැලෑවේ තියෙන පොකුණේ නම් ඕන තරම් කෙකටිය මල් පිපුනත් මේ වෙනකල් කෙකටිය උයල කාල නෑ කියල මතක් උනේ දැන් නේ. අපහු ගිය ගමන් කඩාගෙන එන්න ඕන ටිකක්
ReplyDeleteකෙකටියා මල් කියන්නේ ගුණවත් කෑමක්.ඒ වුනාට ගංගා ඇලදොල පිරී ඉතිරී ගංවතුර එන කාලෙදි නම් කන්න නම් එපා.ඕනම නම් ඩෙටොල් දාලා හෝදලා උයන්න ගන්න.ඕක වැවෙන තැන් දැක්කොත් කන්න හිතෙන්නේවත් නෑ.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමැල්ලුම්
ReplyDeleteපොල් කිරි නොදා තෙම්පරාදුව
මිටි කිරි,පහේ පමණක් දමා වැංජනය
මෙහෙ පොලෙත් ඔන තරම් තියෙන්නෙ කාල නම් නෑ
ReplyDeleteදොලදුක් කෑම :)
ReplyDeleteමම මේ මල් දන්නෙ නෑ නේ. මම කෙකටියා කියලා හිතගෙන හිටියේ අර වතුරේ තියෙන කහන්න වෙන ගස් වර්ගයකට. ඒවායේ මලක් දැකල නෑනේ මම. මම හිතන්නේ මම කියන එක නෙමෙයි මේ. මම ඉස්සර කොරවක්කෝ අල්ලන්න ගිහින් ඒවා ගැවිලා රතු පාට වෙලාත් තියෙනවා අන්තිමට ගොඩාක් අමාරු වුනා.
ReplyDeleteමම මියන දළු නම් කාලා තියෙනවා. ඉංගිරිය පාරෙන් රත්නපුරෙ යනකොට කිරි ඇල්ලේ විකුණන්න තියෙනවා දැකල එම ළඟ කාලෙක කොළඹ ගෙනත් කෑවාත් එක්ක. ඊයෙත් යාළුවෙක් ඒ පාරේ යනවා කීවම අපි කතා වුනා ඒක. උන් මට හිනාවෙන්නේ උඹ නොකාපු කෑම අපිවත් දන්නේ නෑ කියලා. මේකේ ගහත් පින්තූරයක් අරන් දැම්මෝත් අපිටත් ආව කාලෙක හොයාගෙන කන්න පුළුවන් වෙයි.
නැව්ගල යන්න නං ගලිගමුවට කියල ටිකට් අරගන්න. නුවර පැත්තෙ ඉදන් ගියොත් හැබැයි ගලිගමුව ටවුන් එකට කලින් හෝල්ට් එකෙන් බහින්න ඕන. ඩ්‍රයිවර් මහත්තයට කියන්න ගලිගමුව ටවුන් එකට කලින් හෝල්ට් එකෙන් බස්සන්න කියල. කොලඹ පැත්තෙ ඉදන් යනව නං ගලිගමුවට පස්සෙ හෝල්ට් එක. නැව්ගල එනව නං අපේ ගෙවල් පැත්තෙත් ආවැකිනෙ. හූවක දුර (හූව හැබැයි ලොතරැයි වෑන් එකක ඉදන් කියන්න ඕන) :)
ReplyDeleteතාම කෙල්ලට මාසයක්වත් නෑනෙ මලයා. ඒක නිසා දැම්ම දොලදුක් හදාගෙන කොහොමද? හැබැයි ඊළග පාර පුතු පැටියෙක් තමයි.
මමත් කාලා නෑ තාම කෙකටියා මල්.කාලා බලන්න ඕනේ...කෑම ගැන ඔහොමත් රස කර කර කියනවද මම අහන්නේ. දොලදුක් හැදෙන එක අහන්නත් දෙයක්ද :P :D
ReplyDeleteතුශානි :
ReplyDeleteබලාගෙන ගියහම කට්ටිය කවුරුත් කාලා නෑ වාගේ.
chaminda wickramasinghe :
එක දවසක් හදාගෙන කාලා බලන්ඩකෝ.
ඒක නෙමේ චමින්දගේ බ්ලොග් අඩවිය මොකද්ද ? මම ඒක හෙව්වා. හම්බ උනේ නෑ. :(
Anonymous :
අන්න ඒක තමා ප්‍රශ්නේ. නැත්නම් අවුලක් නෑ.
pini :
ReplyDeleteමේ ක්‍රමෙත් උත්සහ කරලා බලන්ඩ කියන්ඩ ඕන.
නදී :
එක දවසක් හදලා බලන්ඩ. සමහරවිට ඔයත් ආස වෙයි.
Il mondo di una povera pazza :
ලොකු ගහක් කියලා නෑ. මෙහෙම කූරක් වගේ තමා මල් එන්නේ. කොළයත් හීනි දිග කොළයක් තියෙන පොඩි පඳුරක්. ඕලු නෙලුම් වාගේ.
මියන දළු නම් කාල නෑ රංගි. ආස හිතුනා ඒ ජාතියත් කාලා බලන්ඩ.
සිඟිති :
බොහොම ස්තූතියි අක්කා තොරතුරු වලට. මම නැවුගල පන්සාලට යන පාර දැකලා තියෙනවා. ඒ උනාට ගිහින් නෑ. වට්ටාරමේ, පින්නවල වගේ නම් ගිහින් තියෙනවා.
වෙලාවක ඔයාලෑ දිහෑත් එන්නම්කෝ. !
විහිලුවක් කලේ හලෝ. දැන්මම පුතෙක් ගැන හිතන්ඩ ඕන නෑ. දුවට අවුරුදු දෙකක්වත් වෙනවක් ඉන්ඩ එපෑ. :)
ප්‍රාර්ථනා :
හික්ස් :)
ඔයාත් කාල නෑ එහෙනං. වෙලාවක හදවගෙන බලන්ඩකෝ.
අවංකවම මමත් කාලා නෑ.. කන්න වෙයිද මන්දා කියලා හිතුනා අර උඩ තියෙන කෙමෙන්ට් එකක් දැකලා.. හෙහ්..
ReplyDeleteDinesh :
ReplyDeleteමදාරාගේ කමෙන්ට් එක දැකලද ? සිඟිති අක්කගේ කමෙන්ට් එක දැකලද ?
මධු මේ කමෙන්ට්බොක්ස් සිස්ටම් එක වෙනස් කරහං. ඒකෙන් සංවාදයක් ඇති වෙන එකට ලොකු බාධාවක් තියෙනවා..
ReplyDeletehttp://pinthorawick.blogspot.com/ මෙන්න මේක. ඇවිත් බලන්නකෝ
ReplyDelete