ගිය සතියේ තමා ඒ අවස්ථාව උදා උනේ !
අපේ කන්තෝරුවේ මලයෙක් එක්ක තමයි ගමනට සෙට් උනේ. අපේ එකාට මේ ටිකේ විභාග නෙහ්. මගේ ගමන් සගයා වෙච්ච මේ මලයා බස් එකට නැගලා,
"අයියේ, මම සීටීබි බස් එකකට නැග්ගේ. ඔයා වත්තලිං එල්ලෙන්ඩ. බස් එකේ අංකය NA 3061 !" කියලා කෝල් එකක් දුන්නා.මාත් වත්තල බස් නැවතුමට වෙලා බලාගෙන උන්නා ඔය කියන බස් එකේ එල්ලෙන්ඩ. ඊට ටික වෙලාවකට පස්සේ බස් එක ආවා. අපි දෙන්නා පැයකට විතර පස්සේ මීගමුවේ ඉස්පිරිතාලේ නැවතුමෙන් බැහැගත්තා.
බැහැපු හැටියෙම බඩගිනියි !
පන්සල ගාවටම ගිහින් ඒ ලඟ තිබ්බ කඩේකින් උදේ කෑම ගත්තා. කට්ටම කට්ට චූටි නංගි කෙනෙක් උන්නු කඩයක් ඒක. කෑම වල බිල ගෙවලා ඊට පස්සේ පන්සල පැත්තට ආවා.
ඔය පහලින් තියෙන්නේ පන්සලේ නාම පුවරුව !
පන්සලේ නාම පුවරුව
අඟුරුකාරමුල්ල පන්සල කියලා කිව්වට ඔය පන්සලේ හරිම නම "බෝධිරාජාරාම මහා විහාරය" !
පන්සලේ ඉදිරිපස දර්ශනයක්
හිඳි බුදු පිළිම වහන්සේ
බුදු ගෙයි ඇතුලත දර්ශනයක්
චෛත්‍යය වටා ඉදිකර ඇති වටදාගෙය
වටදාගෙයි ඇතුලත ඇති චෛත්‍යය රාජයා
පන්සල බලාගෙන ඊලඟට අපි මීගමු-පුත්තලම් පාරට ඇවිත් මීගමු බස් නැවතුම්පොලට යන බස් එකක එල්ලුනා. බස් නැවතුම්පොලෙන් බැහැලා කලපුව පැත්තට පයින් ගියා. ඒ වෙනකොට උදේ මාළු අල්ලන්ඩ ගියපු බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිබුනා.අපි කලපුවේ ටික වෙලාවක් ගත කරලා යන්ඩ අමතක කලේ නෑ.
කලපුවෙන් පිටත්වන බෝට්ටු
කලපුවේ දර්ශනයක්
කළපුවේ ටික වේලාවක් ගත කරපු අපි ඊළඟට ගියේ මීගමුවේ ඕලන්ද බලකොටුව පැත්තට. පහලින් තියෙන්නේ ඕලන්ද බලකොටුවේ රූපයක්. ඒක දැන් මීගමුව බන්ධනාගාරය විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා ඇතුලට යන්ඩ අවසර නෑ. !
ඕලන්ද බලකොටුව
ඕලන්ද බලකොටුව ගාව ලස්සන පල්ලියකුත් තියෙනවා. ඒක පිටරටවල් වල තියෙන පල්ලි වල හැඩේට හදලා තියෙන පල්ලියක් !
ඕලන්ද බලකොටුව ලඟ තිබුනු පල්ලිය
පල්ලියත් බලාගෙන අපි ඊළඟට ගියේ පොළ පැත්තට.එතන ටික වෙලාවක් ඉදලා අපි මූදට ගියා. මූද කිට්ටුව කරෝල වාඩියකුත් තිබ්බා. ඒ අව්ව නං කරෝල වේලන්ඩම හොඳා.. මහ කට්ට අව්වක් !
කවුද ඩෝ ෆොටෝ ගහන්නේ !
මේ සේරම බලාගෙන අපි ඊළඟට ගියේ මූදේ නාන්ඩ. කලපුව පන්නලා මූදේ නෑවා ඇස් රතු වෙනකන්ම. නලා ඉවර වෙලා ගොඩට ඇවිත් ටික වෙලාවක් යනකොට ඇඟේ ලුනුත් මිදිලා. මූදේ නාපු අපි ඊළඟට කඩයක් අල්ලගෙන දවාලට බත් කෑවා. බත් කාලා ටික වෙලාවකින් ගෙවල් බලා පිටත් උනා. !
මගේ ගමන් සගයා එහෙම්ම ගෙදර ගියා. මම පුරුදු විදිහට මීගමුවෙන් කොළඹ එන කෝච්චියට ආවා. කෝච්චියෙන් එඩේරමුල්ල ස්ටේෂමෙන් බැහැ ගත්තා.
අපේ ගමේ ස්ටේශම
එඩේරමුල්ල තමා මගේ ගමනේ අවසානය ! ඔහොම තමා එදා සති අන්තය ගෙවුනේ.
මට නම් කොහෙ හරි යන්ට ගොඩක් ප්ලෑන් කරන්ට ඕනි. දෙන්නෙක් එක්ක මෙහෙම කතා කරගෙන , බස් එකේ එල්ලිලා ගිහින් ඕනි තැන් බලාගෙන, කැමති තැන්වලින් කාල, මූදේ ඇතිවෙනකල් නාලා එන්ට පුලුවන් එක කොච්චර හොඳද කියලා හිතුනා කතාව කියෙව්වාම...:)
ReplyDeleteෆොටෝස් දැක්කා මූණු පොතේ. කෝ අර යකාගේ කටේ එක?
අර කඩේ නංගි 'කට්ටම කට්ට' කීවේ ඇයි?
ගමනක් යන්න ගොඩාක් අය හිටියාම විනෝදෙ වැඩි උණාට ටික දෙනෙක් ඉද්දි ගමන පිළිවෙලයි
ReplyDeleteඔහොම ගමන් යත්දිත් පොඩි ෆන් එකක් තියෙනවා නේද??
ReplyDeleteඅනෙ හප්පේ ඇයි දෙයියනේ අර කඩේ කෙල්ලට කට්ටයි කිවුවෙ? වැඩියෙන් බිල දැම්මද?
බලකොටුවේ සහ පල්ලියේ ඓතිහාසික තොරතුරු ඒ පැත්තේ කෙනෙකුගෙන් අහලා දැම්මනම් ලිපිය තවත් වටිනවා.
ReplyDeleteවාසනාවට තමා මෙහෙම චෑන්ස් උදා වෙන්නේ..
ReplyDeleteපොඩ්ඩක් ඒත්තුකාල හරියටත් ඔලුව දාන්න එපැයි,,හොටෙල් සයිඩ් එක නේ මීගමුවේ හොදම හරිය,,නාන්නත් මරු,සුදු අක්කලත් ඉන්නවා
ReplyDeleteපන්සලේ නම නම් අදම තමා ඇහුවේ...
ReplyDeleteදැක්කනේද කලාඇස.... නැත්තම් අපිටත් පේන්න එපැයි ඕවා. කීපාරක් කම් මීගමු ගිහින් තියෙනවද....මීගමුවෙ ඉන්න එකෙක්ගෙන් ඇහුවත් උෘ අහයි එහෙම එකක් තියෙනවද කියල
ReplyDeleteඔය පැත්තෙ මිනිස්සු බස් වල එල්ලෙනවද :) අපි නම් බස් වලට නගිනව. ඇයි අර කට්ටම කට්ට නන්ගි කෙනෙක් කීවෙ
ReplyDeleteකඩෙත් අල්ලගන කාල තියෙන්නෙ පව් :)
ReplyDeleteඑක දවසට ගොඩක් තැන් වල රවුම් ගහල තියෙන්නෙ..
ReplyDeleteබොලා එඩේරමුල්ලෙද පදිංචිය...ගම්පහ ගම්පහ කියනකොට මම හිතුවෙ ගම්පහ නගරය කිට්ටුව ඉන්න කෙනෙක් කියලා මම වගේ....ඔය පන්සලට මමත් පුංචිම කාලෙ වතාවක් ගියා...එදායින් පස්සෙ තවම ගිහිල්ලා නෑ...මීගමුව කලපුවේ නම් වතාවක් ඔරු පැද්දා...
ReplyDeleteපන්සල ගැන මම නම් ඇහුවෙත් අදමයි ඔන්න..
ReplyDeleteලස්සන් තැනක් මමත් ගිහින් තියෙනවා.. පෝසුව කියෙව්වහම ආපහු යන්න හිතුනා ...
ReplyDeleteඅඟුරුකාරමුල්ලේ පන්සල ගැන අසා තිබුනත් එහි හරි නම දැනගත්තේ අදයි. මලේ ඔය ඉසව්වේම නේද රුක්මනී දේවි කෞතුකාගාරයත් තියෙන්නේ?
ReplyDeleteපොඩ්ඩි :
ReplyDeleteකට්ටියක් එක්ක යනකොට ඕක තමා අවුල.. ප්ලෑන් කරන්ඩ ඕන ගොඩක් දේවල්. ඒ අතින් බලාගෙන ගියහම මෙහෙම යන එක ලේසියි. ඇයි ට්‍රිප් එකට දිනයක් දාගන්ඩත් අමාරුයි. එකෙක්ට පුලුවන් දවස අනෙක් එවුන්ට බෑ. අනෙක් එවුන්ට පුලුවන් දවස තව එවුන්ට බෑ.. එපා වෙනව අප්පා
යක්ෂයා :
ගොඩ දෙනෙක් හොයාගන්ඩ නැති උනහම මෙහෙම තමා යන්ඩ වෙන්නේ. :)
Chathuranga Priyashad :
ඒ කෙල්ල කට්ටයි නේන්නං. එයාගේ ටිප් එකත් බිලටම සෙට් කරලා ගාන කිව්වේ. :)
Wicharaka Asami Dakimi Soyami :
ඒ ටික නං හොයාගන්ඩ බැරි උනා විචාරක තුමෝ. නැත්නම් ඒ දේවල් නොදා ඉන්නේ නෑ.
දේශක යා :
ReplyDeleteඒක තමා.. :)
ItalyDilan :
කොහෙද ඉතින් මගේ ගමන් සගයා මීගමුවේ උනාට ඒ කොහේවත් ගිහින් තිබ්බ එකෙක් නෙමේ.
Amila Prabath Samarakkodi :
ඔන්න දැන් දන්නවා නෙහ්. ආයේ එහෙම මීගමුව පැත්තේ යන්ඩ ලැබුනොත් ගිහින් එන්ඩ ඈ.
වැව් ඉස්මත්ත :
ඒකනේ ඒකනේ.. ඔන්න ආයේ මීගමු ගිය වෙලාවක් අහු උනොත් ගිහින් එන්ඩ ඈ. :)
නදී :
ReplyDeleteඅපි බස් අල්ලනවා. එල්ලෙනවා !
කට්ට නංගි කෙනෙක් නේන්නම්.. :)
කපීකේකි :
දුප්... යන්ඩ !
රජ වීදියේ උමේෂ් :
ඔවු.. පොඩි රවුමක් දැම්මා..
සිරාගෙ කාමරේ :
මීගමු කළපුවේ ඔරු පදින්ඩත් ආසයි. ආයේ වතාවක ගිහින් එන්ඩ ඕන. :)
Dinesh :
ReplyDeleteලංකාවට ආපු දවසක යන්ඩ ලිස්ට් එකට දාගමු එහෙනං. ඔය පුත්තලම් දිහෑ යන වෙලේක මීගමුවෙන් හරවලා පොඩ්ඩක් ඔලුව දාලා යන්ඩ පුලුවන් නෙහ්. :)
තුශානි :
ශා.. ඔයත් ගිහින් තියේද.. මරුනේ :)
නිකං :
ඒක නං දන්නේ නෑ සහෝදරයා. දැනගෙන උන්නා නං ගිහින් එන්ඩත් තිබුනා.
මීගමුවේ කරදිය නාන්න හොදතැන් කිහිපයක් තියෙනවා. එකක් “මෝරවල“. තව පෝරුතොට සතුටු උයනත් හොදතැනක්. එතන ජීවිතාරක්ෂකයොත් ඉන්නවා, සෝදාගන්න මිරිදියත් තියෙනවා අවශ්‍ය නම්.
ReplyDeleteමම නම් මීගමු ගියොත් නොවැරදීම තෝසේ කනවා. මොකද වව්නියාවටත් වඩා රස තෝසේ තියෙන තැනක් තමයි මීගමුව.