එහෙනං චිත්‍ර ටික බලලා ඉම්මු.
චිත්‍ර බලන්ඩ නම් විහාර ගෙට යන්ඩ ඕන. ඒකට යන්ඩ තියෙන්නේ සිංහ කටක් ඇතුලෙන්.ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ සිංහ කට.
පිළිම ගෙයි ඉදිරිපස දර්ශනය
සිංහ කට ඇතුලෙන් විහාරගෙට ගියහම ඉස්ස ඉස්සෙල්ලහම දකින්න තියෙන්නේ මෙන්න මේ පිළිම ටික.මේ පිළිම වලින් කතාවක් කියැවෙනවා. ඒ රේවතී ප්‍රේත වස්තුව !
කතාව කෙටියෙන් මෙහෙමයි.
මේ ඉන්නේ රේවතී කියල ඉස්සර බරණැස් නුවර හිටපු ගෑනු කෙනෙක්. මෙයා බැඳලා හිටයේ නන්දික කියල උපාසක කෙනෙකුට. ඒ උපාසකය ගොඩක් පිනට ලැදි, දාන මාන ගොඩක් දුන්න එක්කෙනෙක්. ඒ උනාට එයාගේ භාර්යාව ඒ වැඩේට කැමති උනේ නැහැ. එයා දැක්කේ ඒක මහා නාස්තියක් විදිහට. ඉතින් එයා ඒක හින්ද භික්ෂුන් වහන්සේලාට පරිබ්‍රව කරා, මේ ශ්‍රමනයන් නිසා මට සැප විඳින්න තියන ධනය නාස්ති වෙනවා කියල.
නන්දික උපාසකය මිය ගියාට පස්සේ, මේ රේවතී කියන ගෑනු කෙනාට නන්දික උපාසකයාගේ සේරම ධනය උරුම උනා. ඒ උනත් නන්දික උපාසකයා නොකඩවා කරගෙන ආපු දාන මාන කිසිදෙයක් මෙයා ඒ ධනයෙන් කරේ නැහැ. එවෙනුවට එයා භික්ෂුන් වහන්සේලාට පරිබ්‍රව කරමින් කාලෙ ගෙව්වා. ඒ කරපු පව් වලට පන පිටින්ම සංසවක නම් අපායට ඇදගෙන යන එක ඔය නිරූපනය කරන්නේ.
ඒ අපායට ඇදගෙන යන ගමනෙදි දකිනවා ලස්සන දිව්‍ය විමානයක්. රේවතී අහනවා ඒ මොකක්ද කියලා. යමපල්ලෝ කියනවා නන්දක දිව්‍ය පුත්‍රයාගේ විමානය කියලා. එතකොට රේවතී කියනවා ඒ මගේ හිටපු ස්වාමියා, ඒ නිසා ඒ විමානයට මටත් යන්නෝන කියලා. ඒ වුණාට යමපල්ලෝ කියනවා ඒ බැඳීම් දැන් වැඩක් නැහැ, කල කර්ම වලට විපාක විඳින්න ඕන කියලා සංසවක කියන නිරයට ඇදගෙන යනවා..
ඔය කතාව කියලා දුන්න රුචිර අයියාටයි ලහිරුටයි පින් !
ඊට පස්සේ ඇතුල් වෙන්ඩ තියෙන්නේ බුදු ගෙට. එතන සත් සතිය එහෙමත් තිබුනා.
සත් සතිය
ඒ ටිකත් බලාගෙන ඊලඟට ඇතුලු වෙච්ච කුටියේ තිබ්බේ ධර්මය අහන්ඩ දෙවිවරු වඩින දර්ශනයක්. ඒක චිත්‍රයක් නෙමේ. පිළිම ගොඩක් තිබ්බේ.
ධර්මය ශ්‍රවණය කිරීමට වැඩිය දෙවිවරු
ඒත් එක්කම තිබ්බා රාහුල පොඩි කුමාරයාට දායාදය දෙන්ඩ ගන ගමන ඇතුලත් පිලිම ටිකක්.
රාහුල කුමාරයාට දායාදය දීමට රැගෙන යාම
ඊට පස්සේ තිබ්බ කුටියේ තිබ්බේ සම්බුද්ධ පරිනිර්වාණය.. බුදු හාමුදුරුවන්ගේ දෙපා කිට්ටුව ඇන තියාගෙන ඉන්න හාමුදුරුවෝ ඇත්ත කෙනෙක් කියලයි මං මුලින්ම හිතුවේ. ලඟට ගියාමයි දැක්කේ ඒ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක් කියලා.
සම්බුද්ධ පරිනිර්වාණය
මේ තියෙන්නේ ඒ කුටියේ වහලේ ඇඳලා තිබ්බ චිත්‍රයෙන් කොටසක්.
වහලේ තිබ්බ චිත්‍රයක්
සම්බුද්ධ පරිණිර්වාණය බැලුවට පස්සේ ඒ කුටියෙන් එලියට ආවා. ඊට පස්සේ දැක්ක සිත්තර ටික තමා පහලින් තියෙන්නේ.
පහලින් තියෙන චිත්‍රේ මොකද්ද කියලා නං දන්නේ නෑ.. ආලවක දමනයද මන්දා.. :O
පල්ලෙහා පින්තූරේ තියෙන්නේ සිළුමිණි සෑය. ඒක තව්තිසා දිව්‍යලෝකයේ තියෙන සෑයක් කියලා දන්නවත් ඇති නෙහ්.. අර සිංදුවකත් තියෙන්නේ "සිළුමිණි සෑය වඳිමු රම්‍ය තව්තිසා භවනේ..." කියලා.
සිදුහත් උපත තමයි පහල චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ.
සිදුහත් උපත
පල්ලෙහා සිත්තරෙන් කියවෙන්නේ සිදුහත් කුමාරයා ගිහිගෙය හැර යාම. ඔය බෝඩ් එකත් ගහලා තියෙන්නේ.
ගිහිගෙය හැර යාම
පහල සිත්තරෙන් කියවෙන්නේ සිදුහත් කුමරුගේ පැවදි වීම. ඔය පැත්තකින් ඉන්නේ කණ්ඨක අස්සයා එහෙම..
සිදුහත් කුමරුගේ පැවදි වීම
මහින්දාගමය නිරූපණය වෙන පිළිම ටික තමා පහලින් තියෙන්නේ.
මහින්දාගමය
තව ච්ත්‍ර ටිකක් තියෙනවා. අයියෝ රුපියල් පහ කියලා හිතෙන නිසා පෝස්ට් එකට දාන්නේ නෑ. එහෙනම් චිත්‍ර බලලා මේ සති අන්තයේ සිත පහන් කරගන්ඩ !
-----------------------------------------------------
ප.ලි. - මම මගේ අත්සන ෆොටෝෂොප් වලින් ඇඳගත්තා. දැං දිගට හරහට ෆොටෝ වලට මගේ අත්සන දැම්මෑකි.. හික්ස් :)
ලස්සන තැනක් වගේ....
ReplyDeleteවටිනා තොරතුරැ. මම හැසදාමත් කියනවා වගේ අපි නොඳැකපු කොච්චර ලස්සන තැන් අපේ ලංකාවේ ඇතුලෙම තියෙනවද? චිත්‍ර දැක්කම මට ඉසුරැමුණි විහාරගේ, දඹුල්ල, ජේතවනාරාම විහාරගේ වැනි ස්ථාන සිහිවුනා. උඹට පිං! සෙනසුරාදා උදේම ඇහැ ගැහුනේ පහන් සිත් උපදවාගත හැකි පෝස්ටුවක්. අද තමයි මට වෙලාවක් ආවේ සතියෙම ඒවා බලන්න. උඹේ එකෙන් පටං ගත්තේ.
ReplyDeleteනියමයි ..අපිත් ගෙදර ඉද්දි නිතර යන පන්සල... තොරතුරුත් එක්ක ලියපු එක ගොඩක් ව්ටිනවා
ReplyDeleteඒයි උඹ කොහොමද පොටෝ ගැහුවේ අඟුරුකාරමුල්ල පන්සල ඇතුලේ පොටෝ ගහන්න දෙන්නේ නෑනේ ..?
ReplyDeleteඇත්තටම පන්සලනම් හරිම ලස්සනයි මධූ.
ReplyDeleteආනන්ද හාමුදුරුවන්ගෙ පිළිමෙ නම් ඇත්තම හාමුදුරු නමක් කියලා රැවටෙනවා නේන්නම්. ඒකනම් අමුතුම අදහස් තියෙන කෙනෙක්ගෙ අදහසක් වගේ.
අර මොකෑ රේවතී ට අනින්නෙ අපායෙදි නරක වැඩ කරල නිසාද
ReplyDeleteනුවර යුගයේ චිත්‍ර සහ මූර්ති සම්ප්‍රදාය බව පෙනෙනවා. තවමත් හොඳින් සංරක්ෂණය වී තිබෙන බවත් පෙනෙනවා. මා හිතන්නේ 18 වැනි සියවසේ අග භාගයේදී හෝ 19 වැනි සියවසේ මුල් භාගයෙදේ අඳින ලද චිත්‍ර වියහැකියි.
ReplyDeleteApe paththeth awith yanna http://slnawakatha.blogspot.com
ReplyDeleteඅපිත් එක්ක බෙදා ගත්තට බොට ස්තුතියි...
ReplyDeleteපන්සල අපිට කිට්ටු වුනාට තාම ගිහින් නැහැ..දැන්නම් යන්නම ඕනෙ මධුරංග..
ReplyDeleteඔන්න බලන්න අපේ මිනිස්සුන්ගෙ හැටි. මම හිත හිත ඉන්නව ටජ් මහල්, පිරමිඩ්, අයිෆල්, බලන්න යන්න ඕනා කියල ක්. ඒත් විනාඩි 20ක දුරකින් තියෙන මේ පන්සලට ගිහින් නෑනෙ
ReplyDeleteහරිම ලස්සනට නිර්මාණය කරපු පන්සලක්. අපේ රටේ කොච්චර දක්ෂ කලා ශිල්පියේ ඉන්නවද කියන එකත තවත් හොඳ සාක්ෂියක්..
ReplyDeleteමමත් සතියකට දෙතුන් වතාවක් යනව මේ පන්සල ඉස්සරහින් ඒත් කවදාවත්ම ඇතුළට ගිහින් නැහැනෙ. ඔතන පන්සල් දෙකක් තියෙනවා නේද පුංචි පන්සල සහ මහ පන්සල කියලා. මටහිතේනෙ ඔය මහ පන්සල වෙන්න ඇති.
ReplyDeleteඅන්තිමට මධුරංග හිමිත් ඔය පන්සලේ නවතීද??
ReplyDeleteඇයි මන්දා දිගට ම බණ කතා කියන්නේ ...))) (උපහාසයක් හෙම නෙමේ.)
ReplyDeleteවිස්තරත් එක්කම පින්තූර දාපු එක හොදයි අයියේ..
ReplyDeleteAmila Prabath Samarakkodi :
ReplyDeleteහ්ම්ම්.. ලස්සන තැනක් තමා
Chandana Gunasekera :
ඒ ඒ තැන්වලත් යන්ඩ ඕන.. ඒත් ඉතිං තනියම යන්ඩ කම්මැලියි.
අපූර්වී :
ඔයා මීගමුවෙද ඉන්නේ... ශා.. මීගමු කෙල්ලෙක් !
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
හෑ... මම ගැහැව්වා නේ.. එක්කෝ කවුරුත් උන්නේ නෑ.. එක්කෝ දැන් ෆොටෝ ගහන්ඩ ඉඩ දෙනවා.
Chathuranga Priyashad :
ReplyDeleteඒකනේ මාත් රැවටුනා. මේ වගේ ලස්සන ලස්සන තැන් වල යන්ඩත් ආසයි, මගේ ඊලඟ ප්ලෑන් එක සීගිරි දඹුලු යන්ඩ.
නදී :
ඔහොම ඇන ඇන තමා අපායට එක්ක යන්නේ.
Wicharaka Asami Dakimi Soyami :
අනිවාර්යෙන්ම.. ඒ වගේ කාලයේ ඇඳපු චිත්‍ර වෙන්න ඕන.
SriLankan Novels :
හා.. වෙලාවක එන්නම්.
සිරාගෙ කාමරේ :
ReplyDeleteලංකාවට ආපු කාලෙක සෙට් වෙලා කොහේ හරි ට්‍රිප් එකක් යමු ඈ.
රජ වීදියේ උමේෂ් :
එහෙනං වෙලාවක යමු. ඒක නෙමේ. පොලොන්නරු දිඹුලාගල පැත්තේ යන්ඩ එහෙම අයිඩියා එකක් නැද්ද. වෙලාවක සෙට් වෙලා යමු.
සිඳු :
අම්මෝ .... සෑහෙන කාලෙකින් මේ දොස්තර නෝනව දැක්කේ. මේ ටිකේ වැඩ අඩු ඇති නෙහ්.. ඔවු ඔවු ඔවු.. ඔයාලට ගොඩක් ළඟයිනේ. ගිහින් එන්ඩ දෙන්නත්තෙක්කම.
තුශානි :
ඒක නේන්නම්.. ඔයිට වඩා කොච්චර දක්ෂ මිනිස්සු ඉදලා තියෙනවද... කළු ගල් වලින් පිළිම නෙළපු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු නෙව.
දයානන්ද රත්නායක :
ReplyDeleteපන්සල් දෙකක් ගැන නම් දන්නේ නෑ අයියා. වෙලාවක ගිහින් බලන්ඩකෝ.
දේශක යා :
අපෝ නෑ.. මම නැවතුනොත් නවතින්නේ ගමේ පන්සලෙන්.
කුරුටු ගෑ ගී පොතේ දිලිනි :
එහෙම කියලා විශේෂයක් නෑ දරුවෝ... හම්බෙන හම්බෙන විදිහට තමා පෝස්ට් ලියන්නේ. කොහොමත් මාසෙකට එක බණ කතාවක්වත් ලියන්ඩ ඉන්නවා. බලමුකෝ.
උපහාසයක් කියලා හිතුවේ නෑ. ඔයාලට කැමති ඕනම දෙයක් අහන්ඩ නිදහස තියෙනවා.
Dinesh :
ඒකනේ.. මොකෑ අර ලියන්නේ නෑ කියලා හිතං ඉන්නේ ??
ගිහිගෙය හැර යාම ගැන අපේ පන්සල් වලත් පොත්වලත් පෙන්නන කතාව කොයිතරම් වැරදිද කියල දැනගන්න සූත්‍ර දේශනා කියවන්න ඕනෙ.. සිදුහත් කුමාරය ගිහිගෙය හැර ගියේ සියල්ල්න්ම දැනුවත්වයි.. ඒ ගැන බුදුන්වහන්සේම සූත්‍රවල කතාකරල තියෙනවා. මමත් ඔපය පන්සලට එක වතාවක් ගියා ..හරිම අපූරුයි..
ReplyDeleteසරත් ලංකාප්‍රිය :
ReplyDeleteඅම්මෝ සෑහෙන කාලෙකින්... සූත්‍ර දේශනාව කියවලා බලන්ඩ ඕන.. මම ගොඩක් තැන් වල අහලා තියෙන්නේ කාටත් හොරෙන්ම ගියා කියලා. බලාගෙන ගියහම අපි වැරදියි නෙව. :(
lassana thnak aiye. nidahas velawaka gihin balannama watina thanak.
ReplyDelete