හුඟ දවසකින් බණ කතාවක් ලියැවුනේ නැති නිසා අද බණ කතාවක් ලියන්ඩ කියලයි බලාපොරොත්තු වෙන්නේ. ලියනවා නං ලියන්ඩ බණ කතා අටෝරාසියක් තියෙනවා. පුලු පුලුවන් විදිහට මාසෙකට එක ගානේවත් ලියන්ඩ ඕනෑ..
මේක මේ කාළයකට උඩදි අහපු බණ කතාවක්. ඒ බණ කතාවේ නම තමා ටයිටලේට දාලා තියෙන්නේ.
හරි එහෙනං අහගම්මු !
මුලිංම කියන්ඩ ඕන මේක අපේ ගෞතම බුද්ධ රාජ්‍යය කාලේ සිද්ධ වෙච්ච කතාවක් නෙමේ. මේ කතාව සිද්ධ උනේ දීපංකර බුදුන්ගේ කාළයේදි.
මීට බොහෝ කාළයකට උඩදී දීපංකර බුදුහාමුදුරුවෝ මී අඹ ගහක් යට භාවනායෝගිව වැඩ උන්නා. උන්නාන්සේ භාවනායෝගිව හිටියට උන්නාන්සේට දානවේල් ගණනාවක් ලැබුනේ නෑ. නිරාහාරව තමා භාවනා කලේ.. ඔන්න එක දවසක් උන්නාන්සේ භාවනා කරපු මී අඹ ගහේ අඹයක් කන්න ලේනියක් ආවා.
මේ ලේනිය මී අඹයක් දැකලා ඒ අඹය හිමි හිමිහිට කන්න පටන් ගත්තා. ලේනිය මී අඹය බරු ගහනකොට ඒ මී අඹයෙන් පැණි වෑස්සෙන්ඩ පටන් ගත්තා.මේ වෑස්සෙන පැණි වලින් අපේ දීපංකර බුදු හාමුදුරුවෝ සිය කුස ගින්න නිවාගත්තා. ඒ විතරක් නෙමේ උන්නාන්නේ ප්‍රාර්ථනාවකුත් කළා 'මගේ කුසගින්න නිවපු මේ ලේනියගේ ඊලඟ භවය, මනුස්ස ආත්ම භවයක් වේවා' යි කියලා.
කාළයක් ගතවෙනකොට මේ ලේනිය මියෑදෙනවා.
දීපංකර බුදු හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව නිසා මේ ලේනිය සිටු පවුලක සිටු දියණියක්ව උපදිනවා. සිටු දෙමව්පියන් අළුත උපන් මේ සිටු දියණියට නම තබන්න බමුණන්ව සිටු මැදුරට ගෙන්වනවා. බමුණන් මේ සිටු දියණිය දිහා බලලා සිටු දියනියට "ඉති" කියලා නමක් යෝජනා කරනවා.
ඒ වගේම මේ බමුණෝ සිටු දියණිය ගන අනාවැකියක් පවසනවා. ඒ අනාවැකිය තමා මේ දියණිය පිණට දහමට කැපවෙන කෙනෙක් වෙනවා ය. ඒත් කවදාහරි මේ දියණිය රටින් පිටවෙලා යන්න සිද්ධ වෙනවාය කියන එක. රටින් පිටවෙලා යනවාය කියන අනාවැකිය නිසා සිටු දෙමාපියන්ගේ හිත් වල දුකකුත් හට ගන්නවා.
කොහොමින් කොහොමහරි කල් ගතවෙනකොට මේ සිටු දියණිය රූප සම්පත්තියෙන් අගතැන්පත් සිටු දියණියක් වෙනවා. දුටු දුටුවන් සිත් පැහැරගන්න රූප සම්පත්තියක් තමයි මේ සිටු දියණියට තියෙන්නේ.
මේ සිටු දියණිය රූප සම්පත්තියෙන් අගතැන්පත් කෙනෙක් වාගේම දානමාන කටයුතු වලටත් බොහොම කැමති කෙනෙක්. දුගී මගි සියළු දෙනාව තමන්ගේ සිටු මැදුරට ගෙන්වලා දාන දෙන්නත් මේ ඉති කුමාරි මැලිවෙන්නේ නෑ.
ඒ වගේම මේ ඉති කුමාරිය අබ තෙල් හින්දවලා ඒ තෙල් හිමිනමක් සිටු මැදුරට වැඩියහම පූජා කරනවා.
ඔන්න දවසක් මේ සිටු මැදුරට දීපංකර බුදු හාමුදුරුවන්ගේ සිසු සාමණේර නමක් වඩිනවා. මේ සිටු කුමාරිය උන්නාන්සේටත් අබතෙල් පූජා කරලා උන්නාන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රශ්නයක් අහනවා.
ඒ ප්‍රශ්නය තමයි,
"මං මේ විදිහට වෙහෙර විහාර ආලෝකමත් කරන්න අබ තෙල් පූජා කලහම මට අත්වෙන පින කුමක්ද ? " කියලා.
ඉති කුමාරියගේ ප්‍රශ්නයට මේ සාමණේරයන් වහන්සේ ලඟ උත්තරයක් තිබුනේ නෑ. ඉතිං මේ සාමණේරයන් වහන්සේ,
"නැගණිය, ඔබගේ ප්‍රශ්නයට දෙන්න මා ලඟ පිලිතුරක් නෑ. මම අපේ දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් අහල ඔබට පිලිතුරක් දෙන්නම්." කියලා ඉති කුමාරියට කියනවා.
පස්සේ දවසක ඉති කුමාරියගේ ප්‍රශ්නයට පිලිතුරක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මේ සාමණේරයන් වහන්සේ ආපසු වෙහෙරට වඩිනවා.
ඊළඟට මොකද උනේ කියලා දැනගන්න නං ඊලඟ ලිපිය වෙනකන් ඉන්ඩ වෙනවා.
-මතු සබැඳි -
----------------------------------------------------------------------
ප.ලි. - ලිපිය දිග වැඩි උන නිසා දෙකට කඩන්න සිද්ධ උනා. ඉක්මනින්ම ඒ ලිපිය දෙන්නම්. :)
ප.ප.ලි. - මේ කතාව අහපු අයත් ඇති..
ප.ප.ප.ලි. - කතාවේ දෙවෙනි කොටස කියවන්න මෙතන ක්ලික් කරන්න.
මහන්සි නොබල ඉතිරි ටිකත් ලිව්ව නම් මක් වෙනවද ආ? ළඟදි මුකුත් පෙත්තක් වත් බිව්වද, මේ ටිකේම එක දිගටම පෝස්ට් දාන්නෙ?
ReplyDeleteහරි කිව්ව හරි. එකපාර මැරුවනං ඉවරයි බං...
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්... බලමු ඉතුරු ටික. කතාව අහල නෑ.
ReplyDeleteඋඹ පොස්ට් කීයක් ලියලා තියාගෙන ඉන්නවද කියපං මෙහෙම පබ්ලිෂ් කරන්නේ...? මොන මගුලකටද බං මේක දෙකට කැඩුවේ.?
ReplyDeleteබණ කතා දන්න ධාර්මික ළමයෙක්නේ... කතාව ඔක්කොම ලිව්වේ නැති එක තමයි වැරදි :(
ReplyDeleteහරී - පිණිපළස :
ReplyDeleteලියලා තියෙන්නේ.. ඔක්කොම එකට ඇමුණුවේ නෑ.. එතකොට පෝස්ට් එක දිග වෙනවා..
පෙති ගැහැව්වේ නෑ.. නදී අක්කත්තෙක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඒකයි
දේශක යා :
ටික ටික මරනකොටනේ ගතිය තියෙන්නේ.. !
කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ඉක්මනටම දෙන්නම් කතාව. චුට්ටක් ඉන්ඩකෝ.
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
15ක් ලියලා තියෙනවා. එකින් එක එලියට දානවා. කතාව දිග නිසයි මෙහෙම කැඩුවේ !
niroshini :
ධාර්මික ළමයෙක් නෙමේ... මම ආසයි කතන්දර කියවන්ඩ අහන්ඩ. ඒ නිසයි මෙහෙම එව්වා මතක තියාගෙන ඉන්නේ.
කවදාවත් අහලා තිබ්බේ නෑනේ. 'සාධු..සාධු' කියන්ටත් හිතුණා...:)
ReplyDeleteඔයා කතාව කියාගෙන යන හැටි ලස්සණයි. මැදදි නවත්තපු එක තමා හොඳ නැත්තේ...:(
මේ කතාව නම් කලින් අහලා නෑ... ඉතුරු කොටසත් ඉක්මනින් ලියන්නකො එහෙනම්..
ReplyDeleteඔහොම කොටස් වශයෙන් ලිපි දාන්න ඔට්ටු නැ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමන් අහන්නේ ඔහොම මගින් නවත්තලා යන එක හොදද?ඉක්මනින් ඉතිරි කොටසත් දාන්න
ReplyDeleteඅකුරක දෝෂයක් නිසා ඉහල කොමන්ටුව අයින් කලා ඕංංංං.....
එහෙනම් ඉතිරිය එනකම් බලාගෙන ඉන්න වෙනව...මෙයත් දැන් සෙල්ලම පටන් අරගෙන වගේ..මතු සම්බන්ධයි..!
ReplyDeleteකාලෙකට කලින් අහපු කතාවක්....
ReplyDeleteඉතුරු ටිකත් දාන්න. මේක අහලා නෑ මම
ReplyDeleteඅහලා නෑනේ මේ කතාව.. මැදින් කැඩුව එකනේ තියෙන අවුල..
ReplyDeletePodi Kumarihami :
ReplyDeleteදිග වැඩිවෙන නිසයි මැද්දෙන් කැඩුවේ... ඇත්තටම මැද්දෙංම නෙමේ 1/3ක් වෙන විදිහට කඩන්න උනා.
තුශානි :
හරි... ඔන්න ඉතුරු කොටස දැම්මා.. තව එක කෑල්ලක් තියෙනෝ. ඒකත් කියවමු.
S. L. මැලේ රාළ :
නෑ නෑ නෑ
ආයේ එහෙම කරන්නේ නෑ !
ශානු :
ReplyDeleteඅපරාදේ දෙපාරක් ලියන්ඩ මහන්සි උනේ.. එහෙම්ම තියෙන්ඩ අරින්ඩ තිබ්බා,
හරි එහෙනං.. ඉතුරු කොටසත් කියවන්ඩ එන්න !
රජ වීදියේ උමේෂ් :
නෑ නෑ නෑ..
මේ ටික විතරයි කඩන්න උනේ. කඩන ලිපි ලියන එක මගේ සිරිතක් නෙමේ.
Amila Prabath Samarakkodi :
ඒකනේ...
අන්තිමේදි මට ප්‍රශ්නයකුත් මතු උනා...
යක්ෂයා :
ReplyDeleteබලාගෙන ගියහම ගොඩ දෙනෙක් මේ කතාව අහලා නෑ වාගේ.
Dinesh :
මැදිං කැඩුවේ නැත්තං පත මාගලක් වෙනවා නෙහ්. එතකොට කියවන්ඩත් අප්‍රසන්නේ බෑ,,,
දෙක බලලා එන්නම්...
ReplyDeleteonna meyath mathu sambandai kathaa danna patan aragena. mona unath hoda wedak
ReplyDeleteඊලඟ කොටසට..
ReplyDeleteSilentSahan :
ReplyDeleteහා බලලා එන්නකෝ !
සයුරි :
කතව දිග වැඩි නිසයි කැඩුවේ !
සමී :
මතු සම්බන්ධයි !