28 January 2024

පාර්කින් (Parking)

 පහුගිය දවස් ටිකේ එලකිරි එකේ පොඩ්ඩක් එහා මෙහා කැරකිලා බලනකොට කවුද මන්දා කෙනෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බා චිත්‍රපටයක් ගැන. ඒක දමිල චිත්‍රපටියක්.

චිත්‍රපටියේ නම තමයි මේ බ්ලොග් සටහනේ ටයිටලේට දාලා තියෙන්නේ.

චිත්‍රපටයේ නම වගේම තමයි මි කතාව දිවෙන්නේත් පාර්කින් ස්ලොට් එකක් ගැන

එකම පාර්කින් ස්ලොට් එකකට රණ්ඩු කරන පවුල් දෙකක් ගැනයි මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ. කොමඩි චිත්‍රපටියක්ම නෙමෙයි හැබැයි මේක. පොඩ්ඩක් සීරියස් විහිහට දුවන චිත්‍රපටියක්. ඒත් මේ පවුල් දෙකේ මිනිස්සු කරන කියන දේවල් දිහා බලපුවාම නම් හිනා යනවා.

අමුතු ගතියක් තියෙන චිත්‍රපටිය. ඒ වගේම කාළයකට පස්සේ මම බලපු වෙනස් විදිහේ තේමාවක් උඩ දුවන චිත්‍රපටියක් කියලා කිව්වොත් මම වැරදි නෑ. මුලින් මුලින් පොඩියට පටන් ගන්න මේ දෙගොල්ලොන්ගේ හිත් අමනාපකම් පස්සේ පස්සේ සෑහෙන්න උඩු දුවන්න ගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. මෙතනින් එහාට මම චිත්‍රපටිය ගැන මොකුත්ම කියන්නේ නෑ. මොකද එතකොට බලන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට පොඩි අසාධාරණයක් වෙන නිසා.

එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. මම ගියාවේ.

ජය වේවා !

01 January 2024

ඇඟට දැනෙන නව වසරක්

 ලැබුවා වූ නව වසර, කරදර අඩුවෙන වසරක් වේවා කියලා මුලින්ම පතන්නම්.

ඒ උනාට මේ අවුරුද්ද නම් කලින් අවුරුද්දට වඩා මිනිස්සුන්ගේ ඇඟ පතට එහෙම නැත්නම් මුදල් පසුම්බියට දැනෙන අවුරුද්දක් වේවි ය කියලා හිතෙන තරමේ පෙරමඟ සලකුණු 2023 අවුරුද්දේ අග භාගයේදි අපට මාධ්‍යයන් ඔස්සේ අහන්න දකින්න හම්බ උනා නෙව.

ජනවාරි පළවෙනිදා ඉඳලා මිනිස්සුන්ට ලැබෙන්න නියමිත සහන රැසක ඉඟි කලින්ම අපට දීලා තියෙන නිසා ඇස් දෙක නළලේ තියාගෙන සර්ප්‍රයිස් වෙන්න දේකුත් නෑ මම හිතන්නේ.  තෙල් මිල නම් කොහොමත් 360 වෙනකන් යයි. ( මැති ඇමති ඉන්ධන සහනාධාරෙත් ටිකක් වැඩි කරගනීවී )

ඊට අමතරව බස් ගාස්තු, අත්‍යවශ්‍ය ආහාර පාන වල මිල වගේ දේවල් ටිකක් වැඩි වෙන්න ගනීවි. ඒ නිසා ගායිස්, පටි තදකරගෙන හිටියා වගේම බිත්තියට හේත්තු වෙලා ඉන්න තියෙන්නේ.