03 October 2013

අපේ තේ වෙලාව

කොම්පීතරයත් එක්ක හරි හරියට ඔට්ටුවෙවී වැඩ කරන මට තේ වෙලාව කියන්නේ සෑහෙන වටින කාලයක් ! වැඩ කරන පැය අටට වඩා තේ වෙලාවට ලැබෙන පැය කාල මට සෑහෙන සතුට ගේන කාලයක්. සමහර දවස්වලට කොයි වෙලේද තේ වෙලාව එන්නේ කියලා බලාගෙන ඉදපු දවසුත් නැතුවම නෙමේ. තේ වෙලාව කියන්නේ හරියට දෙයියන්ගේ අපට ලැබිච්ච තෑග්ගක් වගේ.

මගේ ජීවිතයේ මතක හිටිනම තේ වෙලාව ලැබුනේ මම මුලින්ම වැඩ කරපු ආයතනයේදී. ඒ ආයතනය ගාලු පාර අයිනේ තිබ්බ තැනක්. ඒ ගොඩනැගිල්ලේ උඩටම නැග්ගහම ලස්සනට මුහුද පේනවා. මාත් එක්ක අපේ තුන් හතර දෙනෙක් තේ එක හදාගෙන බිල්ඩිමේ උඩම තට්ටුවට යනවා.උඩ කිව්වේ උඩම තට්ටුව. ඒ කියන්නේ කොංක්‍රීට් ස්ලැබ් එක උඩට !

මූදු හුළං වැදි වැදි ක්‍රොංක්‍රීට් එක උඩ වාඩිවෙලා කතාවකුත් දාගෙන තේ බීපු කාලයක් ඒක ! ඒ නිසාමයි මට ඒ කාලේ හොඳටම මතක ! ඒ දවස්වල තේ එක බීලා ඉවර කරන්න අඩුම තරමේ පෑ බාගයක් යනවා. ඒ වගේ ලස්සන කාලයක් නං ආයේ එන එකක් නෑ මහිතේ.

ඒ තරම්ම නැති උනත් දැන් වැඩ කරන තැන තේ වෙලාවටත් නියමයි. මොකද අපි ඒ වෙලාවට තමා තමන්ට තියෙන ප්‍රශ්න, ආගමික ගැටලු, මතවාද එලියට එන්නේ. ඒ වගේම තමා වත්මන් රජයට විරුද්ධව කැරලි ගහන්නෙත් මේ තේ වෙලාවටයි !

කොච්චර කිරි තේ හදලා තිබ්බත් උනු වතුර පිල්ටරයෙන් ගත්ත වතුර ටිහිකට  තේ කහට බෑග් එක දාලා සීනි හැදි දෙහෙකුත් හලාගෙන බොන තේ එක තරං කිරි තේ මට අල්ලන්නේ නෑ. කහට කෝප්පයත් එක්ක කාගේ හරි උනුසුම් මාතෘකාවකට වාදයකුත් එකතු උනහම ආයේ කියලා වැඩක් නෑ.

සමහරදාට අපේ කතාව මුලින්ම පටන් ගන්නේ බණ්ඩාරනායක මහත්තයා ලංගමය ජනසතු කිරීම ගැන. ඊට පස්සේ කාලයත් එක්කම ලංගමය කඩා වැටිලා පුද්ගලික බස් සේවය ඉස්මතු වීමට ඇවිත් පස්සේ පුද්ගලික බස් නවත්තලා ඒ වෙනුවට ලංගමය නගා සිටුවන්න වැඩ පිලිවෙලක් ගැන කතා වෙනවා.

ලංගමය ගොඩ ගන්නම බෑ බෑ වගේ කියලා හිතුනම  වත්මන් ආණ්ඩුව බලයෙන් පහ කරන්න කතා වෙනවා. ඒකත් බැරිඋනොත් යන තැනකට කරගන්න කියලා  පිං පවු ගැන කතා වෙනවා. ඔය අතර තේ එකත් අතේ තියාගෙනම ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තු දවසුත් නැතුවම නෙමේ.

ඔය වගේ මේ ලඟදි දවසක අපි කතා කලා 2038 අවුරුද්දෙදි අපිට මුනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ගැන. ඒක 2038 අවුරුද්දේ ජනවාරි 19 වෙනිදාට අපිට මූනපාන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් ! ඒ වෙනකොට මම විශ්‍රාම ගන්නත් කිට්ටු කාලේ ! ඒ උනත් ඒක අපට මූන පාන්න වෙන ප්‍රශ්නයක් නිසා ඉදිරියේදි ගන්න ඕන පියවරවල් ගැන කතා වෙනවා.

 කෙටියෙන්ම ප්‍රශ්නය මොකද්ද කියලා කිව්වොත් හරියටම 2038 අවුරුද්දේ ජනවාරි මාසේ 19 වෙනිදාට සමහර මෘදුකාංග ෆේල් වෙනවලූ. ඒකට මූලික හේතුව වෙන්නේ එදාට කොම්පීතරේ වෙලාව තියාගන්න වෙන් වෙලා තියෙන සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඉවර වෙනවලූ.

ඉඩ ඉවර වෙලා ඊලඟ තත්පරේදි ඔරලෝසුව ආයේ අළුතෙන්ම පටන් ගන්නවා ලූ. ඒ නිසා දිනය පටන් ගන්නේ 1900 අවුරුද්දේ ඉදලාලූ. එතකොට 2038 ජනවාරි 20 වෙනුවට එන්නේ 1900 අවුරුද්දේ දිනයක් ලූ. ඔන්න ඕකයි ප්‍රශ්නේ !

කොච්චර බැරෑරුම් ප්‍රශ්නයක්ද නෙහ්... !

9 comments:

  1. මොකද්ද මේ 2038 කතාව? ඇත්ත ද?

    ReplyDelete
  2. ඔවු... ඒ කතාව ඇත්ත !

    2038 වෙනකොට වෙලාව ගබඩා වෙලා තියෙන බිට් 32ම ඉවර වෙනවා. හරියටම 2038 ජන 19 වෙනකොට

    11111111111111111111111111111111 (එකේ ඒවා 32ක්)

    වෙනවා. එතනින් එහාට තව එකක් වැඩි උනහම ඔක්කොම බිංදු වෙනවා.

    0000000000000000000000000000000 (බිංදු 32ක්)

    ඒ කියන්නේ වෙලාව ආයෙම අමුතුවෙන් පටන් අරගෙන කියන එක !

    ඒ කියන්නේ 1900 අවුරුද්දේ ඉදන් කැලැන්ඩරෙ පටන් ගන්නවා කියන එක.

    තේරුනාද මන්දා....

    මෙන්න විකිපීඩියා සබැඳිය බලන්න !
    http://en.wikipedia.org/wiki/Year_2038_problem

    ReplyDelete
  3. තේ බොන වෙලාවට ඔය වගේ දෙයක් කථා බහ කරනවා නම් උඹට ඉන්නෙ හොද යාලුවො ටිකක්නෙ බං...ලංගමය ජනසතු කිරීම...කොච්චර බැරෑරුම් මාතෘකාද හැබෑටම...

    ReplyDelete
  4. මම නං කියන්නෙ ඔයවගේ දේවල් වෙන්නෙ නෑ. මොකද කාලය ගතවෙනවාට වැඩි වේගයකින් ලෝකය ඉස්සරහට යනව. මට මතකයි එක සැරයක් මාරය ලිපියක් දාග තිබුන අනාගතයේ මිනිස්සු පරිණාමය වෙලා "පුක" ලෑල්ලක් වගේ වෙනව කියල. ඒක විද්‍යාත්මකව හරි උනත් ඒ වෙද්දි ඇ‍ෙඟේ ඕනම කොටසක් වෙනම මහත් කරන්න තරම් තාක්ෂණය දියුණු තත්වයක තියේවි.

    උඹල කතා කරන මතෘකා අනුව බැලුවම නං උඔ ඉස්සරහට දේශපාලන පෝස්ට් ලියන්න ඉඩ තියනව. :-)

    ReplyDelete
  5. සෑහෙන බරසාර මාතෘකා නෙව! වෙලා කේස් එකෙන් සොෆ්ට්වෙයා වලට මොනවත් වෙන්න කලින් මොනාහරි කරන්න බැලුවෙ නැද්ද බොලා එකතු වෙලා ? මගේ පැන්සොන් එක 2042 ලු!

    ReplyDelete
  6. සෑහෙන බොන්න ඕන අවුලක් නේ බලාගෙන යද්දී..

    ReplyDelete
  7. සෑහෙන්න බොන්න ඕන නම් තමා හැබැයි තේ.

    ReplyDelete
  8. @කතන්දර කාරයා :
    මකලා හූරු වෙලා.. දැන් දිගට හරහට මකනවා. !

    @සිරාගෙ කාමරේ :
    ඕ.. සෑහෙන බැරෑරුම් මාතෘකාත් කතා වෙනවා ! :)

    @රාජ් :
    අනිවාර්යෙන්ම දේශපාලනික ඒවත් ලියැවෙයි. ඒත් ඉතින් රාජ් මාතලන් වගේ අය ලියන නිසා ඒ පැත්තට නම් එන එකක් නෑ මහිතේ :)

    @ලහිරු :
    කොහොමද දන්නේ ? :)

    @Dinesh :
    හ්ම්..හ්ම්.. බොමු බොමු !

    @ Chathuranga Priyashad :
    හීනියට පොඩි කොටයක් ඇදලා උම්මලකඩ වඩේ කෑල්ලක් කන්න කල්පනාවක් ආවොත් කියහන් ඈ.. සෙට් වෙමු !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.