10 January 2018

The Prestige නම් වූ චිත්‍රපටිය

ඕනෑම මැජික් එකක කොටස් තුනක් තියෙනවා.

1. The Pledge - මැජික්කරු ඔබට සාමාන්‍ය දෙයක් පෙන්වනවා. ඔබ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා.උදාහරණයක් විදිහට කුරුල්ලෙක්, කාඩ් එකක් හෝ මනුස්සයෙක්.

2. The Turn - ඊට පස්සේ ඔහු ඒ සාමාන්‍ය දෙයින් අසාමාන්‍ය දෙයක් බවට කරනවා. දැන් ඔබ හොයනවා ඒ සාමාන්‍යය දෙයට මොකද උනේ කියලා.නමුත් ඔබට හොයාගන්න බෑ. මොකද ඔබ උවමනාවෙන් බලන්නේ නෑ.

3. The Prestige - සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය දෙයක් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. උදාහරණයක් විදිහට කාඩ් එකක් අතුරුදහන් කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මැජික්කරු එය ආපහු ගෙනවිත් පෙන්විය යුතුය. එවිටයි ඔබ මැජික් එකට අත්පොලසන් ලබා දෙන්නේ.

මගේ ලයිසං ගැනිල්ල

මේකත් මේ ලයිසං කතාවක්ම තමයි.  දැනට මාස තුනකට විතර උඩදි මාත් ලයිසං  ගන්න කියලා ගම්පහ කච්චේරියට ගියා. මට ඕන උනේ සැහැල්ලු වාහන ලයිසං ගන්ඩ නෙමේ  බයිසිකල් ලයිසං ගන්ඩ. සැහැල්ලු වාහන ලයිසං එක් පස්සේ ගන්නවා කියලා හිතලා වැඩේ කල් දැම්මා. ඒ වෙනුවට මම බයිසිකල් ලයිසං ගන්ඩ ඉල්ලුම් කලා.

මම ගියේ ලර්නර්ස් එකක් හරහා නෙමේ. ඒ නිසා මම ලයිසං ගන්න පාවිච්චි කරපු සහ මට කන්න සිද්ධ වෙච්ච කටු ගැන තමයි මේ ලිපියෙන් ලියවෙන්නේ.

ඊට කලින් කියන්ඩ ඕන ලයිසං ගන්න කවුරුහරි හිතාගෙන ඉන්නවා නම් ලර්නර්ස් එකක් හරහාම යන්න. එහෙම නැතුව ලයිසං  ගන්න එක ටිකක් කේස්. මොකද අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ලර්නර්ස් එකකින් කලොත් විතරක් ගොඩ යෑමේ සම්භාවිතාවක් තියෙන විදිහටයි.
ලයිසං ගන්න යන ඕනම කෙනෙක් මුලින්ම කරන්න ඕන මෙඩිකල් රිපෝට් එකක් ගන්න එක. ඒකට රථවාහන දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතුව පිහිටවපු ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ ආයතනයකින් ගන්න මෙඩිකල් විතරයි රථවාහන දෙපාර්තුමේන්තුවෙන් පිලිගන්නේ.

එක දිස්ත්‍රික්කයකට එක ගානේ වගේ මෙඩිකල් ගන්ඩ පුලුවන් රජයේ ආයතන පිහිටවලා තියෙනවා. අන්න ඒ වගේ ආයතනයකින් මෙඩිකල් එකක් ගෙනාවා නම් හරි.