මතකයිනේ අපි දෙගොල්ලෝ කලිං දවසක බිත්තරේ කඩන්න ඕන පැත්ත වෙනුවෙං මරාගත්තා කියලා. ඒ ප්රශ්නය දවස් කීපයකින් විසද ගත්තා !
ඒ එදා නේ... අද බිත්තරේ ගැන කතාවට මුල් උනේ ඉංග්‍රීසියේ එන යෙදුමක් නිසා. ඒ යෙදුම තමා,
"can't make an omelette without breaking eggs"
"බිත්තරේ නොකඩා ඔම්ලට් තැනිය නොහැක"
ඔය යෙදුමෙන් කියවෙන්නේ දෙයක් ලබා ගන්න නම් දෙයක් නැති කර ගත යුතු ය කියන එක ! යම්කිසි දෙයක් ලබා ගන්න නම් තවත් දෙයක් කැපකල යුතු ය කියන අදහසත් ඕකෙන්ම ගත්තෑකි.
බිත්තර කිව්වහම තමා මතක් උනේ ගං බිත්තර පාං බිත්තර කියලා ජාති දෙකක් තියෙනවා නෙහ්. අපේ පැත්තේ මිනිස්සු ගං බිත්තර ලොකු වෙනවට ආස නෑ. එතකොට ගමේ මිනිස්සු හිතන්නේ පාං බිත්තර, ගං බිත්තර කියලා හොරට විකුණනවයි කියලා. ඒ නිසා කිකිළියන්ට කියන්ඩ ඕන ලොකු බිත්තර දාන්ඩ මහන්සි වෙන්ඩ එපා කියලා.
ඒ උනාට පාං බිත්තර වලට වඩා ගං බිත්තර ලේසියෙන්ම වික්කෑකි. මොකද පාං බිත්තර වලට වඩා ගං බිත්තර ගුණයෙන් වැඩි නිසා මිනිස්සු කීය උනත් දීලා ගන්නවා.
හරි ඒවයිං කාරි නෑ.. කතාවට එමුකෝ. ඔහොම කතාව දිගටම ඇදුනා...
"ඒක නෙමේ බං බැරිද බිත්තරේ කෙලින් අතට තියන්ඩ ? " එකෙක් ඇහුවා...
"බැරි නෑ පුලුවං.."
"ඒ කොහොමද ? බිත්තරේ කෙලින් හිටින්නේ නෑ නේ !"
ඇත්ත තමා. බිත්තරේ කෙලින් හිටවලා බැලන්ස් කරන්ඩ බෑ නේ. බෑ නෙමේ අමාරුයි. මාත් ගෙදරදි උත්සහ කරලා බලලා තියෙනවා. වැඩේ ලේසි නෑ.
"බිත්තරේ ලේසියෙන්ම කෙලින් කරලා බැලන්ස් කරන්ඩ පුලුවං දවසක් තියෙනවා..."
ඌ එහෙම කිව්වහම කට්ටියගේ ඇස් බෝල ටික එලියට පැන්නා... ඒත්තෙක්කම කට්ටියගේ මූනු වල තිබ්බේ ඒ කවදාද කියන ප්‍රශ්නේ. කට්ටිය වෙනුවෙන් ඒ ප්රශ්නය මම ඇහුවා.
"ඒ කවද්ද ?"
ඒ දවසට කියෙන්නේ වසන්ත විෂුවය කියලා.වසන්ත විෂුවය දවසේ විශේෂත්වය තමා එදාට දවල් කාළයේ දිගයි රාත්‍රී කාළයේ දිගයි එක සමානයි ලූ. තවත් විදිහකින් කියනවා නං එදාට අඳුරයි ආලෝකයයි එක සමානයි ලූ.
එදාට අඳුර පෑ දොළහයි රාත්‍රිය පෑ දොළහයි වගේ බැලන්ස් වෙනවා ඇති !
වසන්ත විෂුවය දවසට බිත්තරේ ලේසියන්ම කෙලිං අතට බැලන්ස් කරලා තියන්ඩ පුලුවං ලූ. වසන්ත විෂුවයට ඉංග්‍රීසියෙන් කියන්නේ vernal equinox කියලා.
ඒ දවස යෙදෙන්නේ හැම අවුරුද්දකම මාර්තු 20 වෙනිදට !
එදාට බිත්තරේ ලේසියෙන්ම බැලන්ස් කරන්න පුලුවන් කියලා චීන්නු හිතුවට අපට ඕන් නං මේ නියමය බොරුයි කියලා ඔප්පු කරන්ඩ පුලුවං. ඒකට පලපුරුද්දකුයි ලොකු ඉවසීමකුයි ඕන වෙනවා.
හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් කලොත් බොහොම ලේසියෙන් බිත්තරේ කෙලිං කරලා තියන්ඩ පුලුවං වෙයි.. උත්සහ කරලා බලන්ඩ.. ඉවසීම පුරුදු කරගත්තෑකි. :)
හරි... තේක හදාගෙන ඉවරයි... පුටුවට ගිහිංම බොනවා.
එහෙනං හැමෝටම සුබ දවසක් !
--------------------------------------------------------------------
ප.ලි. - දැං කට්ටිය හිතයි උබලා තේ බොනකොටත් කතා කරන්නේ බර දේවල් කියලා. අපෝ නෑ.. මේ ඉදලා හිටලා කතා වෙන දෙයක් මිසක් හැමදාටම මෙහෙම දේවල් නෑ.
ඔව්ව කරන්ඩ තරම් ඉවසීමක් නෑ. හැබැයි අර වැකිය නම් රටක් වටිනවා!
ReplyDeleteමාර්තු 20 වෙනිදා ට කිකිළි බිත්ත්රයි හොයන ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ// :D
ReplyDeleteඅනේ මචං,ඔච්චර කට්ට කන්න ඕන නෑ,බිත්තරේ ටිකක් තදින් අල්ලලා මේසේ කෙළින් ගහනවා.එතකොට යට පොඩ්ඩක් කැඩිලා බිත්තරේ කෙලින් තියන්න පුළුවන්.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමාර්තු 20 වෙනිදට බලමු එහෙනම්..
ReplyDeleteයකඩෝ කිකිළිද බිත්තරේද ඉස්සෙල්ලා ආවෙ කියන එකට වඩා කේස් එකක්නෙ මේක.
ReplyDeleteද බිත්තර ස්ටොරිස් ^_^
ReplyDeleteකෙලින් කරන්න දේවල් නැතුවටද බන් ඔය බිත්තර කෙලින් කරන්න යන්නේ
ReplyDeleteමාර්තු 20 ට මතක ඇතුව මේක කරලා බලන්න ඕනේ.
ReplyDeleteකුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ReplyDeleteහ්ම්... මාත් ඒ වැකියට ආසයි. ඉවසීම පුරුදු වෙමු නඟා !
මොණර සිතැත්තී ( මොණරි ) :
අද හෙටම ට්‍රයි එකක් දාලා බලන්ඩ මොනරී. මාර්තු වෙනකන් ඉන්නෙපා !
Anonymous :
ඒ වගේ පොඩි හොර වැඩක් කරනවා නං කරන්න ලේසියි. බිත්තරේ පැත්තක් ලුණු වතුරේ තියාගෙන හිටියත් හරි.. :)
එහෙම නැතුව ස්බාවිකව කරන්න අමාරුයි.
තුශානි :
දැම්ම හිටං උත්සහ කරලා බලන්ඩ නඟා !
Chathuranga Priyashad :
ReplyDeleteඒක නං ඇත්ත.. කිකිලිද බිත්තරේද කියන එකේ නූතන සංස්කරණය !
සිහින මදාරා :
යෑස්.. ඉට්z ඕල් අබවුට් ඇන් එග්ස් ! :)
මැලේ රාළ :
වැඩ කරන අතරතුරේ ඕවා කෙලින් කරගත්තොත් හොඳට හිටී... ඔන්නොහේ බිත්තරයක් කෙලින් කොරාගෙන ඉන්නවා :)
Chandana Gunasekera :
අනිවාර්යෙන්ම... කරලා බලන්න. :)
බිත්තර සෙල්ලම කියල එකක් පොඩි කාලෙ කලා දැන් මතක නැහැ නේ.
ReplyDeleteපාං බිත්තර නෙවෙ බං... ෆාම් බිත්තර නේද??
ReplyDeleteකෙලින් හිටින වෙලාවල් තියෙනවා.. හැබැයි බිත්තර නෙවෙ..
කුකුල් බිත්තරයක් දුන්නොත් කෙලින් තියලා පෙන්නනවා...
ReplyDeleteබොන්න ඕන පුරස්නයක් නෙ ඒක..
ReplyDelete@සෑම්..
හයියෝ බං.. :D
බිත්තර කෝපි බීලම හිතන්න ඕන ප්‍රශ්ණයක් නේ මේක...
ReplyDeleteමම හිතන්නේ ගං සහ පාං ඇවිත් තියෙන්නේ ගම් සහ ෆාම් කියන වචන වලින්.
ReplyDeleteමාර්තු 20 බලමු ඈ...
ReplyDeleteමේකෙ රිප්ලයි කරන්න බැරිද බං???
බිත්තරයක් දෙපැත්තෙන් අත් දෙක තියල බාර් 6 ක් පීඩනය කරත් කැඩේන්නෑ..
ReplyDeleteඋඹත් අහන්නෙම බිත්තරේ කෙලින්වෙන ප්‍රශ්නනේ අම්මපා ...හැබැයි ඔය ගං බිත්තර වල ගුණය වැඩියි කියන කතාව නම් බොරුවක් ලු. මම නෙවෙයි පෝෂනවේදියෝ තමයි කියන්නේ
ReplyDeleteබිත්තරේ හිල් කලා නම් හරි. ඔන්න හෙට තේ වෙලාවට හරියන මාතෘකාවක්...:)
ReplyDeleteමම දැකලා තියේ මනුසයෙක් ටීවී, බයික්, ෆ්‍රිජ්, පුටු මේස එක මුල්ලකින් බැලන්ස් කරනවා.. එහෙම කරන එකේ බිත්තරයක් බැලන්ස් කරන්ඩත් බැරි වෙයි කියලා හිතන්න අමාරුයි. අර දවසෙන් බිත්තරේට වෙන බලපෑම මොකක්ද අප්පා..
ReplyDeleteමාර්තු 20 වෙනකම් ඉවසිල්ලක් නැහැ බිත්තරේ හිට්ටවන්න..
ReplyDeleteDinesh :
ReplyDeleteබිත්තර කෝපි වලට නං මං ආස නෑ.. පිළි ගඳ දැනෙනකොට බොන්ඩ හිතෙන් නෑ.
amila chathuranga :
බිත්තරේ හංගන සෙල්ලමක් ද ?
sAm (සෑම්) :
ඔවු ඔවු ඔවු.. පාං නෙමේ ෆාම්.. ගං නෙමේ ගම්.
මම කියන විදිහටනෙහ් ලිව්වේ..
Amila Prabath Samarakkodi :
කුකුල්ලු, බිත්තර දාපු කාලෙක එවන්නම්... :)
Chandana :
ReplyDeleteඅපොයි.. මේවට බොනවා නං වෙන ප්‍රශ්න වලට නාන්ඩ එපෑ.. :)
තිසර :
අන්න හරි තිසර... එහෙම වෙන්ඩ ඕන.
ධනා :
බෑ.. මේකේ රිප්ලයි පහසුකම නෑ.
දේශක යා :
පවුම් පහක බරක් තියන්ඩ පුලුවන් ලූ. :)
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ReplyDeleteපෝෂණවේදියෝ එහෙම කිව්වට මිනිස්සු මම කියපු මතයේ ඉන්න තාක්කල් අපේ බිත්තර වෙළදාමට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. :)
Podi Kumarihami :
බැඳලා අවුරුද්දක්වත් ගියේ නෑ.. බිත්තර හිල් කරන්ඩ කතාව. !
අනේ අනේ පොඩ්ඩි... ! හික්ස් :)
රයිටර් :
ඒ දවසට බලපෑමක් වෙනවයි කියලා හිතනවා විතරයි. එහෙම දෙයක් නෑ කියලයි විද්‍යාඥයෝ කියන්නේ..
රජ වීදියේ උමේෂ් :
අන්න කොල්ලෝ... ජය වේවා කිව්වා එහෙනං ! :)
බිත්තර කෙලින් අතට තියන්න අසුරන හදන අයගෙ රස්සවට වැඩේ දෙන්නයි ඔය හදන්නෙ
ReplyDeleteමටනම් ඔය වගේ සූක්ෂම දේවල් බැහැ එදා ඉඳන්ම මම ට්‍රයි කොරන්නෙත් නැහැ කොරන්න
ReplyDeleteසරත් ලංකාප්‍රිය :
ReplyDeleteඅපෝ නෑ... එහෙම දෙයක් නෙමේ... මේ ජොලියට ලීවේ :)
කෝරලේ මහත්තයා :
හැබැයි ඉතිං සූක්ෂමව කරන දේවලුත් තියෙනවා.. :)