10 February 2018

සිරිපා කරුණාවේදී අප දකින සුන්දරත්වය

මේ සිරිපා වන්දනා සමයයි. සිරිපා වන්දනා සමයේදී වන්දනාකරුවන් සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන මාර්ග දෙක ඇතුළුව ගමන් මාර්ග 6ක් මේ වන විට භාවිත කරයි. මේ ගමන් මාර්ග 6 කෙටියෙන් සදහන් කලහොත්,

1. හැටන් -  නල්ලතන්නිය මාර්ගය
2. රත්නපුර - පලාබද්දල මාර්ගය
3. කුරුවිට - එරත්න මාර්ගය
4. සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය
5. දැරණියගල උඩමාලිබොඩ මාර්ගය
6. දෙහෙනකන්ද මාර්ගය යනුවෙන් නම් කර හැක. මා ඉහත සදහන් කල පළමුවෙනි හා දෙවෙනි මාර්ග දෙක ප්‍රධාන මාර්ග දෙක වේ.

බොහෝ වන්දනාකරුවන් දෙවෙනි මාර්ගය එනම් හැටන් නල්ලතන්නිය මාර්ගය භාවිතා කරන්නේ ගමන් පහසුව සදහා ය. දැනට බොහෝ වන්දනාකරුවන් අතර හැටන් නල්ලතන්නිය මාර්ගය ජනප්‍රිමය මාර්ගය වන්නේ අඩුම කාළයකදී සිරිපා කරුණා කිරීමට හැකි නිසාවෙනි.

මේ නිසාම මාර්ගය දෙපස කඩවල් රාශියක් දැක ගත හැකි වන්නේ මේ මාර්ගයේ ඇති 'ජනප්‍රිය' බව නිසාම විය යුතු ය. මේ ජනප්‍රිය බව නිසාම සමනල අඩවි පරිසර දූෂණය වැඩියෙන්ම සිදුවන මාර්ගයත් මෙය බව පහන් සංවේගයෙන් යුතුව උවද පැවසිය යුතු ය. විටෙක මේ මාර්ගය වෙලෙන්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇතැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.